Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2021 ඇරඹුම සරසන Samsung S21 ගැන වගතුග

2021 වර්ෂය වෙනුවෙන් Samsung සමාගම හඳුන්වාදුන් S ශ්‍රේණියේ දුරකථන වෙත S21, S21+, සහ S21 Ultra එක් වුණා. S21 Ultra හි ප්‍රධානම විශේෂත්වයක් වුණේ Note දුරකථනවල මෙන්ම S Pen එක භාවිතා කිරීම වූ අතර, මේ දුරකථන තුනම 5G, කැමරාව ඇතුළු Specifications අතින් ද බොහෝ ඉදිරියෙන් සිටින්නට සමත්ව තිබෙනවා.

පෙනුම

vox-cdn.com

ඉදිරිපසින් බැලු බැල්මට පසුගිය වසරේ ආ S20 දුරකථනයත්, මේ වස‍රේ ආ S21 දුරකථනයත් අතර වෙනසක් සොයා ගැනීම අපහසුයි. මතුපිට වැඩි ප්‍රමාණයක් තිරය අත්පත් කරගෙන සිටියදී සෙල්ෆි කැමරාව ඉහළ කෙළවර මැදින් පිහි‍ටා තිබෙනවා. දුරකථනය පසුපස රළු කළ වීදුරු වලින් නිමවා ඇති අතර, පසුපස කැමරා පද්ධතිය වෙන්ව හා දාරයට සහසම්බන්ධව සිටින සේ ඇති ලෝහමය කොටසක යොදා තිබෙනවා. ෆ්ලෑෂරය යොදා ඇත්තේ ඊට යාබදව, බඳ මතයි.

වටේ දාරය ඇලුමිනියම් වලින් සකසා ඇති අතර, Volume සහ Power බොත්තම් දකුණු පසින් යොදා තිබෙනවා. වයලට්, රිදී, සහ කළු පැහැයෙන් මෙන්ම රතු සහ රත්‍රං පැහැයෙන් ද මාදිලි රැසක් වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා.

තිරය

cbsistatic.com

අඟල් 6.2ක් වූ S21 තිරය Dynamic AMOLED 2X තාක්ෂණයෙන් යුතුව, 1300 nits අගයක Brightness එකක් ඇතිව වර්ණවත් දසුන් මවන්නට සමත් වෙනවා. එහි resolution එක 1080×2400 වෙනවා. මෙතෙක් බිහිව ඇති සවිමත්ම තිර ආරක්ෂකය වන Gorilla Glass Victus මෙහි යොදා තිබෙන බැවින් වැඩි සවිබලයක් තිරයට ලැබෙනවා. පසුගිය වසරේ මෙන්ම මෙයත් Infinity-O display එකක් ලෙස සකසා තිබෙනවා.

120Hz දක්වා ළඟාවිය හැකි Refresh rate එකක් මෙහි ඇති නමුත් Battery saving සඳහා අවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් එම අගය භාවිතා කිරීමට S21 දුරකථනය පෙළඹෙනවා. මෙවර තිබූ තවත් විශේෂ යමක් වූයේ S series දුරකථනවලත් S Pen එක භාවිතා කිරීමට ඇති හැකියාවයි. මේ නිසා Note එකක්ම මිලදී නොගෙන S21 සහ වෙනම S Pen එක මිලදී ගෙන ලිවීමේ/ඇඳීමේ අවශ්‍යතාවය සපුරා ගන්නට ඔබට හැකි වෙනවා.

කැමරා පද්ධතිය

samsung.com

පසුපස කැමරා තුන 12 MP wide කැමරාවක්, තවත් 12 MP ultrawide කැමරාවක්, සහ 64 MP telephoto සංවේදකයකින් සමන්විත වෙනවා. Telephoto කැමරාවෙන්  1.1x optical zoom එකකුත්, 3x hybrid zoom එකකුත් ලබා ගත හැකියි. S21 Ultra දුරකථනයේ 108MP wide කැමරාවක් සහ 10MP Telephoto කැමරා දෙකක් තිබෙනවා. ඉන් යටම පිහිටි එකට 10x දක්වා optical zoom එකක් ලබා දිය හැකියි. වීඩියෝ සඳහා AI වලින් බල ගැන්වූ Super Steady විශේෂාංගය ඇති නිසා Action camera එකක් මෙන් සෙලවීම්වලින් තොර වීඩියෝ සකසන්නට ඔබට සවිබලය ලැබෙනවා.

ඉදිරිපස සෙල්ෆි කැමරාව S21 සහ S21+ දුරකථනවල 10 MP වන නමුත්, S21 Ultra දුරකථනයේ 40MP තරම් ඉහළ අගයක් ගන්නවා. Portrait සඳහා AI සහාය ඇතිව මුහුණු හඳුනා ගැනීම, ආලෝකය පැමිණෙන දිශාව හා කෝණය හඳුනා ගැනීම, කැමරාවේ සිට වස්තුවට ඇති දුර ගණනය කිරීම සිදු කෙරෙනවා.

අනෙකුත් විශේෂාංග

samsung.com

Exynos 2100 ප්‍රොසෙසරය සමග 8GB RAM එකක් S21 සහ S21+ දුරකථනවලිනුත්, S21 Ultra වෙතින් 12GB හෝ 16GB RAM අගයකුත් ලබා ගන්න පුළුවන්. පසුගිය වසරට සාපේක්ෂව AI හැකියාවන් දෙගුණයකින්, CPU එක 20%කින්, GPU එක 35%කින් වැඩි කර ඇති බවයි Samsung වෙබ් අඩවිය දක්වන්නේ. Samsung Knox ආරක්ෂාවෙන් සපිරි Fingerprint sensor එකත් ප්‍රමාණයෙන් විශාල කර ඇති සේම, ඇඟිලි සලකුණු වේගයෙන් හඳුනාගැනීමට හැකි පරිදිත් වැඩිදියුණු කර තිබෙනවා.

Wireless charging වලට අමතරව එන Super Fast Charging පහසුකම නිසා 25W චාර්ජරයෙන් 50%ක් විනාඩි 30කින් ආරෝපණය කරගත හැකි වීම විශේෂත්වයක්.

S21 සමග හඳුන්වාදුන් Galaxy SmartTags ෆෝන් එක සමග Bluetooth pair කළ පසු මීටර් 120ක් තරම් දුරට ක්‍රියා කරනවා. ඒවා Smart විදුලි බුබුළු, A/C ආදිය On-Off කිරීමටත්, යතුරු සමග එල්ලා ඒවා අමතක වූ විට තිබෙන තැන සොයා ගන්නටත් පාවිච්චි කරන්න පුළුවන්.

samsung.com

S21, S21+, සහ S21 Ultra යන සියලුම මාදිලිවල 5G ඇති අතර, ඩයලොග් වෙතින් පෙර-ඇණවුම් කරන ඔබට මාසයක් පුරාවට 100GB Anytime ඩේටා ලැබෙනවා. නොමිලේ Samsung Care+ සමග Screen replacement එකක්, සහ GalaxyTag එකක් ලැබෙන අතර, S21 Ultra දුරකථන සඳහා Galaxy Buds Live එකකුත්, S21 සහ S21+ ගන්නා අයට Galaxy Fit2 ස්මාර්ට් බෑන්ඩ් එකකුත් නොමිලේ ලැබෙනවා.

ඊට අමතරව, දැනට ඔබ සතුව ඇති Samsung දුරකථනයක් ලබා දී වට්ටමක් ලබා ගත හැකි Trade-In පහසුකම, Club Vision loyalty discount එකත්, ප්‍රධාන පෙළේ ක්‍රෙඩිට් කාඩ් හරහා පොළී රහිතව මාස 40ක් දක්වා ගෙවීමටත් හැකියාව තිබෙන නිසා Flagship ෆෝන් එකකට පහසුවෙන්ම හිමිකම් කියන්න ඔබට මෙය මහඟු අවස්ථාවක්. ඇණවුම් කිරීමට https://preorder.dialog.lk/ වෙත පිවිසෙන්න.

කවරයේ ඡායාරූපය: gsmarena.com

Related Articles