Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවට සමු දුන් ‘GIF’ නිර්මාතෘ Stephen Wilhite

ලෝකයේ අදටත් බොහෝ දෙනෙක් කතා බහට නිතර ලක් කරන වගේම අපි බොහෝ දෙනෙක් එදිනෙදා අන්තර්ජාලය ආශ්‍රිත පණිවිඩ හුවමාරු ක්‍රමවලදී භාවිත කරන GIF සංකල්පයේ නිර්මාතෘ වරයා වෙන්නේ Stephen Wilhite. ඔහු පසුගිය දිනක Covid-19 හේතුවෙන් මෙලොව හැර ගියා. මේ ලිපිය වෙන් වෙන්නේ ඔහු වෙනුවෙන්.  

අන්තර්ජාලය හරහා කෙටි වීඩියෝ පට බෙදාහැරීම පිළිබඳ සහ ඒවා කුඩා ගොනු ලෙසින් compress කිරීමට ඇති හැකියාව පිළිබඳ පෙරළිකාර සොයා ගැනීම් රැසක් කළ සමාගමක් ලෙස අන්තර්ජාලයේ නොමැකෙන ලෙස සටහන් වෙන CompuServe සමාගම එක්ක Stephen Wilhite 1987 දී වැඩ කළා. ඔහු ඇතුළු කණ්ඩායම වසර ගණනාවක් සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක්  ලෙසින්  Graphics Interchange Format එහෙම නැති නම් GIF බිහි වුණා.

The GIF Turns 30: How an Ancient Format Changed the Internet | WIRED
  Stephen Wilhite ගේ “dancing baby” GIF –  www.wired.com 

මේ  අපුර්ව ක්‍රමවේදය පණිවිඩ හුවමාරු ක්‍රම වගේම සමාජ අන්තර් සබඳතා ඇති වෙන ආකාරය හා ඒවාට පුතිචාර දක්වන අන්දම පවා වෙනස් කරන්නට සමත් වුණා. නොකඩවා loop වෙන මේ අපුර්ව නිර්මාණ අතරින් 1996 පමණ කාලයේ අන්තර්ජාල ආක්‍රමණය කළ “dancing baby” GIF   Stephen Wilhite ගේ ප්‍රියත ම GIF එක බව ඔහු සඳහන් කර තිබෙනවා.

ඊට අමතර ව Giphy වගේ platformsවලත් මෙය අතිශය ජනප්‍රිය වුණා.  මේ වසරේ දී Webby Awards හී දී ඔහුට  lifetime achievement honor සම්මානයක් ද හිමි වුණා.

 Webby Award සම්මාන උලෙලේදි Stephen Wilhite තම බිරිය සමඟ – Getty Images 

 

lossless, compressed graphics නිර්මාණය කිරීමේ අරමුණින් ඇරඹි මේ ව්‍යාපෘතියේ මුලික ම අදියරේ දී 87a නමිත් නව image format එකක් 1987 දී නිර්මාණය කරන්න Compuserve කණ්ඩායම සමත් වුණා. කොහොම නමුත් 1998 දී පමණ Netscape වෙබ් බ්‍රව්සරයට GIF එකතු නොකළා නම් (සහාය දීම ඇරඹීම) මේ අපුර්ව තාක්ෂණය සම්පුරණයෙන්ම අභාවයට යා හැකි බව Wilhite සඳහන් කර තිබුණා.

දැනුම පොතට – අදටත් ලෝකයේ බොහෝ දෙනෙක් GIF යන  උච්චාරණය කරන ආකාරය පිළිබඳ වාද විවාද ඇති කර ගන්නවා. නමුත් මෙහි නිර්මාතෘවරයාට අනුව එය උච්චාරණය විය යුත්තේ jif – ජිෆ්  ලෙස යි. අදාළ උච්චාරණ දෙකම The Oxford English Dictionaryය පිළිගත්තත් Stephen Wilhite දැඩි ව කියා සිටින්නේ එය jif ලෙස උච්චාරණය විය යුතු බව යි.

ඔබ දන්නවා ද?  2012 වසරේදී  Oxford American Dictionaries,  word of the year ලෙස “GIF” තෝරා ගත් බව.  

2000 – 2017 කාලය GIFවල ස්වර්ණමය  කාලය ලෙසයි හැඳින්වෙන්නේ. එවකට සම්පුර්ණ අන්තර්ජාලය ම පාහේ මේ GIFවලින් පිරි ඉතිරි තිබුණා. මුලින් ම නිර්මාණය කළ GIF එක තුළ තිබු බවට සැලකෙන්නේ ගුවන් යානයක් අහසේ තිබෙන දර්ශනයක්. එදා පටන් අද (2022) වවන තෙක් ම GIF, ලෝකයේ බොහෝ පෙරළි ඇති  කරන්නට සමත් වුණා. මිනිසුන් අදහස් හුවමාරු කර ගන්නා ආකාරයන් වෙනස් වුණා. විශේෂයෙන් ම වඩාත් නිර්මාණශීලී විදිහට අදහස් හුවමාරු කරගන්නවාට එහා ගිහින් meme වැනිදේ නිර්මාණය කිරීමේ වෙනස් ම රටාවක් නිර්මාණයට පවා GIF සංකල්පය හේතු වුණා. ඔය කොහොම වුණත් පසු කාලයේ GIF යම් මට්ටමකින් මිනිසුන් ගෙන් දුරස් වෙන්නට වුණා. ඒ MySpace සිට අනෙක් සමාජ මාධ්‍ය මේ GIF වෙත තම සේවාවල සහාය දීම අරඹන තෙක් පමණ යි.

මේ ලෙස සමාජ ජාලා GIF වෙත සහය දීම ආරම්භ කළ නිසා ම ලෝකයේ මේ සංකල්පය ආශ්‍රිත නිර්මාණ  තව තවත්  ප්‍රචලිත වුනා. මේ අතරට විවිධාකාර චිත්‍රපට වල කොටස්, ප්‍රකට සිදුවීම්, ජනප්‍රිය පුද්ගලයන් ගේ reactions වගේ බොහොමයක් දේ එකතු වුණා.

අද වෙද්දී ඔබේ ම කැමැත්ත පරිදි GIF නිර්මාණය කරන්නත්, ඒවා මිතුරන් සමඟ බෙදාගන්නත් ඔබට හැකියාව තිබෙනවා.

 පළමු GIF එක – dailydot.com

Stephen Earl Wilhite ගැන සැකවින්

Stephen Earl Wilhite උපත ලබන්නේ West Chesterවලදී යි. ඒ 1948 මාර්තු තුන්වෙනිදා යි. Clarence Earl Wilhite ඔහුගේ පියා වූ අතර එවකට ඔහු කර්මාන්තශාලා සේවකයෙක් ලෙස සේවය කළා. ඔහුගේ මව  Anna Lou (Dorsey) Wilhite හෙදියක් ලෙසින් සේවය කළා.

Stephen Earl Wilhite වටා ගෙතුණු කතාන්දර ගණනාවක් තිබෙනවා. ඔහුගේ GIF නිර්මාණය දක්වා පැමිණි ගමන්මඟ දිග හැරෙන ලියවිල්ලක එවැනි සිදුවීම් ගණනාවක් සඳහන් වෙනවා. ඉන් එකකට ඔහුගේ  මිණිබිරියත් සම්බන්ධ වෙනවා. දිනක් Wilhiteගේ මිණිබිරිය තම සීයා GIF සංකල්පයේ නිර්මාතෘ බව  ඇයගේ පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුතුමියට පවසා තිබෙනවා. ගුරුතුමිය එය පිළිගන්නට අකමැති ව තිබෙනවා. 

මේ සිදුවීම නිසා ඔහු තම මිණිබිරිය වන Kylie ගේ ගුරුතුමිය වෙත ලිපියක් යවමින් මේ කතාව තහවුරු කරන්න ක්‍රියා කරනවා. ඒවගේම ඔහු ඒ ලිපියේ තම අත්සන සමඟින් වැකියක් ද එකතු කරනවා. ඒ ‘Google it,’ ලෙසයි. තමන්ගේ නම Google සෙවුම් යන්තරයෙන් search කර බලන ලෙස ඔහු ලිපියේ අවසානයට දන්වා යවනවා.

model-train නිර්මාණය

Wilhiteට වයස අවුරුදු 51 දී ඇති වන රෝගී තත්වයන් නිසා විශ්‍රාම දිවියට පිවිසෙන්නට සිදු වෙනවා. දිගින් දිගට ම ඔහුගේ programming skills භාවිත කරමින් විවිධාකාර ව්‍යාපෘතිවල ඔහු නිරත වෙනවා. ඒවා අතර ඔහුගේ ප්‍රියත ම විනෝදාංශය  වූ model-train නිර්මාණය සහ ඒවා ක්‍රමලේඛනය කිරීමත් ඇතුළත් වෙනවා. කොයිතරම් මේ model-train නිර්මාණයවෙත ඔහු ඇලුම් කරනවාද කියනවා නම් ඔහුගේ නිවසේ බිම් මහලේත් කන්තෝරු කාමරයේත් එවැනි සැකසුම්  ගණනාවක් දකින්නට තිබෙන බව ඔහුගේ බිරිය විදෙස් මාධ්‍ය වෙත සඳහන්  කර තිබුණා.

Wilhite එළිමහනේ  කාලය ගත කරන්නත් ඉතා ම ප්‍රිය කළ බව ඔහුගේ බිරිය සඳහන් කරනවා. විශේෂයෙන් ම තම දරුවන් සමඟ එසේ කාලය ගත කරන්නට ඔහු වැඩි කැමැත්තක් දක්වා තිබෙනවා.

giphy.com තම නිර්මතෘ වරයාට අපුර්ව ගෞරව දැක්වීමක් එක්කොට තිබුණා. මේ සබැඳියෙන් එය ඔබටත් බලන්න පුළුවන්.

කවරයේ ඡායාරූපය -  Webby Award සම්මාන උලෙළේදි Stephen Wilhitedailydot.com 

මූලාශ්‍ර:

dailydot.com 

nytimes.com 

cnn.com 

giphy.com  

Related Articles