Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිවසට එන අමුත්තන් ලොව ඕනෑම තැනක සිට Smart Doorbell එක හරහා අමතන්න

නිවසින් බැහැර ව සිටින විට ඔබට නිවසේ ආරක්ෂාව මෙන් ම නිවසේ රැඳී සිටින දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ ආරක්ෂාව ගැන වැඩි වශයෙන් සිතන්නට සිදු වෙනවා. මෙම ප්‍රශ්නයට විසදුමක් වශයෙන් Dialog Smart Home වෙතින් Netvue Smart Doorbell එක දැන් ඔවුන්ගේ smart home උපාංග මාදිලිය යටතේ ඔබ වෙත හදුන්වා දී තිබෙනවා.

ඔබගේ නිවසට පැමිණෙන ඕනෑම අමුත්තකුට ඕනෑම තැනක සිට ඔබේ ජංගම දුරකතනයෙන් ඇමතීමට වගේ ම දොරකඩ ළඟ වන ඕනෑම සැක සහිත ක්‍රියාවක් කැමරාවේ ඇති Motion detection තාක්ෂණය යොදා ගෙන හඳුනා ගෙන ඔබට එවෙලේ ම දැනුම් දීමේ වාසිය මෙම කැමරාව මඟින් ඔබට ලැබෙනවා. ඒ වගේම, සැක සහිත අවස්ථා ස්වයංක්‍රීයව රෙකෝඩ් කර දෙන්නටත් එයට හැකියාව තිබෙනවා.

Smart Doorbell ඉතා ඉහළ මිල ගණන්වලට තිබුණත් දැරිය හැකි මිලක පවතින තත්ත්වයෙන් උසස් doorbell එකක් විදියටත් Netvue Smart Doorbell එක ඔබට හඳුන්වා දෙන්නට පුළුවන්. Netvue mobile app එකත් සමඟ ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක, ඔබේ ගෙදර අවට ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ජංගම දුරකථනය හරහා නැරඹිය හැකි යි.

රැඳවුම සහ කැමරාවේ විවිධ පැතිකඩ

යමෙක් දොරකඩට පැමිණ බෙල් එක නාද කළ විට Netvue ඇප් එක හරහා ඔබට notification එකක් ලබා ගත හැකි අතර ඉන්පසු Smart Doorbell එකේ ඇති 2MP කැමරාවෙන් පැමිණි කෙනා දැක ගන්නටත්, කැමරාවේ ස්පීකරයක් මෙන් ම මයික්‍රොෆෝනයකුත් අඩංගු වන නිසා වීඩියෝ කෝල් එකකින් එකිනෙකා සමඟ කතා කරන්නටත් අවස්ථාව ලැබෙනවා. 

සෙන්ටිමීටර 8X8 තරම් කුඩා 140g තරම් අඩු බරක් ඇති නමුත්, Motion detection, 8x දක්වා ඩිජිටල් zoom හැකියාව, අංශක 185කින් යුතු 720p වීඩියෝ පමණක් නොව, IP53 නිසා ජලයෙන් සහ දූවිල්ලෙන් සිදුවන හානියත් අවම කරන පහසුකම් එයට ඇතුළත්. සෙල්සියස් අංශක 50ක් දක්වා උණුසුමකට ඔරොත්තු දෙන නිසා හිරු එළිය වැටෙන ස්ථානයක පැවතුණත් ගැටලුවක් වන්නේ නැහැ.

මෙම smart doorbell එකේ කැමරාව Alexa සමඟ සම්බන්ධ වන නිසා, ඔබ සතුව Alexa උපාංගයක් ඇත්නම් “what’s happening at the front door” වැනි විධානයකින් රූපවාහිනී තිරයෙන් කැමරාව සක්‍රීය කර ඒ දසුන් නැරඹිය හැකි යි. නැතහොත්, කැමරාවේ ඇප් එකෙන් ද ඔබට ඕනෑම වෙලාවක ඔබේ ගේට්ටුව ඉදිරිපස සිද්ධවෙන දේවල් පැහැදිලිව නරඹන්නට පුළුවන්. 

රාත්‍රී කාලයේදී ශබ්දයක් ඇසුණා ම දොර හැරගෙන පිටතට යනව‍ා වෙනුවට 850mm infrared LED සමඟ Night Vision ඇති නිසා රාත්‍රියේදීත් ඔබට සුපැහැදිලි දසුන් ලබා ගත හැකි යි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ පරිශීලකයන් 20 දෙනකු දක්වා කැමරාව බෙදා ගත හැකි වීම යි. ඔබේ පවුලේ සිටින සියලු දෙනාට ම Netvue ඇප් එක හරහා නිවසේ කැමරාව භාවිතා කළ හැකි බවයි ඉන් පැවසෙන්නේ.

ඇසුරුමේ අන්තර්ගතය (lifewire.com)

Motion detection විශේෂාංගය නිසා මෙන්ම එදිනෙදා කැමරාව සක්‍රීය වන අවස්ථාවලදීත් වීඩියෝ ස්වයංක්‍රීයව රෙකෝඩ් වන නිසා පසු අවස්ථාවක ඔබට ඒවා නැරඹීමට හැකි වන අතර, අවශ්‍ය නම් දින 7ක් දක්වා Cloud backup කිරීමේ හැකියාවත් තිබෙනවා.

තවත් විශේෂ දෙයක් වන්නේ මෙම කැමරාව ඉතා පහසුවෙන් ඔබටම සවි කරගන්නට හැකි වීමයි. සවි කරන ආකාරය පිළිබඳ වීඩියෝවක් නැරඹීමට මෙතන ක්ලික් කරන්න. රු. 19,990ක් වන මෙම කැමරාව ඩයලොග් වෙබ් අඩවිය හරහා ඔබට නිවසටම ගෙන්වා ගන්න හැකියාව තිබෙනවා. මිලදී ගැනීම සඳහා මෙතනට පිවිසෙන්න.

Related Articles