iPhone X ආ මුල් අවස්ථාවේම එතෙක් කල් තිබුණු ඇපල් සමාගමටම අනන්‍ය වූ පෙනුම වෙනස් වුණා. එහි ප්‍රමාණය, Notch එක මෙන්ම මිල ද ඉතා ඉහළ වූ නිසා කලින් තිබුණු හුරුබුහුටි පෙනුමට ප්‍රිය කළ අයට iPhone X යනු එතරම් හොඳ ආරංචියක් නොවෙන්නට ඇති.
එහෙත්, ඒ අවශ්‍යතාව සපුරමින් අතේ ප්‍රමාණයට සරිලන නව දුරකතනයක් iPhone SE නමින් හඳුන්වා දෙන්නට ඇප්ල් සමාගම කටයුතු කළා. 2016 දීත් මේ ආකාරයටම iPhone SE නමින් දුරකතනයක් හඳුන්වා දී තිබුණා. 2020 දී ආ iPhone SE දුරකතනය ඊට වඩා ප්‍රමාණයෙන් වැඩියි. එහි තවත් විස්තර දැනගන්න ඉතිරිය කියවන්න.
මුහුණත සහ තිරය
නව iPhone SE දුරකතනයේ මුහුණත Notch එකක් නොමැතිව, iPhone 8 දක්වා තිබූ Home button එකක් ද සහිත Appleවලටම අනන්‍ය මුහුණත ලබා තිබෙනවා. එහෙත්, Face ID පහසුකම ලබා දී නැහැ.
IPS තාක්ෂණයෙන් යුත් අඟල් 4.7ක Retina LCD තිරයක් මෙහි තිබෙනවා. එහි සුපුරුදු පරිදි තෙල් නොරඳන (oleophobic) ආලේපනයක් යොදා ඇති නිසා අතේ දහදිය සලකුණු රැඳීම සිදුවන්නේ නැහැ. True Tone තිරයක් නිසා වර්ණ සංකලනය ඉතා හොඳින් සිදුවෙනවා. තිර විභේදනය (resolution) 1334 x 750px වන HD තිරයක්.
Haptic Touch හෙවත් මඳ වේලාවක් ටච් කරගෙන සිටි විට Vibrate වෙමින් බොත්තමක් ඔබන්නාක් සේ දැනෙන ආකාරයට මෙහි තිරය සහි Home බොත්තම ක්‍රියා කරනවා. Home බොත්තමේ Touch ID හෙවත් ඇඟිලි සලකුණු ආරක්ෂාව ලබා දී තිබෙනවා.
කැමරාව
කැමරා තුනක්වත් යෙදීම අනිවාර්යයැ යි නිෂ්පාදකයන් සලකන සමයක අතීතකාමය අවුස්සමින් ඉදිරිපස සහ පසුපස තනි කැමරාව බැගින් මෙහි අඩංගු වෙනවා. දෙකම පැරණි Pixel දුරකතනවල සේ ම මෘදුකාංගවල ද සහාය ඇතිව ගැඹුර හඳුනාගැනීම සිදුකරනවා.
සෙල්ෆි කැමරාව 7 MP වන අතර, මෘදුකාංග හරහා Studio, Natural ආදී වූ ආකාර 6කින් යුත් ආලෝක මට්ටම් ලබාගන්නට හැකියි.
පසුපස ඇත්තේ 12MP කැමරාවක්. එහි OIS හෙවත් ඡායාරූප/වීඩියෝ ගැනීමේ දී සිදුවන සෙලවීම් නිවැරදි කිරීම, HEIF සහ JPEG ලෙස save කිරීම, 5x ඩිජිටල් zoom හැකියාව තිබෙනවා. ඊට අමතරව Stereo recording සමග 24 fps, 30 fps, හෝ 60fpsවලින් 4K වීඩියෝ ගන්නටත් පුළුවන්.
අනෙකුත් විශේෂාංග
ඇපල් සමාගමේ දැනට ඇති වේගවත්ම ප්‍රොසෙසරය වන A13 Bionic chip එක මෙහි යොදා තිබෙනවා. RAM අගය ඇපල් සමාගම හෙළි නොකරන නමුත්, China Telecom වෙබ් අඩවියේ එය 3GB ලෙස ඇති බව GSMArena හෙළි කරනවා.
අභ්‍යන්තර ධාරිතාව අනුව මිල වෙනස් වන අතර 64GB, 128GB, සහ 256GB ලෙස මාදිලි තුනකින් ලද හැකියි. වර්ණය අනුව කළු, සුදු, සහ රතු ලෙස නැවත මාදිලි තුනක් තිබෙනවා.
මෙහි පැය 13ක් එක දිගට වීඩියෝ නැරඹිය හැකි තරම් බැටරි බලයක් සතු බව යි, ඇපල් සමාගම තම වෙබ් අඩවියේ කියන්නේ. වෙනම මිල දී ගත යුතු 18W හෝ ඉහළ චාර්ජර්වලින් පැය බාගයක් තුළ 50%ක ආරෝපණයක් ලබාගත හැකියි. එසේම, ඕනෑම Qi Wireless charging උපාංගයකින් ආරෝපණය කර ගත හැකි වීමත් විශේෂත්වයක්.
වැඩිදුර කියැවීමට: ළඟටම වී මැජික් පෙන්වන NFC තාක්ෂණය
NFC සහ AR විශේෂාංග, Digital AV ඇඩැප්ටරයකින් 1080p වීඩියෝ output එකක් ගත හැකි වීම, Ring/Silent ස්විචය, VoLTE පහසුකම්, මෙන්ම eSIM සහ Dual SIM (nano) පහසුකමක් ද ඇති මෙය IP67 rating අගයක් ද දරනවා. එනම්, දූවිලි නොයාම සහ ජලයේ මීටරයක ගැඹුරෙහි විනඩි 30ක් තැබිය හැකි තරම් හැකියාවක් දරනවා.
පසුවදන
iPhone 11 සතු හැකියාවන් බොහොමයක් $399 (රු. 76,500 පමණ) තරම් අඩු මුදලකට Notch වැනි බාධාකාරී කොටස් ද රහිතව, කුඩා දුරකතනයකින් ලබාගත හැකි වීම iPhone රසිකයෙක්ට හොඳ පුවතක් වන බව නොඅනුමාන යි.
හරිත නිෂ්පාදන විධික්රම අනුගමනය කරමින් මෙම දුරකතනය සහ ඇසුරුම සකසා තිබෙනවා. ප්‍රතිචක්‍රීකරණය කරන ලද ස්වාභාවික මූලද්‍රව්‍යවලින් සැකසූ Taptic Engine එක, ප්‍රතිචක්‍රීකරණය කරන ලද ටින් මූලද්‍රව්‍යයෙන් ප්‍රධාන පුවරුවේ පෑස්සුම් කර තිබීම, බොහෝ ප්ලාස්ටික් කොටස් 35%ක් ම ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඒවා වීම පරිසර හිතකාමීව කටයුතු කිරීමට අනෙකුත් සමාගම්වලටත් ආදර්ශයක්.
ඒ කෙසේ වෙතත්, අලුත්ම විශේෂාංග සියල්ලම පාහේ පැරණි පෙනුමත් සමග අඩු මිලකට ලද හැකි වීම 2020 වෙනුවෙන් ඇපල් සමාගම ගෙන ආ මේ නව දුරකතනයේ අරමුණ බව සුපැහදිලි යි.