ලංකාවේ පසුගිය දිනවල ඇති වූ වාතාවරණයන් නිසාවෙන් ලංකාවේ සමාජ ජාල මාධ්‍යයන් තාවකාලික තහනමකට ලක්වුණා. මේ තහනම ශ්‍රී ලංකා රජයෙන් පනවන්නට හේතු වුණේ අසත්‍ය ප්‍රචාරයන් සහ ප්රවෘත්ති ප්‍රචාරය වීම සහ සමාජය තුළ අනවශ්‍ය භීතියක් ඇති වීම වළක්වාලීම අරමුණු කරගෙන යි. මේ සමාජ මාධ්‍ය ජාලයන් වරණය සිදුවූවත් බොහෝ දෙනෙක් මේ වන විට VPN භාවිත කරමින් සමාජ මාධ්‍ය භාවිත කරනවා අපට දකින්න ලැබුණා. මේ වාරණය අතරතුර විවිධ facebook පිටු සහ පෞද්ගලික ගිණුම් (personal accounts) disable වීම් සහ report වීම් පිළිබඳ ව විවිධ post අපට දකින්නට ලැබුණා. මේ අතරතුරේ තමන්ගේ ගිණුම්වල සහ pageවල reach වැඩි කරගන්නට උත්සහ දැරීම් ගණනාවක් අපට දකින්න ලැබුණා. විශේෂයෙන් “අනේ මගේ page එක report වෙනවා sticker comments දාන්න” වැනි ප්‍රකාශයන් සුලභව අපට දකින්න ලැබුණා. profile එකක් හෝ page එකක් report වීමක් සිදුවුණොත් comments දැමීම පමණක් ප්‍රමාණවත් ද? කොහොමද profile එකක් report හෝ disable වෙන්නේ? මේ ලිපිය හරහා අපි කතාබහ කරන්න යන්නෙ ඒ ගැන.
සාමාන්‍යයෙන් අපි facebook post එකක් දැම්මහම ඉබේම යම් මුලික අදියරේ පරික්ෂා කිරීමකට ලක්වෙනවා. එය සිදුවෙන්නේ Facebook botsලා මඟින්. මේ බෝට්ස්ලා එහෙම නැති නම් මේ ස්වයංක්‍රිය වැඩසටහන් මඟින් අපි පළ කරන ලිපි, ඡායාරූප scan කිරීමක් සිදුවෙනවා. එහි අඩංගු වචන හෝ සංකේත Facebook Community Standardsවලට එරෙහිව නොයන්නේ නම් එය පළවෙනවා. නමුත්, එය යම් අකාරයකින් ඊට එරෙහිව යන්නක් නම්, එය ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමක් හෝ දෙවන වර review එකක් සඳහා ඉල්ලීමක් කිරීමට වගේ ම, මේ ලිපිය හෝ ඡායාරූපය අඩංගු post එක පරිශීලකයා පළ නොකරන ලද එකක් නම් (ගිණුම් හැක් වීමක් වැනි දෙයක් හෝ වෙන අයෙකු විසින් පරිශීලක අනුදැනුම නොමැතිව පළ කරන ලද්දක් නම්) එය ඉවත් කර, ගිණුමේ ආරක්ෂාව වැඩි කර ගැනීමට පරිශීලකයා වෙත විවිධ options ලබා දෙනවා. එතෙක් එය draft එකක් ලෙසින් ඔවුන් රඳවා ගන්නවා. දෙවන වර review කිරීමේ දී එය Facebook Community Standards සඳහා නොගැලපෙන්නේ නම් එය ඉවත් කළ බවත් ඔබට දැනුම් දෙනවා. මේ සඳහා සාමාන්‍යයෙන් දිනක් හෝ දෙකක් පමණ කාලයක් ගත වෙන්නට ඉඩ තියෙනවා.
Post එකක්, පෞද්ගලික ගිණුමක් හෝ page එකක් වුණත් report වීමේ දී මුලික ක්‍රියාවලිය සිදුවන්නේ ඉහත සඳහන් කළ ආකාරයටම යි. උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාව තුළ සිදු වූ ත්‍රස්ත ක්‍රියාවන් සම්බන්ධව ලිපි සහ ඡායාරූප පළ කළ Facebook පිටු සහ ගිණුම් report වීම සහ disable වීම දෙයාකාරයකට සිදුවෙන්නට පුළුවන්. ඔවුන් දමන ලද postවල අන්තර්ගතය සමාජයට හානි දායක බව අනෙක් පරිශීලකයන් Facebook සමාගම වෙත report කිරීම නිසා හෝ මුලික පරීක්ෂාවන්වල දී හසු නොවුණු Facebook Community Standards සමග නොගැලපෙන යමක් facebook බොට්ස් වෙත හමු වූ නිසාවෙන් වෙන්නට පුළුවන්. මේ scan වීම සිදුවන්නේ බොට්ස් වෙත ලබා දුන් keywords වැනි දේවල් භාවිතයෙන්. මේ පරික්ෂාව වෙත ඔහුගේ post එකට ලැබෙන ප්‍රතිචාර (comments) පිළිබඳවත් සලකා බැලෙනවා. ඒ වගේ ම නිතරම facebook පිටුවක් හෝ ගිණුමක් පිළිබඳ ව අනෙක් පරිශීලකයන්ගෙන් report වීම් පැමිණෙනවා නම්, ඒ ගිණුම් හෝ පිටු පිළිබඳ ව සහ එහි අන්තර්ගතයන් ගැන සහ ඒවාට පුද්ගලයින් දක්වන ප්‍රතිචාර පිළිබඳවත් සලකා බැලීමක් සිදුකෙරෙනවා. විශේෂයෙන් අදාළ report වීම් පැමිණෙන්නේ කුමන කාණ්ඩයක් යටතේ ද යන්න ගැනත් ඒ අනුව ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් තීරණය කෙරෙනවා. බෝහෝ විට මේ සියලු කටයුතු සඳහා ඒ එක් එක් කාර්යයන්ට විශේෂිත වූ බොට්වරුන් සිටිනවා.
Report වීමක් හෝ disable වීමක් සිදු වූ විට comments
මේ, facebook භාවිතා කරන බොහෝ දෙනෙකු අතර තිබෙන මිත්‍යා විශ්වාසයක්. සාමාන්‍යයෙන් තරමක් වැඩි reach එකක් තිබෙන වැඩි පිරිසක් ගැවසෙන page සහ profile, disable වීම අනෙක් සාමාන්‍ය profileවලට සාපේක්ෂව යම් කාලයක් ගත වෙනවා. නමුත්, මෙවැනි වාතාවරණයන් හි දී ඒ පිළිබඳ ව විශේෂයෙන් සොයාබැලීමක් සිදුවෙනවා. likes හෝ reach වෙන ප්‍රමාණය ඔබේ facebook පිටුව ආරක්ෂා වෙන්නට විශේෂ හේතුවක් නොවන බව හොඳින් මතක තබාගත යුතු යි. එයට හොඳම උදාහරණය සපයන්නේ Sarcasm Facebook පිටුව යි. මිලියන ගණනක් likes තිබුණු ඒ පිටුවත් කාලයක් තිස්සේ disable වීමකට ලක් වී තිබුණා.
Stickers හෝ comments දැමීමෙන් disable වීමෙන් වැළකෙන්න හැකියාවක් නම් නැහැ. එය එක්කෝ බොහෝ දෙනෙක් මිත්‍යාවක් ලෙසින් විශ්වාස කරන යමක් හෝ තමන්ගේ profile එකට හෝ page එකට reach/ likes ලබා ගැනීමට දරන කූට ප්රයත්නයක් වීමට ලොකු ඉඩක් තිබෙනවා. කාගේ හෝ ඉල්ලීමකට, යම් කෙනෙකුට, හෝ පේජ් එකකට වැඩි වැඩියෙන් ස්ටිකර් කමෙන්ට්ස් ලබාදෙන විට ඔබ සියලු දෙනාගේ මිතුරු ලැයිස්තුවල සිටින යහළුවන්ට සහ ෆලෝවර්ස්ලට ඒක පේන්න තියෙන ඉඩ සෑහෙන වැඩි වෙනවා. එමඟින් අදාළ පුද්ගලයාගේ හෝ page එකේ reach වැඩි වීම පමණක් සිදුවෙනවා. reach වැඩි කරගැනීම වරදක් නොවුණත් ඔබ නොදැනුවත්ව හෝ මුලාවට පත් වී “වැහෙන්න යන්නේ….!”, “අහවල් ආගමෙන් මේ profile එක report කරනවා”, “මම අදාළ ලිපිය දාපු නිසා report වෙනවා, මෙච්චර ගාණක් comments දෙන්න” වැනි ප්‍රකාශයන් නිසා අනවශ්‍ය පුද්ගලයින්ට reach ලබා නොදෙන්න.
block වෙන්න තව හේතු?
පසුගිය සතියේ ඇතුළත දී ඔබේ ගිණුම block වෙන්න බලපාන්න පුළුවන් ප්‍රධාන සාධයක් ලෙසින් VPN හඳුන්වන්න පුළුවන්. සමාජ මාධ්‍ය වාරණය තිබු සමයේ ඔබ විටින් විට facebook වෙත පැමිණෙද්දී VPN හරහා රට විටින් විට මාරු කිරීම සිදුකළා නම් facebook එක හරහා එය ඔබේ ගිණුමට වෙනත් රටවල පුද්ගලයින් ඇතුළු වෙනවා ලෙසින් හඳුනාගැනීමට ලොකු ඉඩක් තිබෙනවා. එවිට ඔබේ ගිණුමේ ආරක්ෂාව තර කිරීමට security checking වැනි option එකක් භාවිතා වෙන්නට ලොකු ඉඩක් තිබෙනවා.
* මේ සඳහා facebook ආයතනය භාවිතා කරන වැඩසටහන් අංගසම්පුර්ණ නැහැ. එනිසා වැඩි දෙනෙකු ඔබේ post එකක් report කිරීමක් සිදුකළොත් දින කිහිපයකට හෝ (temporarily) ඔබේ ගිණුම block වෙන්නට යම් ඉඩක් තිබෙනවා.