Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩිපුරම Torrent කළ චිත්‍රපට: 2019 පෙබරවාරි

චිත්‍රපට හොර පාරෙන් බාගැනීම බුද්ධිමය දේපළ වලට ඇති වටිනාකම නසාලන දෙයක්. විශාල මුදලක් ආයෝජනය කර සකසන චිත්‍රපටයක් ලොව පුරාම හොරෙන් බාගත කරගැනීම නිර්මාණකරුවාට මහත් පාඩුවක් සිදු කරනවා. ඒ කොහොම නමුත්, චිත්‍රපට රසිකයන් අලුතෙන් චිත්‍රපටයක් ආවාම මුලින්ම ගිහින් ඒක සිනමාහලෙන් නරඹමින් ඒ අපූර්ව අත්දැකීම ලබාගන්නට දෙවරක් සිතන්නේ නැහැ. ගෙදර සිට බලනවාට වඩා මිතුරන් සමග පොප්කෝන් පුරවාගෙන සිනමාහලට යෑම හරිම විනෝද යි.

Torrent හරහා බාගත කරගැනීම පදනම් කරගත් ශ්‍රේණිගත කිරීම අනුව චිත්‍රපට ලැයිස්තුව TorrentFreak වෙබ් අඩවිය ඉදිරිපත් කර තිබෙනවා. එහි තිබෙන හොඳම චිත්‍රපට IMDb rating අගය අනුව අපි මෙලෙස පෙළගස්වනවා.

Bohemian Rhapsody

Rami Malek ප්‍රධාන චරිතය ලෙස (rollingstone.com)

බ්‍රිතාන්‍ය ගායකයෙක් සහ ගීත රචකයෙක් වන ෆ්‍රෙඩී මර්කරිගේ ජීවිත කථාව අලලා දිවෙන මෙම චිත්‍රපටය ඔහුගේ Queen නමැති රොක් සංගීත කණ්ඩායම ගොඩ නැගුණු ආකාරය නිරූපණය කරනවා. ගීතවලින් පිරුණු මෙහි ප්‍රධාන චරිතය Mr. Robot ටෙලිකතා මාලාවේ ප්‍රධාන චරිතය රඟ පෑ Rami Malek විසින් රඟදක්වනවා. ඔහුගේ පෙනුම බෙහෙවින් ෆ්‍රෙඩීට සමාන යි. මෙහි IMDb rating අගය 8.2ක් තරම් ඉහළ යි. චරිතාපදාන හා ගීතමය චිත්‍රපටවලට ප්‍රිය අයට මෙය නිර්දේශ කළ හැකියි.

A Star Is Born

රෝමාන්තික චිත්‍රපටයක් (variety.com)

1937 සිට හතර වරක් නිපැයී ඇති මෙම කතාව එහි වස්තු බීජය නිසාම හැම වාරයකම සියල්ලෝම නරඹන චිත්‍රපටයක් බවට පත්වූවා. ඔබ Aashiqui 2 නරඹලා තිබෙනවා නම්, එයත් මේ හතර වතාව අතර නිපැයුණු කතාවම යි. සංගීතඥයෙක් විසින් ලාබාල ගායිකාවකට අත දෙන ආකාරය දක්වන මෙය බ්‍රැඩ්ලි කූපර් විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. ප්‍රධාන චරිතය ද ඔහු විසින් රඟපාන අතර, කාන්තා චරිතය Lady Gaga රඟදක්වනවා. IMDb අගය 7.9 යි.

Aquaman

දිය යට ඇති ඇට්ලැන්ටිස් රාජධානියට උරුමකම් කියන ආතර් කරී විසින් මුහුදත් ගොඩබිමත් අතර ඇති වෙන්නට යන ගැටුමකට මැදිහත් වන ආකාරය මේ කතාව තුළ අඩංගු වෙනවා. DC සුපිරි වීරයෙක් වන Aquaman චරිතය Warners Bros. සමග මෙම නිර්මාණය ගෙන එනවා. Game of Thrones හි ඛාල් ඩ්‍රෝගෝ චරිතයට පණ පොවන ජේසන් මෝමෝ විසින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වනවා. IMDb 7.4ක් වන මෙහි අධ්‍යක්ෂණය Conjuring, Fast & Furious 7, Saw වැනි අග්‍රගණ්‍ය නිර්මාණයන් කළ James Wan විසින් සිදුකර තිබෙනවා.

Bumblebee

වාහන රොබෝවන් බවට පත්වන Transformers චිත්‍රපටයේ සිටින චරිතයක් පාදක කර ගනිමින් එන මෙම “බම්බ්ල්-බී” චිත්‍රපටය කොටුවේ “බුම්බ්ලේබී” ලෙස නම් කර විකුණන බවට ද දකින්නට ලැබුණා. John Cena ද රංගනයෙන් දායක වන මෙහි Diary of a Wimpy Kid: The Long Haul චිත්‍රපටයේ Greg චරිතයට සිටි Jason Drucker ද රඟ දක්වනවා. පළමු සතියෙන් ම ඩොලර් මිලියන 21 ඉක්මවා ලබන්නට සමත්වුණු මෙය බාගත කිරීම් ලැයිස්තුවේ 9වන ස්ථානයට පත්ව සිටිනවා.

Widows

වැන්දඹුවන් සිව් දෙනෙක් (srcdn.com)

කාන්තාවන් 4 දෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ අපරාධ ක්‍රියා නිසා ඇතිවුණු ණයක් පියවන්නට නැගී සිටින ආකාරය මේ චිත්‍රපටය පුරා දිවෙනවා. ත්‍රාසයෙන් පිරුණු මේ චිත්‍රපටය IMDbහි 7.1ක rating අගයක් ලබා තිබෙනවා. Gone Girl චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව සහ 12 Years a Slave, Hunger චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා එක්ව සකසා තිබීම විශේෂත්වයක්. හොඳම දේ, Liam Neeson ප්‍රධාන චරිතයක් රඟපානවා.

Venom

පිටසක්වලට එරෙහිව පිටසක්වල බන්ධනයක් (medium.com)

පිටසක්වල බලපෑමක් නිසා වෙනස්වුණු වාර්තාකාරයෙක් ලෝකය නසන්නට සැකසුණු එම බන්ධනයම යොදාගෙන පෘථිවිය රැකගැනීමේ මෙහෙයුමක නිරත වෙනවා. එතරම් ඉහළ බලපෑමක් වෙනස් කරමින් ඔහුට අපේ ලෝකය බේරාගන්නට හැකි වේවි ද? IMDb 6.8ක් ලද මෙය, නරඹන්නන් බොහොමයකගේ නොසතුටට හේතුවුණු කථාවක්. නමුත් අඩුපාඩුව කුමක්දැයි බලන්නට ම දෝ වැඩි දෙනෙක් මෙය බාගත කරගෙන 8 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

The Grinch

Grinch නමැති හැමවිටම දුකෙන් සහ කෝපයෙන් සිටින ප්‍රධාන චරිතය විසින් WhoVille නගරයේ නත්තල විනාශ කරදමන්නට අර අඳින ආකාරය මෙහි වස්තු බීජය වෙනවා. Sherlock කතාවෙහි ප්‍රධාන චරිතය රඟදක්වන Benedict Cumberbatch තමයි Grinchට හඬකවන්නේ. ත්‍රිමාණ චිත්‍රපටයක් වන මෙය පවුලේ හැමට නැරඹිය හැකි හාස්‍යජනක චිත්‍රපටයක්. IMDb අගය 6.3 යි.

Robin Hood

ඇමරිකාව තුළ පළමු සතියේ ආදායම ඩොලර් මිලියන 9 ඉක්මවූ මෙම චිත්‍රපටය තවම IMDbහි ලබා ඇත්තේ 5.3 යි. පොහොසතුන්ගෙන් උදුරාගෙන දුප්පතුන්ට බෙදා දෙන අප දන්නා කියන වීර “රොබින් හුඩ්” අලලා මෙහි කතා මාලාව ගෙතෙනවා. එංගලන්ත කිරුළ අධාර්මික පාලනයෙන් මුදවා ගන්නට ඔහු කැරැල්ලක් ඇති කරනවා. නමුත් එය හිතන තරම් සාර්ථක වේවි ද? මෙය Black Mirror අධ්‍යක්ෂකවරයා අතින් නිමැවුණු නිර්මාණයක්. බාගත කරගැනීම් වලින් අංක 1ට පැමිණියේ මෙය යි.

මේ හැර ඔබ මෑතක දී නරඹපු හොඳම චිත්‍රපට මොනවා ද?

කවරය: hindustantimes.com

Related Articles