Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Huawei Y Series එකට අලුතින්ම එන Y9 Prime, Y7 Pro සහ Y5 Lite

Huawei සමාගම කවදත් අවම මිලකට, උපරිම විශේෂාංග ගෙන ආ සමාගමක්. මෙවර ඔවුන් තම Y දුරකතන ශ්‍රේණියට අලුත්ම ජංගම දුරකතන ත්‍රිත්වයක් ගෙන එනවා. මේ අලුත් Y Series ජංගම දුරකතනවල තිබෙන විශේෂ ලක්ෂණ සාරාංශගත කළහොත් Bigger View, Larger Memory, Better Camera හා More Colorful ලෙස හඳුන්වන්න පුළුවන්.

අපි දැන් මේ උපාංගවල විස්තර සොයා බලමු.

මිල

Y9 Prime දුරකතනය (whatphone.net)

හැමදේටම කලින් මේ උපාංගවල මිල තමයි වැදගත්ම. මොකද High, Mid, සහ Entry ‍Level තුනම ආවරණය කරන මේ සුපිරි දුරකතනවල මිල ඒවායේ Features එකක් බලද්දී ඇදහිය නොහැකියි.

  • Y9 Prime – රු. 41,999/-
  • Y7 Pro – රු. 28,999/-
  • Y5 Lite – රු. 13,999/-

මේ මිල පරාසයන්ගේ තියෙන වෙනත් දුරකතන මාදිලි එක්ක බලද්දී තවදුරටත් ‘අවම මිලක් – උපරිම හැකියාවක්’ කියන කීර්ති නාමය Huawei සමාගම හිමි කරගන්නා බව මේවායේ විශේෂාංග බලද්දි ඔබටම වැටහේවි. Huawei සමාගම තම දුරකතන නිෂ්පාදනයේ දී සිදුකරන Testing ගැන පහත වීඩියෝවෙන් දැකගන්න පුළුවන්.

සිත් ඇදගන්නාසුළු වර්ණ

Y9 Prime දුරකතනයේ පැති පෙනුම (tech-ish.com)

මේ දුරකතන තුන් කට්ටුවම අපූරු වර්ණවලින් සමන්විත වෙනවා. Y9 Prime දුරකතනයේ පසුපස දෙපසින් Curve කර, ඉහළ කොටසේ ලා වර්ණයකින් සීමාවක් වෙන්කර, වම් පසින් කැමරාව හා ෆ්ලෑෂරයත්, මැදින් Fingerprint sensor එකත් යොදා තිබෙනවා. එය කොළ (Emerald Green), නිල් (Sapphire Blue), සහ කළු (Mid-night black) ලෙස වර්ණ මාදිලි තුනකින් ලබා ගන්න පුළුවන්.

Huawei Y7 Pro 2019 දුරකතනය (amazon.com)

Y7 Pro දුරකතනය කොළ සහ නිල් වර්ණ සංකලනයකින් (Aurora) යුතු යි. Y5 Lite උපාංගය දුඹුරු (Leather Brown) සහ කළු වර්ණ (Leather Black) මාදිලි දෙකකින් යුතු වෙනවා. Y5 Lite මතුපිට නිමාව ලෙදර් ආකාරයට සමාන යි.

පුළුල් තිරයක්

Y9 Prime මුහුණත සම්පූර්ණයෙන්ම තිරය අත්පත් කරගෙන තිබෙනවා (unbox.ph)

අඟල් 6.59ක LTPS IPS LCD තිරයක් ඇති Y9 Prime දුරකතන තිරය මුහුණත පුරාම විහිදී ඇති නිසා සම්පූර්ණ මුහුණත පුරාම පුළුල් දසුන් අත්විඳින්නට අවස්ථාව ලබා දෙනවා. මෙහි Resolution එක 1080 x 2340 වන අතර පික්සල් ඝනත්වය ~391 ppi වෙනවා. Y9 Prime දුරකතන මුහුණත සම්පූර්ණයෙන්ම තිරයෙන් ආවරණය කරගෙන තිබෙනවා. හොඳම දේ, තිරයේ යට දාරය පවා ඉතාම තුනීව සකසා තිබීම යි. මේ මිල පරාසයේ කිසිදු දුරකතනයක එවන් නිමැවුමක් මෙතෙක් දකින්න නැති නිසා එය අනර්ඝ සැලැස්මක්. 

Y7 Pro එහි මිල පරාසය වෙත Dew drop නොච් එකක් ගෙන එන අතර එහි අඟල් 6.26ක IPS LCD තිරයක් තිබෙනවා. Y5 Lite උපාංගය සතුව HD+ සමග තනි අතින් භාවිතා කිරීමේ පහසුකම ගෙන එන අඟල් 5.45ක තිරයක් තිබෙනවා. එම මිල පරාසයේ කිසිම ෆෝන් එකක නැති FullView Display එකක් ගෙන එනවා.

හොඳ කැමරා පද්ධතියක්

මෙහි ඇති 6P කාච සැකැස්ම ඇති AIවලින් බල ගැන්වූ Y9 Prime කැමරා පද්ධතිය (dailypost.ng)

Y9 Prime දුරකතනයේ ඉදිරිපස කැමරාව සැඟවී තිබී ඉහළට මතුවන 16 MP Pop-up කැමරාවක්. එය තත්පර 1ක් තරම් වේගයෙන් ක්‍රියාත්මක වන අතර එම කැමරාවට කිලෝ ග්‍රෑම් 15ක බරක් දරා සිටිය හැකි තරම් සවිමත් බවටත්, 100,000ට වැඩි වතාවක් ක්‍රියාත්මක විය හැකි බවටත්, -20 °C සිට 60 °C තරම් පුළුල් උෂ්ණත්ව පරාසයක් තුළ පවා ගැටළුවකින් තොරව ක්‍රියාත්මක වන බවටත් විද්‍යාගාර පර්යේෂණ මඟින් සනාථ කර තිබෙනවා. මෙම කැමරාව AI හැකියාවන්ගෙන් ද සවිබල ගන්වා තිබෙන නිසා වඩාත් හොඳ සෙල්ෆි ඡායාරූප ගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා.

එහි පසුපස AIවලින් බල ගැන්වූ 16 MP wide කැමරාවක්, 8 MP ultrawide කැමරාවක්, සහ 2MP depth sensor එකක් තිබෙනවා. මෙහි AI එකට scenes 500කටත් වැඩි ප්‍රමාණයක් හඳුනාගන්නට හැකි නිසා ආහාර, ගොඩනැගිලි, සමූහ ඡායාරූප, සතුන්, ගස් මෙන්ම රාත්‍රිය පවා වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැකි නිසා වඩාත් සුපැහැදිලි ඡායාරූප ගෙන එනවා.

Popup වන සෙල්ෆි කැමරාව (metrolatam.com)

ෆේස්බුක් එකේ ගොඩක් දෙනෙක් 3D photos දානවා ඔබ දැකලා ඇති. HUAWEI Y9 Prime 2019 ෆෝන් එක ගත්තොත් ඔබටත් 3D සෙල්ෆියක් ගන්න අවස්ථාව තිබෙනවා. ඒ ව‍ගේම, මෙහි ඇති 6P කාච සැකැස්ම නිසා වඩාත් වැඩි එළියක් (රාත්‍රී අවස්ථාවල දී) සහ දීප්තිමත් වර්ණ සහිත ඡායාරූප ගන්නට ඔබට හැකි වෙනවා. මේ සියල්ල මෙහි මිල පරාසයේ අනෙකුත් දුරකතනවලින් දකින්නට නොලැබෙන තරම් මෙතරම් පහසුකම් ප්‍රමාණයක් ලැබීම අපූරු යි!

සෙල්ෆි වෙනුවෙන්ම සැකසූ Y7 Pro සතුව 16 MP ඉදිරිපස කැමරාවක් තිබෙනවා. එහි පසුපස 13 MP ප්‍රධාන කැමරාව සමඟ 2 MP depth sensor එකක් තිබෙනවා. Y5 Lite දුරකතනය පසුපස 8MP කැමරාවක් තිබෙනවා. එය මේ මිල පරාසයේ තිබෙන හොඳම කැමරාව යි.

හොඳ මෙමරි එකක්

ස්මාර්ට් හැකියාවන් ඇති EMUI 9.0 (huawei.com)

Y9 Prime දුරකතනය 4 GB RAM එකක් සහ Hisilicon Kirin 710F octa-core ප්‍රොසෙසරය සමග Android 9.0 Pie ධාවනය කරනවා. අභ්‍යන්තර ධාරිතාව 128GB වෙනවා. ඒත් මඳි නම්, microSD card එකකින් 512GB දක්වා වැඩි කරගන්නටත් පුළුවන්. අලුත්ම EMUI 9.0 සහ AIවලින් ඔබේ එදිනෙදා වැඩ පහසු කරන සුමට ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීමක් මේ දුරකතනය ගෙන එනවා. එහි මිල පරාසයේ උපරිම මෙමරි එකක් තිබෙන්නේ Y9 Prime එකට යි.

Y7 Pro සතුව 64GB අභ්‍යන්තර ධාරිතාවක් සහ 3GB RAM එකකුත්, Y5 Lite දුරකතනය සතුව 16GB අභ්‍යන්තර ධාරිතාවක් සහ 1GB RAM එකක් තිබෙන අතර සිම්පත් දෙකට අමතරව microSD කාඩ් එකක් අන්තර්ගත කිරීමේ හැකියාව ද තිබෙනවා. ඒ සමග එම මිල පරාසයන්ගේ උපරිම Memory එකක් ගෙන එන්න මේ දුරකතන දෙකම සමත් වෙනවා.

බැටරි ධාරිතාව සහ වෙනත් විශේෂාංග

Y9 Prime දුරකතනය සතු USB Type-C port එක (huawei.com)

4000mAh තරම් ඉහළ Battery capacity එකක් Y9 Prime දුරකතනය Mid-High range එකට ගෙන එනවා. එයට Android Pie සතු කෘත්‍රීම බුද්ධිමය බැටරි පාලනයන් නිසා උපරිම කාලයක් පුරාවට ෆෝන් එක පාවිච්චි කරන්නට හැකි වෙනවා. මෙහි වෙනත් විශේෂාංග ලෙස Fingerprint sensor එක, USB Type-C port එක, Bluetooth 5.0, සහ 3.5mm jack එක දක්වන්න පුළුවන්. 

Y7 Pro දුරකතනයේත් 4000mAh බැටරියක් තිබෙනවා. එහි සිම්පත් දෙකේම 4G භාවිතා කළ හැකි වීම (Dual 4G), Face Unlock සහ Qualcomm 450 Octacore ප්‍රොසෙසරයක් අත්විඳීමට අවස්ථාව ලබා දෙනවා.

Y7 Pro දුරකතනය (teamandroid.com)

Y5 Lite දුරකතනය එම මිල පරාසයේ Full-View Display එකක් ඇති එකම දුරකතනය වශයෙන් 3020mAh බැටරියක් ගෙන එනවා. එසේම එයට ඔබ සිටින පරිසරය අනුව දුරකතන ඇමතුම් වඩාත් පැහැදිලිව ලබා ගන්නට අවස්ථාව ලබා දෙන නිසා ඔබ ඝෝෂාකාරී පරිසරයක ඉන්නවා නම් තවදුරටත් හයියෙන් කෑ ගහලා ‍Call Answer කරන්න නම් වෙන එකක් නැහැ!

නුදුරේ දීම වෙළඳපොළට නිකුත් වෙන්නට නියමිත මේ අලුත්ම තුන් කට්ටුව ගැන ඔබ මොකද හිතන්නේ?

Related Articles