සාමාන්‍යයෙන් android භාවිතා කරන අප බොහෝ දෙනෙක් අපට අවශ්‍ය apps download කර ගන්නේ google play store හරහා. ඒ, වෙනත් වෙබ් අඩවිවලින් ගන්නවාට වඩා ආරක්ෂාකාරී බව අතින් වැඩි නිසාවෙන්. ආරක්ෂණ මෘදුකාංග නිර්මාණය කරන සමාගමක් වුණ AVAST සමාගම වරක් හෙළිදරව්වක් කර තිබුණා. ඒ userට ඉවත් කරන්නට අපහසු ලෙසින් adware ආදිය පෙන්වන apps ගණනාවක් පිළිබඳව යි.මේ සිදුවීම ඇතුළු සිදුවීම් ගණනාවක් හේතුවෙන් තමයි google protect කියන සේවාව google සමාගම හඳුන්වා දෙන්නේ. එය phone එකේ වගේම Play Store එකේ ආරක්ෂාවට හඳුන්වා දීපු feature එකක්. එමඟින් app එකේ behaviour එක analyze කරලා malware එකක් වගේ හැසිරීමක් තියෙනවා නම් phone එකෙන් සහ Play Store එකෙන්ම ඉවත් කිරීම සිදුවෙනවා. ඒ සමගම තමාගේ appsවල performance සහ stability එක maintain කරගැනීම පිළිබඳ අවවාදයකුත් google සමාගමෙන් developersලා වෙත ලබා දුන්නා. නමුත් මේ පහසුකම ලබා දුන්නේ ඉතාම මෑතක දී යි. ඊට පෙර play store වෙත upload වී තිබු apps ගණනාවක මෙවැනි අනවශ්‍ය adds දැකගන්නට හැකියාව ලැබුනා.
බොහෝ කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය Beauty Camera apps ගණනාවක් පිළිබඳව පසුගිය දින කිහිපය තුළ අසන්නට ලැබුනේ නම් එතරම් සුබදායි කතා නෙවෙයි. Trend Micro කියන security firm එක පසුගිය දිනෙක නිකුත් කළ ප්‍රකාශයක් අන්තර්ජාලයේ උණුසුම්ව කතාබහට ලක්වුණු මාතෘකාවක් බවට පත්වුණා. ඒ මිලියන ගණන් download count එකක් තිබෙන Beauty Camera apps ගණනාවක් Pornographic Content ඇතුළු ඇඩ්ස් පෙන්වීම මඟින් පරිශීලකයින් phishing වෙබ් අඩවි වෙත රැගෙන යාම, සහ ඔවුන්ගේ ගිණුම්වල මුර පද සොරා ගැනීම පිළිබඳව යි. ඒ වගේම ඒ apps මඟින් පරිශීලකයින්ගේ පෞද්ගලික ඡායාරූප අවසරයකින් තොරව ලබා ගෙනත් තිබුණා. මේ apps play store වෙතින් ඉවත් කර තිබුණත්, ඉවත් කරන මොහොත වන විටත් download මිලියන ගණනක් තිබූ apps ඒ අතර තිබුණා. මේ apps වැඩිපුරම download කරගෙන තිබෙන්නේ ආසියාතික කලාපයේ ඉන්දියාව ඇතුළු රටවල් බව තමයි Trend Micro සමාගම ප්‍රකාශ කරන්නේ. මේ apps install කර ගැනීමෙන් අනතුරුව විටින් විට home screen එකේ සහ lock screen එකේ ඇතුළුව advertisement පෙන්වීම සිදු වෙනවා. ඒ වගේම සමහරක් apps වරක් install කිරීමෙන් අනතුරුව නැවත un-install කිරීමට හැකියාවක් නැති වන ලෙසින් icon එක එම ස්ථානයෙන් ඉවත් වීම සිදු වෙනවා. එතරම්ම තාක්ෂණික දැනුම ඇති අයෙකුට එය ඉවත් කර ගැනීමට තරමක් අපහසු යි.
Beauty Cam appsවල වැඩිපුර malware
මෙ වගේම තවත් සිදුවීමක් පසුගිය දිනක වාර්තා වුණා. ඒ eset වෙබ් අඩවිය සහ softpedia වෙබ් අඩවි කළ හෙළිදරව්වකින් අනතුරුව යි. Clipper යන, malware වර්ගයට අයත් වෛරසයක් අඩංගු app එකක් සොයාගෙන තිබෙනවා. මේ මඟින් සිදු වෙන්නේ ඔබේ උපාංගයේ ඇති cryptocurrency address එක වෙනුවට මේ clipper එකේ නිර්මාපකගේ cryptocurrency address එක මාරු වීම යි. මෙහිදී සිදුවන්නේ යම්කිසි transaction එකක් සිදු කිරීම සඳහා අදාල පරිශීලකයා විසින් තම wallet address එක clipboard එකට copy කරගැනීමෙන් අනතුරුව, එය ඔහු විසින් අදාල තැනට paste කිරීමට ප්‍රථමව, මේ app එක නිර්මාණය කළ පුද්ගලයාගේ wallet address එක කලින් copy කරගත් address එකත් සමගින් මාරු වීම යි. ඒ ඔස්සේ අදාළ මුදල යැවෙන්නේ ඔහුට යි. මේ වංචාව ඔවුන් සිදු කරේ MetaMask සේවාවේ නිල app එක ලෙස පෙනී සිටිමිනුයි. මේ වෙනකොට ඒ අදාළ app එක ඉවත් කර තිබුණත් සිදුවුණු හානිය පිළිබඳව නම් සඳහනක් නැහැ.
පහත වගුවේ සඳහන් වෙන්නේ එසේ ඉවත් කෙරුණු apps කිහිපයක් පිළිබඳව යි.
PACKAGE |
APP NAME |
com.beauty.camera.years.pro |
Pro Camera Beauty |
com.cartoon.art.photo.ygy.camera |
Cartoon Art Photo |
com.lyrebirdstudio.emoji_camera |
Emoji Camera |
art.eff.filter.photo.editor |
Artistic effect Filter |
art.filter.editor.imge |
Art Editor |
com.beauty.camera.project.cloud |
Beauty Camera |
com.selfie.camerapro.pro |
Selfie Camera Pro |
com.camera.beauty.kwok.horizon |
Horizon Beauty Camera |
com.camera.ygysuper.photograph |
Super Camera |
com.effects.art.photo.for.self |
Art Effects for Photo |
com.solidblack.awesome.cartoon.art.pics.photo.editor |
Awesome Cartoon Art |
com.photoeditor.artfilterphoto |
Art Filter Photo |
com.photocorner.artfilter.arteffect.prizma |
Art Filter Photo Effcts |
com.picfix.cartoonphotoeffects |
Cartoon Effect |
com.picsartitude.arteffect |
Art Effect |
com.csmart.photoframelab |
Photo Editor |
com.wallpapers.nuclear.hd.hd3d.best.live.nuclear |
Wallpapers HD |
com.perfectmakeup.magicartfilter.photoeditor.selfiecamera |
Magic Art Filter Photo Editor |
appworld.fillartphotoeditor.technology |
Fill Art Photo Editor |
com.artflipphotoediting |
ArtFlipPhotoEditing |
com.artphoto.artfilter.artpiczone |
Art Filter |
com.photoeditor.cartoonphoto |
Cartoon Art Photo |
com.photoeditor.prismaeffects |
Prizma Photo Effect |
com.cmds.artphotofiltereffect |
Cartoon Art Photo Filter |
com.latestnewappzone.photoartfiltereditor |
Art Filter Photo Editor |
com.livewallpaperstudio.pixture |
Pixture |
app.pixelworlds.arteffect |
Art Effect |
timepassvideostatus.photoarteffect.cartoonpainteffect |
Photo Art Effect |
com.techbuzz.cartoonfilter |
Cartoon Photo Filter |
දැනටමත් ඉහත වගුවේ සඳහන් apps ඔබේ දුරකතනයේ තිබේ නම් ඒවා ඉවත් කර ගන්න. Settings වෙත පිවිස එහි apps යන කොටසින් ස්ථාපනය වී ඇති සියලු apps දැකගන්න පුළුවන්. නැවත apps install කරගැනීමට පෙර reviews කියවන්න. හැකි නම් premium ප්‍රතිවෛරස මෘදුකාංගයක් ස්ථාපනය කරගන්න. ඒ වගේම හැම විටම ඔබේ දුරකතනය යාවත්කාලීන කර තබා ගන්න.