Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුත් වෙන, වෙනස් වෙන මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග

MacOS Catalina

macOS Catalina මෙහෙයුම් පද්ධතිය – aolcdn.com

Mac පරිගණක භාවිතා කරන බොහෝ දෙනෙකු බලා සිටි ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය, macOS Catalina ලබන ඔක්තෝම්බර් මාසයේ දී එළිදැක්වීමට Apple සමාගම සූදානමින් සිටිනවා. දීර්ඝ කාලයක් beta testings කිරීමෙන් අනතුරුව යි මෙය නිකුත් කිරීමට ඔවුන් තීරණය කර තිබෙන්නේ. පරිශීලකයන්ට මේ මෙහෙයුම් පද්ධතිය සමග නව්‍යකරණය වූ විශේෂාංගයන් රාශියක් ලැබෙනවා. Mac App Store හරහා සුපුරුදු පරිදි මෙය download කර ගැනීමට පරිශීලකයින්ට ඉඩ ලැබෙනවා. 

WWDC 2019 event එක අතරතුර දී හෙළි කළ පරිදි Project Catalyst නම් වූ framework එකක් හරහා iPad apps mac පරිගණකවල භාවිතා කළ හැකි ලෙස නිර්මාණය කිරීමේ හැකියාව ලබාදීමට Apple සමාගම සූදානම් වෙනවා.

mac OS Catalina සංස්කරණය ලැබීමට නියමිත පරිගණක

  • MacBook (2015 or newer)
  • MacBook Air (2012 or newer)
  • MacBook Pro (2012 or newer)
  • Mac mini (2012 or newer)
  • iMac (2012 or newer)
  • iMac Pro (from 2017)
  • Mac Pro (2013 or newer)

iOS 13 සහ 13.1 

පසුගිය සැප්තැම්බර් 19 වැනි දින නිකුත් කළ  IOS 13 – techrepublic.com

ඔවුන්ගේ beta තත්ත්වයේ තිබු IOS 13 දුරකථන මෙහෙයුම් පද්ධතිය පසුගිය සැප්තැම්බර් 19 වැනි දින නිල වශයෙන් නිකුත් කළා. මෙහි සුවිශේෂීම පහසුකම ලෙස system-wide dark mode එක පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම Apple Maps, Photos, Reminders, Memoji, Music යන appවල වැඩිදියුණු කිරීම්, Swipable typing පහසුකම keyboard එකට එකතු කිරීම, අලුතින් හඳුන්වාදුන් Privacy feature වැනි තවත් පහසුකම් කිහිපයක්ම මෙයට ඇතුලත් වෙනවා.  ඒ වගේම මේ update එක සමග iOS Keyboard එක වෙත නව භාෂා 38ක් හඳුන්වා දී තිබෙනවා. ඒ අතරට සිංහලත් ඇතුලත්. මේ මෙහෙයුම් පද්ධතිය iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max, iPhone XS, iPhone XS Max, iPhone XR, iPhone X, iPhone 8, iPhone 8 Plus, iPhone 7, iPhone 7 Plus, iPhone 6S, iPhone 6S Plus, iPhone SE, iPod touch (seventh generation) යන devices සඳහා මේ වන විටත් ලබා දී අවසාන යි. එහි තිබු bugs කිහිපයක් පසුව හඳුනා ගත් අතර ඒවා නිරවුල් කර 13.1 සංස්කරණය පසුගිය 24 වෙනිදා ලබාදීමට ඔවුන් කටයුතු කර තිබුණා.

අලුත් වෙන Safari 13

safari web browser එකෙහි නවතම සංස්කරණය Safari version 13.0 – ios.gadgethacks.com

MacOS සහ iOS භාවිතා කරන පරිශිලකයන් වෙත safari web browser එකෙහි නවතම සංස්කරණය   Safari version 13.0 පසුගිය දිනෙක නිකුත් කරනු ලැබුණා. මේ හරහා iOS භාවිතා කරන පරිශිලකයන් හටත් mac පරිගණකයකදී Safari web browser හරහා සිදු කළ හැකි සියළුම පහසුකම් ඇතුලත් වන අන්දමේ web browsing අත්දැකීමක් ලබාදීමට Apple සමාගම කටයුතු කර තිබනවා. මේ නව update එක තුළ privacy සහ security පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති අතර ලබාදෙන නව පහසුකම් යටතට Download manager පහසුකමකුත් ඇතුලත් වෙනවා.

කොහොම නමුත් මේ සංස්කරණය සමගින් පැරණි Safari Extension සියල්ල නවතා දැමීමට Apple සමාගම තීරණය කර ඇති බැවින් Safari App Extension API එක හරහා නිර්මාණය කරනු ලැබූ Extensions පමණක් ක්‍රියාත්මක වනු ලබනවා.

බොහෝ දෙනා ප්‍රකාශ කරන පරිදි VPN extension සහ Ad Blocking extension බොහෝමයක් මේ අනුව අකර්මන්‍යය වී ගොස් ඇති බව වාර්තා වෙනවා.

Android 10 මත පදනම් වුණු OxygenOS 10

OnePlus නවතම මෙහෙයුම් පද්ධතිය – xda-developers.com

පසුගිය සැප්තැම්බර් 3 වෙනිදා google සමාගමේ නවතම android මෙහෙයුම් පද්ධතිය, Android 10 නිකුත්වුණා. Essential Phone එක සහ Xiaomi සමාගමේ Redmi K20 Pro දුරකථනය වෙතත් මේ මෙහෙයුම් පද්ධතිය ලබාදෙන්න එම සමාගම කටයුතු කර තිබුණා.

OnePlus ආයතනය විසින් ඔවුන්ගේ OnePlus 7 සහ OnePlus 7 Pro දුරකතන වෙතත් ඔවුන්ගේ නව මෙහෙයුම් පද්ධතිය වන OxygenOS 10හි stable සංස්කරණයක් නිකුත් කරනු ලැබුණා. මේ සංස්කරණය OTA update වැඩසටහන හරහා අනෙක් දුරකථන වෙතත් ඉතා ඉක්මනින් download කර ගැනීමට හැකි වේවි. අනෙක් දුරකථන වෙත මෙය තවමත් නිකුත් කර නොමැති නිසා ඒවා වෙත මෙය ලැබෙන දිනය සැප්තැම්බර් 26 වැනි දින ලන්ඩනයේ පැවැත්වීමට නියමිත OnePlus event එකේ දී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැ යි බලාපොරොත්තු වෙනවා.

කෙසේ වෙතත් මේ update එක OnePlus 7 සහ 7 Pro ජංගම දුරකථනවලට අමතරව OnePlus 5/5T, OnePlus 6/6T වෙතත් ලබාදෙනු ඇති බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය යි. 

Cover - independent.co.uk

මූලාශ්‍රයයන්: 

Technews.lk

Apple.com

Techcrunch.com

Cnet.com

Theverge.com

Developer.apple.com

Cnet.com

Forums.oneplus.com

Xda-developers.com

Aolcdn.com

Techrepublic.com

Ios.gadgethacks.com

techarmor.com

Related Articles