Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොකක්ද මේ අලුත් WhatsApp Communities පහසුකම? 

Meta සමාගම ඩොලර් මිලියන ගණන් වියදම් කරමින් ඔවුන්ගේ නවත ම මෙටා විශ්වය නිර්මාණය කරන ගමන් තමයි තියෙන්නේ. හුදෙක් සමාජ මාධ්‍යකට එහා ගිය මෙටා විශ්වය ගැන විස්තර අපි පෙර ලිපිවලින් ඔබ වෙත ගෙන ආවා.  කොහොම නමුත් Meta සමාගම වැඩ ජනප්‍රියත්වයක් උසුලන්නේ සමාජ ජාල හරහා මිනිසුන්  එකිනෙකා සමඟ වැඩ කිරීමට වඩාත් සමීප කරවීම වෙනුවෙනු යි.

දුරස්ථ ව ඉන්න පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ ළබැඳියන් වඩාත් සමීප කරවීම වෙනුවෙන් ම WhatsApp යෙදුමට එක් කරන්නට නියමිත Communities නම් පහසුකමක් පිළිබඳ පසුගිය දිනෙක ඔවුන් හඳුන්වා දුන්නා.

විශාල කතිකාවත් ගොඩ නැඟෙන සමුහ

මේ වනතෙක් WhatsApp හරහා ඉතාම සමීප හා සීම්ත පිරිසක් හා සම්බන්ධ වෙන්නට තිබු අවස්ථාව නුදුරේදී ම විශාල කතිකාවත් ගොඩ නැඟෙන සමුහ WhatsApp තුළ මේ නව Communities පහසුකම් සමඟ ගොඩ නැඟේ වි.මේ නව පහසුකම් හරහා ඉතාම විශාල පරිමාණයේ කණ්ඩායම් සමඟ අදහස් හුවමාරු කර ගන්නට whatsapp පරිශීලකයන්ට අවස්ථාවත් හිමි වේවි. (මේ හා සමාන පහසුකම් දැනටමත් Telegram හා Facebook තුළ දක්නට ලැබේනවා.)

32ක කණ්ඩායමකට එකවර සම්බන්ධ විය හැකි Whats-app group calls සහ emoji reactions වගේ ම මේ නව පහසුකම් ක්‍රියාත්මක කරවීම සඳහා ම නව admin tools හා moderation controls පවා හඳුන්වා දීමට නියමිත යි.

32ක කණ්ඩායමකට එකවර සම්බන්ධ විය හැකි Whats-app group calls – blog.whatsapp.com

 

WhatsApp platform එකෙහි මීළඟ විශාල ඉදිරි පියවර වෙනුවෙන් දැනටමත් මේ පහසුකම් සියල්ල ම නිර්මාණය වෙමින් තමයි තියෙන්නේ. මේ නව පහසුකම් එක් කිරීම ඔස්සේ ඔවුන් මෙතෙක් පරිශීලක දත්ත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පවත්වාගෙන  ආ end-to-end encryption පහසුකමටත් තව දුරටත් මුලිකත්වය ලබාදෙමින් කටයුතු කරන්නට ඔවුන් සුදානමින් ඉන්නවා. ඊට අමතර ව පරිශීලකයන්ගේ  සමුහයකට එක්වීමට තිබෙන තිබෙන විශාල කැමැත්තට අපුර්ව Platform එකක් බවට Communities පත් කිරීම ඔවුන්ගේ අරමුණ යි.

විශාල group නිර්මාණය සඳහා ඉඩ

WhatsApp ලබදෙන්න සුදානමින් ඉන්න Communities පහසුකම නිසා දැනටමත් එවැනි විශාල group නිර්මාණය සඳහා ඉඩ ලබා දී තිබෙන Telegram වැනි යෙදුම් සඳහා විශාල තර්ජනයක් එල්ල වන්නටත් පටන්ගෙන තිබෙනවා. ඔබ දන්නවනේ දැනටත් පවතින රුසියානු යුක්රේන යුද්ධයේ තීරණාත්මක ම පණිවිඩ හුවමාරු  ක්‍රමවේදය වී  Telegram බව.  ඒ පහසුකම ඒ විදිහට ම නැතත් අනෙකුත් පෞද්ගලික පණිවිඩ හුවමාරු යෙදුම්වලට (iMessage , Signal, GroupMe, Band, Remind) වුවත් මේ නව පහසුකම් එක්ක අලුත්වෙන WhatsApp විශාල අභියෝගයක් වේවි කියලා තාක්ෂණික ලෝකය අනුමාන කරනවා.

මේ නව පහසුකම් දැනට ම Facebook හි වඩාත් පුද්ගලික ජාලකරණ මෙවලමක් ලෙස, මසකට පරිශීලකයන් සහ අදහස හුවමාරු කර ගන්නන් බිලියන1.8 කරට වඩා රැඳී ඉන්න Facebook Groups පහසුකමේ ම වෙනස් ආරක එකක් වනු ඇති බවට ආරංචිමාර්ග සඳහන් කරනවා. Facebook Groups  හා සමාන ව ම සංවිධාන, පාසල්, ආයතන ආදී ඕනෑම කෙනකුට මෙහි අදහස් හුවමාරු කර ගැනීම වෙනුවෙන් නව සමූහ නිර්මාණය කිරීම සඳහා ඉඩ ලැබේවි.

ලිපිය කියවගෙන එද්දී ඔබට හිතෙන්න පුළුවන් Facebook Groups වල සහ WhatsApp Communities පහසුකමේ වෙනසක් නැහැ කියලා. එකට උත්තරේ ඔව් සහ නැහැ කියන දෙක ම ආකාරයෙන් දෙවැන්න පුළුවන්. මේ ප්ලැට්ෆොර්ම් දෙකේ ම සමූහ හදන එකෙන් අරමුණු වෙන්න මිනිසුන් එක් රැස් කර ගැනීම් වුණත් මේ ‍යෙදුම්, දෙකේ පහසුකම් ද්විත්වයෙන් අරමුණු වෙන්නේ සම්පුර්ණ වෙනස් පරිශීලක කොට්ටාස දෙකක්. උදාහරණයක් විදියට Facebook Groups හි ප්‍රධාන ලෙස අරමුණු වෙන්නේ  සමාජ ජාලයේ සිටින නන්නාඳුනන වුවත් සහෘද හදවත් ඇත්තවුන් එකම ස්ථානයකට හෝ එකම අරමුණකට පෙළ ගැස්වීම යි. 

WhatsApp Communities පහසුකම නම් ප්‍රධාන ලෙස ම එකිනෙක අතර දැනටමත් යම් බැඳීමක් ඇති හෝ හඳුනන කණ්ඩායම් වෙනුවෙන් ම යි වෙන් වෙන්නේ.  WhatsApp ප්‍රධානී Will Cathcart මේ නව පහසුකම් පිළිබඳ ව අදහස් දක්වමින් කියා සිටින්නේ තමන් ගේ යෙදුමේ නව කමියුනිටි පහසුකම  වුවත් වට්ස්ඇප් ක්‍රියාත්මක වෙන්නෙ ම දුරකථන  අංක මත නිසා මෙය පුද්ගල කණ්ඩායම් හෝ සමුහවලට වඩාත් උචිත වනු ඇති බව යි.

WhatsApp ප්‍රධානී Will Cathcart කියන්නේ මෙය පුද්ගල කණ්ඩායම් හෝ සමූහවලට එය වඩාත් උචිත වනු ඇති බවයි- Roar Media

 

වට්ස් ඇප් කමියුනිටි පහසුකම භාවිත කරන හා එහි සමුහයක රැඳී ඉන්න සියලු ම දෙනාට අනෙක් සාමාජිකයන්ගේ දුරකථන අංක දර්ශනය වීම සිදු වෙනවා. ඒ ඔස්සේ පණිවිඩ හුවමාරු කර ගැනීමේ දී Facebookවල group එකක අදහස් දැක්වීමකට වඩා වැඩි පෞද්ගලිකත්වයක් හා සම සමීප බවක් පරිශීලකයන්ට දැනෙනු ඇති බව සඳහන් කරනවා.

ඊට අමතර ව තවත් ප්‍රධානත ම වෙනස්කමක් බවට පත් වෙන්නේ WhatsApp Communities සාමාන්‍ය Facebook groups search කිරීමකින් සොයා ගැනීමට කිසිවකුට හැකි වෙන එකක් නොමැති නිසාවෙන් ම යි. WhatsApp Communities වෙත එක්වීමට නම් එහි නිර්මාතෘවරයාගෙන් හෝ සමුහයේ admin වරයකුගෙන් Invitation ලැබීම අත්‍යවශ්‍යයි.

අලුත් පහසුකම එක්ක WhatsApp -blog.whatsapp.com 

 

මේ නව WhatsApp Communities පහසුකම පරිශීලකයන් වෙත ලබා දුන් විට ඔබේ දැනට ම තිබෙන විශාල group එකක් ඒ වෙත හැරවීම හෝ අලුතෙන් ම සමූහයක් සැදීම ඔබට කරන්නට පුළුවන් වේවි.  කොහොම නමුත් දැනට නම් එක සමුහයකට සාමාජිකයන් කීදෙනෙක් සම්බන්ධ  කිරීමට ඉඩ ලබා දෙනවාද යන්න නම් නිල වශයෙන්  සඳහන් වෙන්නේ නැහැ.  බොහෝ විට ඉදිරි සති කිහිපය ඇතුළත දී ඒ සියල්ල ඔබට දැන ගැනීමට හැකි වේවි.

කවරයේ ඡායාරූපය -  blog.whatsapp.com 

මූලාශ්‍ර:

blog.whatsapp.com

techcrunch.com

socialmediatoday.com

Related Articles