Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Telegram පාවිච්චියට ඉදිරියේ දී මුදල් ගෙවන්න සිදු වේවි ද?

ලෝකයේ ජනප්‍රියත ම පණිවිඩ හුවමාරු යෙදුමක් විදිහට අපිට Active usersලා ගේ ගණන මිලියන 500 පසුකරපු platform එකක් විධියට Telegram හඳුන්වන්න පුළුවන්. පණිවිඩ හුවමාරුවේ දී ලැබෙන ආරක්ෂාව (end to end encryption),  සාමාන්‍ය Messeging application එකකට වඩා තියෙන සුවිශේෂ පහසුකම නිසාම මේක අද වෙද්දී සමාජ ජාලයකට ඉතා ම ආසන්න තත්වයක තමයි තියෙන්නේ. 

මේ දින කිහිපයේ Telegram ගැන අහන්න ලැබෙන කතා නම් එච්චර ම හොඳ නම් නැහැ. ඔබට මතක ඇති නේ ටෙලිග්‍රෑම්වල රහස් ගැන වගේ ම Telegram හරහා පැතිරෙන භයානක වෛරසයක් ගැනත් පෙර ලිපිවලින් අපි ඔබට කරුණු ගෙන අවා. 

Telegram subscription සැලසුම්

Telegram නොමිලේ භාවිතයට ඉදිරියේ දී අවථාවක් නැතිවේවි ද? මේ ලිපිය ඒ පිළිබඳ ව යි.

Telegram යෙදුමේ පරිශීලකයන් නොමිලේ දැනට භාවිත කරන සමහරක් පහසුකම් නුදුරේ දී ම තව දුරටත් නොමිලේ භාවිත කරන්නට පරිශීලකයන්ට හැකියාව නොලැබෙන බවට තාක්ෂණ වෙබ් අඩවි හරහා වාර්තා පළ වෙනවා. මේ පිළිබඳ ව වසර කිහිපයක සිටම විවිධාකාර ආරංචි පැතිරුණත් ඒ ගැන Telegram වෙතින් නිල වශයෙන් නම් කිසිඳු ප්‍රතිචාරයක් පළ වුණේ නැහැ. කොහොම නමුත් techcrunch.com වෙබ් අඩවිය අනුව මේ මස අවසානයේ දී Telegram subscription සැලසුම් හඳුන්වා  දීමක් සිදු වන බව අනාවරණය කෙරුණා. මේ පිළිබඳ ව කරුණු තහවුරු කරන්නේ Telegram යෙදුමේ නිර්මාතෘ Pavel Durov ම යි.  

මේ මස අවසන Telegram subscription සැලසුම් හඳුන්වාදීමක් සිදු වන බව අනාවරණය කෙරුණා – Durov’s Channel FB page

 

Durovට අනුව මේ subscription සැලසුම් නොමිලේ Telegram භාවිත කරන පරිශීලක අත්දැකීමට කිසිදු හානියක් නොකරනු ඇතැයි ඔහු විශ්වාස කරනවා. ඒ වගේම මේ Non-subscribersලා වෙත premium පරිශීලකයන් upload කරන විශාල ප්‍රමාණයේ ෆයිල්ස් හා සම්බන්ධ වීමටත් හැකිවෙන බවත් ඔහු සඳහන් කරනවා.  

ලබාදෙන විශාල පහසුකම් ප්‍රමාණය

තම යෙදුම අනෙක් හැම පණිවිඩ හුවමාරු යෙදුමකට ම වඩා විශේෂ ලෙස ලබාදෙන විශාල පහසුකම් ප්‍රමාණය නිසා තම සමාගමට දරන්නට වෙන වියදම අති මහත් බවත් ඔහු සඳහන් කරනවා. මේ ඔස්සේ ඒ වියදම යම් මට්ටමකින් හෝ අවම කර ගන්නට ඔවුන්ට හැකි වේවි යැයි ඔහු විශ්වාස කරනවා.

මෙලෙස සමහර පහසුකම් paywall එකක් යටතට ගන්නා බවට ඔහු මුලින් ම සඳහන් කළේ 2020 වසරේ දී යි. ඒ කාලයේ සිට ම විවිධාකාරයේ අත්හදා බැලීම් ඔස්සේ premium පරිශීලකයන්ට අලුතෙන් ලබාදෙන පහසුකම් පිළිබඳ ව සලකා බලා තිබෙනවා. මේ නව සබ්ස්ක්‍රිප්ෂන් ප්ලෑන් එක ඔස්සේ  දැනට Telegram නොමිලේ භාවිත කරන පරිශිලකයන් මෙයින් ඈත් නොවීමට වග බලා ගැනීමට අවශ්‍ය නිසාම මේ තරම් කාලයක් ඒ සදහා ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.

අලුත් වෙලා වෙනස් වෙන Telegram – theverge.com

 

තවමත් සම්පුර්ණයෙන්ම මේ නව power usersලාට ලැබෙන විශේෂ පහසුකම් පිළිබඳව වැඩි විස්තර  නිකුත් කර නැහැ. මේ යෙදුමේ Beta version ඔස්සේ එකතු කරගත් දත්ත අනුව මේ නව subscription plan එක මසකට $4.99 ක පමණ මුදලක් වනු ඇති බව වාර්තා වෙනවා. ඒවගේම power usersලා වෙත පරිශීලකයන්ට වඩා වැඩි Download speed එකක් සහ text to speech පහසුකමක් ඇතුළු පහසුකම් අඩංගු වන බවට කරුණු අනාවරණය ව තිබෙනවා. ඉන් සමහරක් මෙසේ යි.

එකවර Share කිරීමට හැකි Files එකක උපරිම Size එක Premium පරිශීලකයන්ගේ 4GB දක්වා ලැබෙනවා (දැනට සාමාන්‍ය user කෙනකුට upload කළ හැක්කේ 2GB පමණයි)

Premium පරිශීලකයකුට විශේෂිත exclusive stickers භාවිත කිරීමට හැකි වෙනවා.

Premium පරිශීලකයකුගේ Profile එකට ඔහු Premium බව හඟවන තරු සලකුණක් එක් වෙනවා.

Animated Profile Photos දැමීමේ හැකියාව හැකියාව තවදුරටත් Telegram Free භාවිත කරන ඔබට හැකි වෙන්නේ නැහැ.

Telegram App එකේ Icon එක වෙත Premium App Icon එකක් එකතු කිරීමේ හැකියාව.

කොහොම නමුත් මේ නව ප්‍රකාශ සමඟ පෙර කාලයේ Telegram පරිශීලකයන්ට වෙත ලබා දුන් පොරොන්දු බිඳ වැටෙන බවයි බොහෝ දෙනකුගේ මතය වෙන්නේ. සියල්ලන්ට ම නොමිලේ භාවිත කළ හැකි යෙදුමක් ලෙස හඳුන්වා ගත් Telegram හදිසියේ ම මේ ලෙසින් subscription සැලසුම් හඳුන්වාදීම පිළිබඳ බොහෝ දෙනෙක් අප්‍රසාදය පළ කරනවා. 

Telegramවල වෙළෙඳ දැන්වීම්  දිවවීම

 තවමත් Telegramවල වෙළෙඳ දැන්වීම්  දිවවීමට නම් අදහසක් නොමැති බව තමයි Durov කියන්නේ. ඔහු විශ්වාස කරන අන්දමට මේ Platform එක පරිශීලකයන් මුලික කරගෙන බිහි වෙන එකක් නිසාම වෙළඳ දැන්වීම්වලින් පරිශීලකයන් කරදරයට පත් කරන්නට ඔහු සුදානම් නොවන බවත් මේ platform එක පරිශීලකයන්ගේ නිසා ඒ වෙත යම් ගෙවීමක් කරනවා නම් එයත් ඔවුන් සිදු කිරීම වැඩ උචිත බවත් ඔහු සඳහන් කරනවා. ඉන් පරිශීලක දත්ත ආරක්ෂාව වඩාත් තහවුරු වන අතර විවිධාකාර වෙළෙඳ දැන්වීම් මඟින් අනවශ්‍ය ලෙස පරිශීලකයන් track කිරීම වලකාලනවා. මේ ප්‍රකාශය අදාළ වන්නේ පෞද්ගලික චැනල්ස් සහ groups සඳහා පමණ යි.  Public channelsවල යම් මට්ටමක වෙළඳ දැන්වීම් පෙන්වීමක් සිදු වේවි යයි අනුමාන කරන්නට පුළුවන් බවයි තාක්ෂණික ලෝකයේ පිළිගැනීම.  කොහොම වුණත් තමන් තවමත් පරිශීලකයන්ට මුලිකත්වය ලබා දෙන බව Durov සඳහන් කරනවා.  

මේ සියලු සැලසුම් දීර්ඝකාලීන ව බල පවතිනවාද නැද්ද යන්න තීරණය වෙන්නේ දැනට Telegram භාවිත කරන මිලියන 500 කට අධික පරිශීලකයන්ගෙන් විශාල ප්‍රමාණයක් නව premium සැලසුම් භාවිතයට පටන් ගත්තොත් විතරයි. එහෙම නොවුණොත් බොහෝ විට වෙළෙඳ දැන්වීම් පෙන්වීමේ ප්‍රකාශය පවා වෙනස් වෙන්නට ඉඩ තිබෙනවා.  අපි බලමු කොයි විදිහට ද මේ මාසේ අග වෙද්දී හඳුන්වා දෙන බවට ආරංචි වෙන මේ නව Telegram subscription සැලසුම් පරිශීලකයන් බාරගන්නේ කියලා. දිනක ටෙලිග්‍රෑම් සම්පුර්ණයෙන් ම මිලදී ගෙන භාවිත කරන්න සිදු වුණොත් ඔබ එය කරන්නට සුදානම් ද? 

ඒ ගැන ඔබේ අදහස් අපිට කියන්න අමතක කරන්න එපා.

කවරයේ ඡායාරූපය: techcrunch.com

මූලාශ්‍ර:

techcrunch.com

theverge.com

bleepingcomputer.com

beebom.com

Related Articles