Dialog Home Broadband රවුටරයෙන් කෝල් ගන්න App එකක්

ඔබ සතුව තිබෙන රවුටරයේ පසුපස සාමාන්‍ය ස්ථාවර දුරකථනයක් සම්බන්ධ කළ හැකි RJ-11 jack එකක් තිබෙනවා ඔබ දැක ඇති. ඒත් ඒ වෙනුවෙන්ම ඒ වර්ගයේ ‍ෆෝන් එකක් ගන්න එක අද කාලයේ විහිළුවක්. දුරකථනයක් ද අඩංගු Hybrid රවුටර් වුණත් ප්‍රමාණයෙන් විශාල නිසා කරදරකාරීයි. ඒත්, දැන් ඒ සඳහා App එකක් තිබෙන නිසා කිසිම ගැටළුවක් නැහැ.

App එකේ නම තමයි Dialog HomeTalk කියන්නේ. ඉතා හොඳ ශබ්ද ගුණාත්මක භාවයක්, සාමාන්‍ය ඇමතුම් ගාස්තු, ඇමතුම් ගැනීමේදී ඩේටා කැපීමක් සිදු නොවීම වගේම පහසුවෙන් භාවිතා කළ හැකි වීම මේ App එකේ විශේෂත්වයක්.

ඇප් එක Install කරගන්නේ මෙහෙමයි:

  1. Play Store එකෙන් Dialog HomeTalk App එක Install කරගන්න.
  2. ෆෝන් එක Dialog Home Broadband WiFi Network එකට connect කරන්න.
  3. එවිට එම රවුටරයේ සබඳතාවය සමග ලියාපදිංචි කර තිබෙන දුරකථන අංකයට OTP එකක් සහිත SMS එකක් එනවා.
  4. එසේ ලැබුණු OTP එක ඇතුලත් කරන්න.

දැන් ඔබට ඔබේ රවුටරයේ අංකයෙන් ඇමතුම් ගන්නට හැකියාව ලැබෙනවා. මෙලෙස ලියාපදිංචි කළ හැක්කේ වරකට එක් App එකක් පමණයි. උදාහරණයක් ලෙස ඔබ තවත් දුරකථනයකට HomeTalk App එක දාලා ඉහත පියවර අනුගමනය කළොත් මුලින් කළ ෆෝන් එක unregister වෙනවා. ඒ වගේම, තවම iOS සඳහා මෙය ලබා දී නැහැ.

මේ App එක හරහා IDD ඇමතුම් ගන්නත් පුළුවන්. 2020 ජූලි 31 දක්වා රටවල් 22කට සුවිශේෂී වට්ටම් මිලකට IDD ඇමතුම් ගැනීමේ පහසුකමත් ලැබී තිබෙනවා.

  • සවුදි අරාබිය – ස්ථාවර දුරකථන රුපියල් 12 ට සහ ජංගම දුරකථන රු .14
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය – ස්ථාවර දුරකථන සහ ජංගම දුරකථන රු .16
  • ඉතාලිය – ස්ථාවර දුරකථන රු .3 ට සහ ජංගම දුරකථන රු .18
  • කටාර් – ස්ථාවර දුරකථන රු .18 ට සහ ජංගම දුරකථන රු .19
  • ඕමානය – ස්ථාවර දුරකථන රු .15 ට සහ ජංගම දුරකථන රු .25

අනෙකුත් රටවල් සහ ගාස්තු https://www.dialog.lk/special-idd-offer වෙබ් පිටුවෙන් ඔබට දැකගත හැකියි.

Dialog HomeTalk App එක ගැන වැඩි විස්තර www.dialog.lk/home-talk-app වෙත පිවිස දැනගත හැකියි.

Related Articles

Exit mobile version