Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරිශීලකගේ මනස මෙහෙයවන TikTok 

TikTok කියන්නේ සමාජ ජාල සහ සමාජ මාධ්‍ය සම්පුර්ණයෙන් ම වගේ වෙනස් කරපු App එකක් කිව්වොත් නිවැරදි යි. පරිශීලකයන් බිලියනය පසු කරලා යන මේ TikTok කොහොමද ඔබ තේරුම් ගන්නේ සහ ඔබ කැමතිම දේවල් ඔබගේ For you tab එකට ගේන්නේ කියලා කවදාවත් හිතලා තියෙනවද? TikTok සතු ව දැනට ලෝකේ දියුණු ම algorithmවලින් එකක් ක්‍රියාත්මක වෙනවා කියලා ඔබ දන්නවද?

මේ algorithm එකට අපි බලන දේවල් ගැන කියලා දෙන්නෙත් අපේ ආසාවන්, අකමැති දේවල් ගැන උගන්නන්නේත් අපි ම තමයි. මේ ලිපියෙන් algorithm එක වැඩ කරන හැටි ගැන වගේම ඔබ ටික්ටෝක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔබගේ contentවලට audience එක ගෙන්න ගන්නේ කොහොමද කියන එක ගැනත් අවබෝධයක් ඔබට ඒවි. 

ආ මඟ සැකෙවින්

2014 වසරේදී  Alex Zhu, Luyu Yang යන දෙදෙනා Musical.ly කියන කෙටි lip-sync videos නිර්මාණය කළ හැකි app එකක් නිර්මාණය කරනවා. මේක ලෝකය පුරා ම අතිශයින් ම ජනප්‍රිය වෙනවා.  2017 වෙද්දී මේ app එක සතු ව පරිශීලකයන් මිලියන 200 කට වඩා රැඳී සිටියා.  2017 වසරේ එය ByteDance සමාගම, ඇමරිකානු ඩොලර් මිලියනයකට මිල දී ගන්නවා. ඉන් අනතුරු ව  ඒවෙනකොටත් සමාගම යටතේ පැවති TikTok App එක සමඟ Musical.ly app එක merge කිරීම සිදුකරනවා. 

 ByteDance සමාගමේ CEO – ft.com

 

මනස කියවන Tik Tok?

ලෝකේ තියෙන සාර්ථක ම වීඩියෝ app එක සහ සමාජ ජාලය විදිහට Tik Tok අද වෙද්දී පත් වෙලා ඉවරයි. අපි හොඳින් දන්නා Youtube වලටත් මේ app එක දැන් තර්ජනයක් වෙලා.  TikTok මව් සමාගම වන චීන ByteDance ආයතනයට අනුව මේ app එකේ සහ ඒ සමඟ ක්‍රියාත්මක වෙන දියුණු ඇල්ගෝරිතම් එකේ ප්‍රධාන අරමුණු 4ක් තියෙනවා. 

“user value,” “long-term user value,” “creator value,” සහ “platform value.” සමාගමට අනුව මෙන්න මේ කරුණු මත තමයි සම්පුර්ණ platform එකම ක්‍රියාත්මක වෙන්නේ. මේක අතිශයින් ම ඇබ්බැහි වෙනසුලු platform එකක් වීම සහ පරිශීලකයන්ගේ දත්ත ලබා ගන්නා නිසා වගේම පරිශීලකයන් වක්‍රාකාරව ඕනෑම අරමුණක් සහ මතවාදයක් වෙත මෙහෙයවන හැකියාව මෙය සතු යි.  U.S. Department of Commerce මේ app එක සහ platform එක අමෙරිකානුවන් වෙත ආරක්ෂණ තර්ජනයක් වේවිද කියන එක පිළිබඳ ව මේ වන විටත් වාර්තා සකසමින් තමයි ඉන්නේ. 

ඔබත් Tik Tokවල කාලය ගත කරන පරිශීලකයන් බිලියනය අතර ඉන්න කෙනෙක් නම් දැනටමත් ඔබ දන්නවා එය බොහෝ විට තරුණ ප්‍රජාව සහ Gen – z එක ඉලක්ක කරගෙන බොහෝ විට වීඩියෝ පෙන්වීමට කටයුතු කරන බව. මේ app එක බොහෝ විට ජනප්‍රිය වෙන්නේ platform එක තුළ වීඩියෝ නිර්මාණය කරන ඕනෑම කෙනකුට ඉතාම පහසුවෙන් වෙනත් කිසිම app එකක් අවශ්‍ය නොවී සරල ව අදාළ වීඩියෝ එක record කරන තැන ඉඳන් upload කරන අවස්ථාව තෙක් ම අවශ්‍ය හැමදේ ම app එකම ලබා දෙනවා. 

පරිශීලක හැසිරීම නිරීක්ෂණය

ඒවගේ ම ඉතාම කෙටි වීඩියෝ නිසා බොහෝ පරිශීලකයන් මේ සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා. හැබැයි ඒ හැම දෙකට ම වැඩTik Tok එහි පරිශීලකයන් ගේ හැසිරීම නිරීක්ෂණය කරනවා. ඒ ඔස්සේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔබේ For you tab එකට ඔබ addict කරගන්න අවශ්‍ය කන්ටෙන්ට් පෙන්වනවා. ඔබේ likes, shares වගේම ඔබ follow කරන usersලා, hashtags වගේ දේවලුත් ඔස්සේ ඔබ ගැන මේ ඇල්ගෝ එක ඉගෙන ගන්නවා. එක්තරා විදිහටකට මේකත් හැකර්ස්ලා පාවිච්චි කරන Social Engineering ක්‍රමවේදයක් වගේ තමයි.  මුලින් ම research එක ඊට පස්සේ තමයි ඒ දත්ත එක්ක පදනම් වෙලා attack එක දියත් වෙන්නේ. 

Tik Tok කියන්නේ හොඳ දේවල් වගේ ම නරක දේවලුත් ඉතාම ඉක්මනින් ජනතාව අතරට ගෙනියන්න පුළුවන් මාධ්‍යයක්. ඔබට මතක ඇති TikTok හරහා ව්‍යප්ත වන පාසල් වෙඩි තැබීම් තර්ජන ගැන අපි ලියපු ලිපිය. ඒ එවැනි එක කාරණයක් විතරයි. Tik Tok රටවල් 154ක භාෂා 80 කට ආසන්න සංඛ්‍යාවකින් මේ වෙද්දී ක්‍රියාත්මක වෙනවා. ඒවගේම රටවල් විශාල ප්‍රමාණයකින් මේ වෙද්දී Tik Tok තහනම් වෙලා තියෙන බවත් ඔබ දන්නවා ඇති.  ඒ රටවල් අතරට අසල්වැසි ඉන්දියාව වගේම ඉන්දුනීසියාව, බංගලාදේශය වගේ රටවල් ඇතුලත් වෙනවා. 

විටින් විට මේ තහනම් කිරීම් ඉවත් කර ගන්න සමාගම විශාල ලෙස උත්සාහයක් දරනවා. ඒ කාලයේ සිට ම විවිධ රටවල්වල මාධ්‍ය ආයතනවලින් තරුණ මනස විකෘති කරන දේ සහ සංස්කෘතිකයට බොහෝ  පටහැනි දේ පෙන්වීම ගැන අවලාද නැගුණා. නමුත් ඒ දේවල් වෙනස් කරගන්න සමාගම එතරම් උත්සහයක් දැරූ බවක් නම් පෙනෙන්නට නැහැ. 

පරිශීලකයා කැමති – අකමැති දේ

 Wall Street Journal පසුගිය දිනෙක Tik Tok ඇල්ගෝ එක ගැන ඔවුන් ගේ සොයාගැනීම් ප්‍රකාශයට පත් කළා. ඔවුන්ට අනුව විනාඩි ගණනක් තුළ පරිශීලකයකුගේ ආසාවන් සහ අකමැති දේ සොයා ගැනීමට මේ app එක සතුව හැකියාව පවතිනවා. මුලින් ම app එක වෙත පිවිසෙන නව පරිශීලකයකුට බලන්න ලැබෙන්නේ ඒ වෙද්දීත් අතිශය ජනප්‍රිය එහෙම නැති නම් වයිරල් වෙච්ච විවිධාකාර කැටගරිවල වීඩියෝ. ඒවා බලන කාලය, එකම වීඩියෝ එක නැවත බලනවද නැද්ද?, like කරන සහ follow කරන පිරිස සහ ඔබ hashtag එකක් හරි මොකක් හරි track එකක් හරි බලනවා අහනවා නම් එකේ විස්තර වගේ දේවල් ඔස්සේ මේ අලුත් පරිශීලකයා ආස කරන කන්ටෙන්ට් ගැන අවබෝධයක් මේ app එක සහ ඇල්ගෝ එක ලබා ගන්නවා. 

Google, Facebook අපේ දත්ත අරගෙන විවිධාකාර වෙළඳ දැන්වීම් පෙන්වන එක ගැන අපි අත්දැකලා තියෙනවා ඕනෑතරම්. මේකත් ඊට නොදෙවැනි වැඩක්. මේ මෑතක් වෙනතෙක් ම මේ app එක සතුව දැන්වීම් ප්‍රචාරණය සඳහා වගේම බූස්ටින්ග් වගේ දේවල්වලට පහසුකම් තිබුනේ නැහැ. නමුත් මේ වෙද්දී ඒ හැම දෙයක් ම වගේ platform එකට එකතු කරන්න සමාගම කටයුතු කරලා තියෙනවා. 

 ට්‍රැක් වෙන්නේ මෙහෙමයි – Wsj.com 

 

පසු සටහන 

TikTok පරිශීලකයෙක් වගේම එතුළ Content නිර්මාණය කරන කෙනෙක් විදිහට මේ track කිරීමේ හොඳ සහ නරක කියන දෙකම මා දකිනවා. TikTok කියන්නේ ලොකු අවකාශයක්. නුදුරු අනාගතයේ දී අනිත් සමාජ මාධ්‍යවලටත් මේ app එක වගේම වෙනස් වෙන්න වෙන බව අපි දැනටමත් දන්නවා. Facebook සහ instagram reel, YouTube shorts වගේ දේවල් නිර්මාණය වෙන්නේ ටික්ටෝක් එක වෙත තරගයක් ලබා දෙන්නයි. ඒවායේ සර්ථක අසාර්ථක බව වගේම TikTokවල අනාගතය කොයිබටද කියන එකත් කියන්න දැන්ම ම ඉක්මන් වැඩි බව තමයි අප අදහස. 

පහුගිය සති දෙකක වගේ කාලයක ඉඳන් වෙබ්සයිට්ස්වලට ට්‍රැක් කරන්න සහ ඇඩ්ස් පෙන්වන්න අපහසු කරන Pi-hole system එකකට සහ VPN එකකට මා මාරු වුණා. මේක TikTokවලටත් සෑහෙන්න බලපෑවා. මගේ For you tab එකේ මට පෙන්වන relatable දේවල් සෑහෙන්න වෙනස් වෙන්නත් පටන් ගත්තා. (මොකද මේ හරහා මා ඉන්න තැන වගේම මගේ IP එක වගේ දත්ත ගන්න app එකට සැහෙන්න අපහසු වෙනවා.) නිතර TikTok පාවිච්චි කරන කෙනෙක් විදිහට මට නම් මේක සෑහෙන්න වදයක් වුණ බවත් කියන්න ම ඕනේ. 

කොහොම වුනත් මේ ටික්ටෝක් platform එක තුළ ඔබට අවශ්‍ය නම් වැඩක් ගන්න පුළුවන් බව සහ ඔබ Luddites කෙනෙක් නොවෙයි නම්  කියන තරම් මේ යකා (දැනට) කළු නැති බවත් මට අත්දැකීමෙන් කියන්න පුළුවන්.  ටික්ටෝක් ගැන ඔබේ මතයත් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන එපා. 

මේ සබැඳි තවත් ලිපි පහතින් කියවන්න.

හැකර්වරුන් සතු බලගතුම ආයුධය: Social Engineering සහ hacking උපක්‍රම

TikTok වාරණය කිරීමට සැරසේ

කවරයේ ඡායාරූපය- TikTok -Nenroll-nenroll.com 

මූලාශ්‍ර:

Wsj.com 

Nytimes.com

Related Articles