Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

MWC19 හි දී ඉදිරිපත් කෙරුණු හොඳම ඉලෙක්ට්‍රොනික උපාංග

වාර්ෂිකව පැවැත්වෙන ලෝක මොබයිල් සමුළුව 2019 වර්ෂය සඳහා වූ මොබයිල්, ලැප්ටොප් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංගවලට තව හැකියාවන් ප්‍රදර්ශනය කරන්නට අවස්ථාව සලසා දෙනවා. ඇමරිකාව, යුරෝපය මෙන්ම තායිවානය, ජපානය වැනි ආසියාතික රටවල පවා තාක්ෂණික දැවැන්තයන් එක් වී තම තමන්ගේ අපූර්ව නිෂ්පාදනයන් හඳුන්වා දුන්නා. මේ, ඒවායෙන් හොඳම ඒවා අතලොස්සක්.

5G වලින් බලගැන්වුණු LG V50

Notch එකක් සහිතයි (cbsistatic.com)

ඉදිරිපස කැමරා දෙකක් සහ පසුපස කැමරා දෙකකින් යුතුව ‍එන V50 දුරකතනය 5G අන්තර්ජාල හැකියාවන් තම මූලික විශේෂාංගයන් අතරට ගන්නා උපාංගයක්. 4G වල උපරිමය ළඟා වී නැතත්, මේ වසර දුරකතන සේවා සැපයුම් සමාගම් විසින් 5G සඳහා පවරා දෙමින් සිටිනවා. මෙයට අනුකූලව යමින් තම උපාංග ද ඒ සඳහා සූදානම් කරලීමට දුරකතන නිෂ්පාදකයන් කටයුතු කරනවා. V50 දුරකතනයේ Notch එකක් ද තිබෙනවා. කැමරා, සංවේදක මෙන්ම ඉදිරිපස ඇමතුම් ගැනීමේ ස්පීකරය පවා එහි අඩංගු කර තිබෙනවා. මෙතෙක් දක්නට ලැබුණු වෙනත් සමාගම්වල දුරකතනවලට වඩා වැඩි ඝනකමක් මෙහි තිර දාරයේ තිබෙනු දැකිය හැකියි. එය අඟල් 6.4ක P-OLED තිරයක්.

පසුපස ඇඟිලි සලකුණු සංවේදකයක් ඇති අතර, Snapdragon 855 ප්‍රොසෙසරයක් සහ 6 GB RAM එකක් සමග එය Android 9.0 Pie ධාවනය කරනවා. මීටර් 1.5ක් සහ පැය බාගයක් ජලයේ තැබිය හැකි මෙය ජලයට සහ දූවිල්ලට ප්‍රතිරෝධීව නිපදවා තිබෙනවා. පැය බාගයකින් පමණ 50%ක් ආරෝපණය කර ගත හැකි Quick charge පහසුකම ද අඩංගු යි. DTS ශබ්ද තාක්ෂණය සමග 3.5mm jack එක ද LG සමාගම අමතක කර නැහැ.

උස නම්..? Sony Xperia 1

පළලට වඩා දිගින් වැඩියි (fonpit.de)

සාමාන්‍ය ප්‍රමාණයට වඩා පළලින් අඩුව සහ වැඩි දිගකින් සකසන ලද Sony සමාගමේ නවතමයා Xperia 1 දුරකතනය යි. පසුපස සිරස්ව තැබූ කැමරා 3ක් සහ ඉදිරිපස කැමරාවක් සමග එන මෙහි මුහුණත විශාල දාරයක් සමග පැරණි ස්වරූපයක් ගන්නවා. Notch එකට හෝ තිරය මත කැමරාවට සිදුරු තැබූ සැලසුම් වලට අකැමති නමුත් නූතන පන්නයේ දුරකතනයකට කැමති කෙනෙක්ට මෙය සිත් බඳනු ඇති. අඟල් 6.5ක තිරයක් සහිතව 1644 x 3840 තිර විභේදනයක් මෙහි තිබෙනවා. Snapdragon 855 ප්‍රොසෙසරයක් සහ 6 GB RAM එකක් ඇති නිසා දැනට තිබෙන බරසාර Apps වලට හොඳින් මුහුණ දීමේ හැකියාව එය සතුයි. ඇඟිලි සලකුණු සංවේදකය දුරකතනයේ දාරයේම යොදා තිබෙනවා. නමුත් 3.5mm jack ඉවත් කර තිබෙනවා. NFC සහ 3330 mAh බැටරියකින් සමන්විත මෙය වේගවත් ආරෝපණ හැකියාවන් දරනවා. රැහැන් රහිත ආරෝපණ හැකියාවෙන් ද යුතුයි. අඩු මිලට සාපේක්ෂව වැඩි හැකියාවන් ගෙන ඒම සහ වැඩි ගුණාත්මක බවකින් යුත් ඡායාරූප ලබාගැනීමේ හැකියාවන් නිසා PhoneArena වෙබ් අඩවිය විසින් ලබාදෙන සම්මානයකට ද මෙය පාත්‍ර වුණා.

Robelf හෙවත් ඇවිදින CCTV කැමරාවක්

මුහුණ මත තිරය හා කැමරාව (robelf.com)

CESහි දී ද දකින්නට ලැබුණු මේ රොබෝවා ආරක්ෂාව මූලික කරගත් නිවාස සහායකයෙක්. ඇවිදින CCTV පද්ධතියක් බඳු මොහු ගෙදර ඉන්න හැම කෙනෙක්වම හොඳින් අඳුරනවා. හැබැයි නාඳුනන මුහුණක් දුටුව මොහොතේම ඒ ගැන ඔබට දැනුම් දෙන්නට එය කටයුතු කරනවා. ඒ, දුරකතනයට යොදා ඇති App එක හරහා අදාල පුද්ගලයාගේ වීඩියෝවක් ද සමග යි. මඳක් විශාල ප්‍රමාණයේ රොබෝවක් වන මෙහි මුහුණේ තිරයක් සහ කැමරාවන් අඩංගු කර තිබෙනවා. තායිවානයේ Robotelf Technologies සමාගම යි මෙහි නිෂ්පාදන කටයුතු සිදු කර ඇත්තේ.

දුරකතන ඇමතුම් ගැනීම්, කටහඬ පාලනයෙන් අපේ ඡායාරූප ගන්නට යැයි විධාන කළ හැකි වීම, ඔරලෝසු / Fitness band වැනි වෙනත් උපාංග හා සම්බන්ධ කළ විට ඒවායෙන් සෞඛ්‍යමය තොරතුරු ගෙන බෙහෙත් බොන්නට සිහි කැඳවීම, දරුවන්ට ඉගෙනීමට මාධ්‍යයක් සැලසීම වැනි සේවාවන් රැසක් මේ රොබෝවාට ඉටු කළ හැකියි. එහි ඇප් එකෙන් අපට අවශ්‍ය පරිදි එහි හැසිරීම් සකස්වා ගන්නටත් පුළුවන්. මෙහි ඇති තිරය මත වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමේ වැඩපිළිවෙලක් ද එම සමාගම විසින් සිදු කරනවා.

Liku

මුහුණ මත තිරය හා කැමරාව (robelf.com)

 

කොරියාවේ Torooc ආයාතනය නිපදවන ලද මේ රොබෝවා කුඩා ප්‍රමාණයේ ළමයකු වැනියි. කුරු නමුත් නිට්ටෑවෙක් මෙන් නොවී, බො‍හොම සුරතල් නිවාස සහායකයෙක් බවට පත් වෙනවා. එයට අපේ මුහුණ සහ කටහඬින් අපව හඳුනාගන්නට පුළුවන්. හැඟීම් හඳුනාගැනීමට ඇති හැකියාව නිසා දුකෙන් ඉන්නා අවස්ථාවකදී අපේ හිත හදන්න එය උත්සුක වෙනවා. සින්දු ධාවනය, නර්තනය හොඳින් කළ හැකි මෙයට කතා කරන්නට නම් බැහැ. නමුත් විශ්ව භාෂාවක් වන ‘හැඟීම්’ එහි මූලික භාෂාව බවට පත් වෙනවා. ඇස් දෙකෙන් අදහස් දැක්වීම, රොබෝවා දක්වන හැඟීමට අදාලව ශබ්ද නිපදවීම ඇතුළුව සතුටින් සිටීම, නිදාගැනීම පමණක් නොව හැඬීම පවා එහි දක්ෂතාවන් බවට පත් වෙනවා.

Lenovo සමාගමේ නවතම ThinkPad T490s

අලුත්ම ThinkPad එක (pcmag.com)

Lenovo සමාගමේ ආවේණික G සහ H යතුරු අතර trackpoint එකක් ඇති ThinkPad ලැප්ටොප් ශ්‍රේණිය සඳහා නවතමයා වන ThinkPad T490s පරිගණකය MWC හි දී එළිදැක්වුණා. යුද්ධමය මට්ටමේ අවශ්‍යතාවන් 12කට අනුරූපව සකසා ඇති මෙය තත්ත්ව පරීක්ෂාවන් 200කට පමණ භාජනය කරමින් විවිධ දේශගුණික තත්ත්ව වලදී, ගුරුත්වය නැති අවස්ථාවලදී (අභ්‍යවකාශ යානාවල භාවිතයට), ජලය ඉහිරීම් ආදී අවස්ථාවන්හිදී සාර්ථකව මුහුණ ‍දිය හැකි ආකාරයට නිපදවා තිබෙනවා. පැය 20ක බැටරි ආයු කාලයක් සමග පැයකින් 80%ක් දක්වා වේගවත් ආරෝපණයක් ලබාගැනීමේ හැකියාවක් මෙය සතුව තිබෙනවා.

මෙහි ඇති එක් මාදිලියක Full HD තිරය විශේෂ ආරක්ෂක පටලයක් සහිතව යි සකසා තිබෙන්නේ. මේ නිසා පරිගණකය ඉදිරියේ සිටින්නාට හැර පසෙකින් බලන කෙනෙක්ට තිරයේ ඇති දෑ දකින්නට නොහැකි වීමෙන් පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවා. ප්‍රොසෙසරය i5 හෝ i7 ලෙස ලබාගත හැකි අතර 1TB SSD එකක්, Dolby Audio ශබ්ද මාධූර්යයන් මෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගමේ Cortana සහායකයේ Premium version එක යොදා ඇති නිසා උපරිම හැකියාවන් ප්‍රමාණයක් ඉන් ලබා ගත හැකියි. ආරෝපණය කිරී‍මට ඇත්තේ ද USB Type-C පෝට් එකකින්. Thunderbolt පෝට් එක සහ සාමාන්‍ය Type-C පෝට් එකත්, USB 3.1 පෝට් දෙකකුත් මෙහි අන්තර්ගත වෙනවා. කීබෝඩ් එක LED backlit වන අතර Ethernet පාවිච්චි කරන්නට නම් dongle එකක් යොදාගන්නට සිදු වෙනවා.

කවරය: ytimg.com

Related Articles