Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

PayPal, Fiverr ගැන කියන ඇතැම් කතාවල ඇත්ත නැත්ත

Fiverr, Pico Workers, Payoneer, Paypal ආදියට අලුතින් පිවිසෙන අයට විවිධ අය කියන කතා නිසා ඒවා ගැන අනියත බියක් මතුවනවා. එකම PC එකකින් ගිණුම් කිහිපයකට යන්න එපා ද?, Verify නොකර Payoneer පාවිච්චි කරන්න බැරි ද?, රවුටරේ මාරු කළොත් PicoWorkers එක අවුල් යාවිද? වගේ ප්‍රශ්න රැසකට මේ ලිපියෙන් ඔබට උත්තර ලැබේවි.

Fiverr, Pico Workers වැනි සේවා සපයා මුදල් ඉපැයිය හැකි වෙබ් අඩවිවලට පිවිසෙන අයට මේ platforms ගැන ෆේස්බුක් එක පුරා විවිධ අය, විවිධාකාරයෙන් පළ කරන මත දකින්නට ලැබෙනවා. මේ වෙනුවෙන් ම උපදෙස් දීම සඳහා ඇතැම් පාඨමාලා ද ඇති අතර, “අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීම” යන නමින් එතැන වෙනම මුදල් ගැරීමක් ද සිදු වෙනවා. කෙසේ නමුත් නිසි අවබෝධයක් නොමැතිකම නිසා ෆේස්බුක්, PayPal, Payoneer ගිණුම් ගැන පවා බොහෝ දෙනෙක් සතුව අනියත බියක් ඇති බැවින් එය හැකිතාක් දුරු කරන්නට අපි මේ ලිපියෙන් උත්සාහ කරනවා.

 PayPal account එක Link කළොත් limit වේවි ද? – Freepik/ViDIstudio

 

PayPal account එක Link කළොත් limit වේවි ද?

දේශපාලන පොරොන්දුවක් බවට පවා පත්ව තිබූ PayPayl ශ්‍රී ලංකාවට ලබා ගැනීම මෙම ලිපිය ලියන අවස්ථාව වන විටත් සිදු වී නැහැ. මේ නිසා PayPal ‍හරහා ඔබට ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට සල්ලි ලබා ගත නොහැකි යි. එනමුත් ඔබේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පතක් Paypal වෙත එක් කර වෙනත් රටවලට ගෙවීම් කරන්නට පුළුවන්. මේ දිනවල පවතින විනිමය ගැටලු නිසා ඇතැම් බැංකු මෙයට ගෙවීම් සීමාවන් පැණවූවත්, අදාළ බැංකුවේ පාරිභෝගික සේවාවේ සහාය ඇතිව කාඩ් එක Paypal වෙත ලින්ක් කර ගන්නට හැකියාව ලැබෙනවා.

මේ ආකාරයට add කර ගත් කාඩ්පතක් සමඟ PayPal ගිණුම කිසියම් වෙබ් අඩවියකට Link කළොත් ගිණුම imit වෙනවාදැයි බොහෝ අය විමසනවා. ඊට පිළිතුර “ඔව්” බවට පත්වන්නේ, ඔබ ව්‍යාජ හෝ වංචාකාරී වෙබ් අඩවියකට ගිණුම එකතු කර, එම වෙබ් අඩවිය හෝ ඔබ ම ඔබේ ගිණුම අනිසි ලෙස භාවිත කළහොත් පමණයි. එසේ නොමැතිව මාසික ගෙවීමකට (Subscription) සඳහා PayPal ගිණුම එකතු කිරීමෙන් කිසිදු ගැටලුවක් සිදු වන්නේ නැහැ. Paypal වෙත ඔබ එකතු කළ කාඩ්පතින් බැංකුවේ කොන්දේසිවලට අදාළ ව ගනුදෙනු සිදුවන බවටත් වග බලාගන්න.

Verify නොකර Payoneer පාවිච්චි කරන්න බැරිද? – Freepik/rawpixel-com

 

Verify නොකර Payoneer පාවිච්චි කරන්න බැරිද?

 ඔබේ Payoneer ගිණුමේ සහ මුදල්වල ආරක්ෂාව වෙනුවෙන් Account එක verify කිරීම කරන්නැයි ඇතැම් අවස්ථාවලදී Payoneer එකෙන් විමසා සිටිනවා. බොහෝ විට මෙය සිදුවන්නේ කිසියම් ගනුදෙනුවක් සැක සහිත යැයි ස්වයංක්‍රීය ව සලකුණු වූ විට යි. එනමුත් බෙ‍ා‍හෝ දෙනෙක් අතර පවතින මතයක් වන්නේ ගිණුම පාවිච්චිය ආරම්භයේ දී ම එය verify කරගත යුතු බවත්, එසේ නොකළහොත් Account එක ban හෝ limit වන බවත් යි.

ඔබ Payoneer ගිණුම පාවිච්චි කරන්නේ Fiverr, Upwork වැනි සේවාවකින් මුදල් ලබා ගැනීමට නම් කිසිසේත්ම ඔබ එය Verify කර තිබිය යුතු වන්නේ නැහැ. කුඩා ප්‍රමාණවලින් මුදල් ලැබෙනවා නම් ඇතැම්විට Verify කිරීමක් අවශ්‍ය වන එකකුත් නැහැ. ඉහත සඳහන් කළ නම් දරන වෙබ් අඩවිවලින් මුදල් ලැබෙද්දී (විශේෂයෙන් Fiverrවලදී) ඔවුන්ට ම එම ගනුදෙනු විස්තර සොයාගත හැකි නිසා ඔබට ගැටලුවක් වන්නේ නැහැ.

ඔබ ගනුදෙනු කරන හා ලබන අතරතුරේ අවශ්‍ය යැයි සිතුණොත් රියදුරු බලපත්‍රය (ඉංග්‍රීසියෙන් ඇති නිසා), බැංකු තොරතුරු, සහ පදිංචි ලිපිනය තහවුරු කළ හැකි ලිපිගොනු සපයමින් ගිණුම Verify කර ගැනීම වඩාත් හොඳ යි.

 රවුටරේ මාරු කළොත් PicoWorkers/Fiverr අවුල් යාවි ද? – Freepik/rawpixel-com

 

රවුටරේ මාරු කළොත් PicoWorkers/Fiverr අවුල් යාවි ද?

Fiverr, PicoWorkers වැනි ගිණුම් කිහිපයක් පාවිච්චි කරන අය රවුටර් කිහිපයක් සමඟ එම ගිණුම් භාවිතා කරන්නට පෙලඹෙන්නේ තනි රවුටරයකින් ලොග් වුණොත් ඔවුන් ඒ ඔබ බව දැනගනීවි යැයි සිතන නිසා යි. නමුත් මේ කියන්නට යන දේ ඇසුවොත් ඔබ ඒවාට වියදම් කළ මුදල් ගැන කම්පා වනු නොඅනුමාන යි.

ඕනෑම වෙබ් අඩවියක් පුද්ගලයෙක් හඳුනා ගන්නේ IP ලිපිනය හරහා යි. එනමුත් අපි රවුටරය Offකර නැවත On කරද්දී, සහ සබඳතා බිඳ වැටීමක දී reconnect වුණා ම අපේ IP එක අනිවාර්යයෙන් ම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ ශ්‍රී ලංකාව සඳහා දුරකථන සමාගම් ලබා ගෙන ඇති IP පරාසයක් තුළ යි.

මේ නිසා ඔබේ IP එක ශ්‍රී ලංකාවේ වෙනත් කෙනෙකුට ලැබෙනවා සහ අන් අයගේ ඒවා ඔබට ලැබෙනවා. ඒ නිසා ගෙදර රවුටරය මාරු කිරීමට කිසිසේත්ම බිය වෙන්න එපා. ඒ වගේම එක් ගිණුමකින් log out වෙලා තවත් ගිණුමකට යනවා නම් රවුටර් කිහිපයක් අවශ්‍ය නැහැ, එය restart කළා ම ඇති. තවත් පහසු ක්‍රමයක් වන්නේ IP වෙනස් නොවන Static IP VPN එකක් පාවිච්චි කරන එක යි.

PicoWorkers/Fiverr ගිණුම් පාවිච්චි කරන්න පරිගණක කිහිපයක් අවශ්‍ය ද? – Freepik/DCStudio

 

PicoWorkers/Fiverr ගිණුම් පාවිච්චි කරන්න පරිගණක කිහිපයක් අවශ්‍ය ද?

Fiverr, PicoWorkers තුළ ගිණුම් කිහිපයක් පාවිච්චි කරන අය ලැප්ටොප් කිහිපයක් සමඟ එම ගිණුම් භාවිත කරන්නට පෙලඹෙන්නේ තනි පරිගණකයකින් ලොග් වුණොත් ඔවුන් ඒ ඔබ බව දැනගනීවි යැයි සිතන නිසා යි. ඇත්තෙන් ම එය සිදුවිය හැක්කේ පෙර කොටසින් විස්තර කළ ආකාරයට IP එකට අමතර ව ඔවුන්ට බ්‍රවුසරයේ Cookies පරීක්ෂා කළ හැකි නිසා යි.

මෙයට කළ හැකි හොඳම විසඳුම් පරිගණක කිහිපයකට වියදම් කිරීම නොව, එකම පරිගණකයේ User Accounts කිහිපයක් භාවිතය යි. එවිට එක් ගිණුමක් භාවිත කර අවසානයේ User account එකෙන් sign out වී, රවුටරය restart කර, අනෙක් User account එකට ගොස් ඔබේ අනිත් ගිණුමට ලොග් වෙන්න පුළුවන්. නැත්නම්, Cookies delete කළත් හරි.

 ලැප් එකෙන් සහ ෆෝන් එකෙන් යන්න එපා ද? – Freepik/wayhomestudio

 

ලැප් එකෙන් සහ ෆෝන් එකෙන් යන්න එපා ද?

ඇතැමෙක් Fiverr, PicoWorkers වැනි සේවා තුළ තනි ගිණුමක් තිබිය දී පවා විවිධ අය දෙන උපදෙස් නිසා ෆෝන් එකෙන් සහ ලැප්ටොප් එකෙන් තමන්ගේ ‍එකම ගිණුමට ලොග් වෙන්නටත් බියෙන් සිටිනවා. නමුත් ඉහත කොටස් දෙකේ සඳහන් කළ කිසිවක් එලෙස තනි ගිණුමක් පාවිච්චි කරන අයට කොහෙත්ම අදාළ නැහැ. මේ සේවා සියල්ල (Facebook වගේමයි) සකසා තිබෙන්නේ ඔබේ සියලුම උපාංගවලින් ඔබේ ගිණුමට ලොග් වෙලා වැඩ කටයුතු පහසුවෙන් කරගන්නට හැකි වන පරිදි යි.

ඔබ ඔබෙන් ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, තමන්ගේ සේවාව වංචාවකින් තොරව සපයනවා නම්, එක Account එකක Gigs කිහිපයක් දමන්නටත් පුළුවන් නම්, ඔබට ගිණුම් කිහිපයක් අවශ්‍ය ඇයි ද යන්න යි.

පිළිතුර “Accounts ban වෙන නිසා” නම්, ඉන් අදහස් වන්නේ ඔබ කිසියම් හෝ වංචාකාරී කටයුත්තක නිරත වන බව යි. Client කෙනෙක්ගේ බොරු review එකක් නිසා ඔබේ ගිණුමේ ratings අඩු වුණොත් ඒවා පාරිභෝගික සේවාව හරහා විසඳා ගත හැකි යි. ඒ ‍වගේ ම, එකම ගිණුමක විවිධ Gigs (උදා: ඡායරූප/වීඩියෝ සැකසීම, මෘදුකාංග නිර්මාණය) තිබීම කිසිදු ගැටලුවක් නැහැ.

 Page reload extension දාන එක හොඳ නැද්ද? -Freepik/rawpixel-com

Page reload extension දාන එක හොඳ නැද්ද?

Fiverr වැනි සේවා භාවිතයේ දී තමන් නිතර Online ඉන්නවා නම් වැඩ ලැබීමට ඇති සම්භාවිතාවය වැඩි යි. මෙයට ඇතැමුන් කරන ක්‍රමයක් වන්නේ පිටුව ස්වයංක්‍රීය ව Refresh කරගන්නට Page reload extension භාවිත කිරීම යි. සාමාන්‍යයෙන් extension එකකට පිටුවේ ඇති දත්ත ලබා ගැනීමට හැකියාව තිබෙන නිසා ඔබ එවන් extension එකක් තෝරා ගනිද්දී හොඳින් සැලකිලිමත් වන්න.

ඒ හැරුණු විට, හුදෙක් පිටුව refresh වන extension එකකින් ඔබේ ගිණුමට කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබට දවස පුරාම පරිගණකය on කර ගෙන ඉන්න එක ගැටලුවක් නම් ෆෝන් එකෙන් නිතර (විනාඩි 10-15කට වරක්) App එක open කළත් හරි.

මේ ආකාරයේ තවත් ගැටලු ඔබ සතුව තිබෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න. ලැබෙන හොඳ ම ගැටලු කිහිපයකට තවත් ලිපියකින් පිළිතුරු සපයා දෙන්න අපි සූදානම්.

කවරයේ ඡායාරූපය: pexels.com/@annpoan

Related Articles