Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෝටර් රථවල ඡායාරූප ගැනීම සඳහා ක්‍රම ශිල්ප

ඔබේ ඡායාරූපයක් ලංකාවේ හෝ ලෝකය පුරාම අය Wallpaper එකට දාගෙන ඉන්නවා දකින්න ලැබෙන එක මොන තරම් සතුටක් ද? කාර් රථ ඡායාරූපකරණය කියන්නේ කාර්වලට මනබඳින සෑම කෙනෙක්ම ප්‍රිය කරන මාතෘකාවක් නිසා, ඔවුන් වෙනුවෙන් ඔබට නවමු නිර්මාණ කරන්නට මේ ක්‍රම ශිල්ප සමග හැකි වේවි.

දවසේ නිවැරදි වේලාව සහ කාරයේ වර්ණය

හිරු නැග එන හෝ බැස යන අවස්ථාවක ඡායාරූප ගන්න (robottip.com)

කාලය තෝරාගැනීම කාර් රථයේ වර්ගය සහ වර්ණය අනුව තීරණය කළ යුතු වේ. සුදු පැහැය සහ ඊට හුරු වර්ණ ඇති වාහන දිවා කාලයේ වුව ද ඡායාරූප ගැනීමට සුදුසු වේ. අනෙකුත් තද වර්ණ ඇති වාහනවල ඡායාරූප සඳහා ස්වාභාවික ආලෝකය ලබා ගනිද්දී ‍වඩාත්ම සුදුසු වන්නේ උදෑසන හිරු පායන්නට පෙර පැයක් පමණ කාලය යි.

සවස් කාලයේ දී Park lights දල්වා ඡායාරූප ගන්න (learnitlikepro.com)

මෙම කාලය තුළ හිරු එළිය ඡායාරූපවලට ගැළපෙන ප්‍රමාණයට පතිත වන අතර, පිණි වැටීම නිසා පත්‍ර ද හරිත පැහැයෙන් දිලෙයි. DSLR කැමරාවක් ඇත්නම් සැඳෑ සමය (හවස 6-7) වුව යොදාගත හැක. එය golden-hour.com වෙබ් අඩවියෙන් ස්ථානීයව දැකගත හැකියි.

පරාවර්තනය වීම් සහ ඡායාරූපය ගන්නා කෝණය

ඉතා පහත සිට ගත් ඡායාරූපයක් (thedrivce.com)

දිලිසෙන මතුපිටක් ඇති තීන්ත ආලේපිත කාර් රථවල ඡායාරූප ගැනීමේ දී ඉන් පරාවර්තනය වන දේවල් ගැන සැලකිලිමත් විය යුතු වේ. ඡායාරූපය ගන්නා ඔබ, අසල ඇති වෙනත් ඡායාරූපයට බාධා කළ හැකි දෑ (නිවාස, වහළයක කොටසක්, වෙනත් වාහන ආදිය) ඉවත් කර ඡායාරූපය ගත යුතු වේ. ටයිමරයක් සමග Tripod එකක් භාවිතය සහ කෝණය වෙනස් කිරීමෙන් නොවැළැක්විය හැකි වස්තූන් සැඟවිය හැකි වනු ඇත.

කාර් රථ ඡායාරූපකරණයේ දී ඇස් මට්ටමින් ගැනීම හැකිතාක් අවම කළ යුතු වේ. ඉතා පහළින් හෝ හැකිතාක් කැමරාව ඉහළට ඔසවා (හෝ ඉණිමඟක නැග) ඡායාරූපය ගැනීම වඩාත් සාර්ථක ය. 4×4 වාහනවල රෝද විශාල නිසා ඉතා පහතින් ගත විට එහි ප්‍රෞඪත්වය හොඳින් නිරූපණය කළ හැකි වේ.

ජිප් රථවල ගාම්භීරත්වය මතු කරවන ඡායාරූපයක් (wallpaperhi.com)

එසේම, සෑමවිටම සම්පූර්ණ වාහනයම දර්ශනය විය යුතු නොවේ. එක් කෝණයකින් පැති පෙනුම පමණක් (උදා: හෙඩ් ලයිට් එක පැත්තේ සිට පසුපස දක්වා පෙනෙන ආකාරයට) නෙත් ඇදගන්නාසුලු ඡායාරූප ගත හැකියි.

ස්ථානය ‍සහ පසුබිම හා මුසුවීම

රථයට ගැළපෙන පසුබිමක් (pinimg.com)

ස්ථානයක් තෝරාගැනීම කාර් රථයේ වර්ගය තීරණය කළ යුතු වේ. සෙඩාන් කාර්, SUV සහ ජීප් රථ කඳු මිටියාවතක, බොරළු පාරක් මත වැඩි පෙනුමක් ලබන අතර, මරුටි වැනි හැච්බැක් රථ සඳහා නාගරික පරිසර පසුබිමක් ගැළපේ.

නාගරික පරිසර වශයෙන් Parking lot එකක් තුළ (වෙනත් වාහන නොමැතිව), පාලමක් මත, තුරුපතරින් ගැවසුණු මාර්ගයක පසෙකින් නවතා ඇති ලෙස, රාත්‍රියේ කන්දක් මත පසුබිමින් විදුලි බුබුළින් සැරසුණු නගරයක් යනාදිය දැක්විය හැක.

මෙහි දී පසුබිම ඇති බාධක ගැන සැලකිලිමත් විය යුතු අතර විදුලි කණු සහ රැහැන්, කුණු බඳුන් වැනි දෑ ඡායාරූපයේ වටිනාකම නසනු ඇත.

ක්‍රියාකාරකමක යෙදෙන ඡායාරූපයක්

වෙරළ තීරයක සිට මෙවන් ඡායාරූපයක් ගත හැකියි (vox-cdn.com)

වාහනය ගමන් කරන අවස්ථාවක ඡායාරූප ගැනීමට ආකාර දෙකක් තිබේ. එකක්, තවත් වාහනයක සිට ඡායාරූප ගැනීම යි. වාහනය 60-70km/h පමණ වේගයකින් ගමන් කරමින් shutter speed එක 1/100 යොදා (හෝ 70 km/h සහ 1/80) ඡායාරූප ගත හැකියි. එහි දී දුරකථනය/කැමරාව අතින් ගිලිහී යාමට ඇති ඉඩකඩ වැඩි බැවින් අවදානම් සහගත බව වැඩියි.

අනෙක් ක්‍රමය, ඔබ නිශ්චලව සිට වාහනයට 60km/h වේගයෙන් ඉදිරියෙන් ගමන් කරන්නට ඉඩ දී, ඊට ස‍ාපේක්ෂව කැමරාව ද චලනය කිරීම (Pan කිරීම) යි. එවිට පසුපස Motion Blur එකක් ඇති වන ආකාරයට රථය ඡායාරූපයට හසුකර ගත හැකි වේ.

නාගරිකව ගත් ඡායාරූපයක් (500px.com)

4×4, SUV රථ සඳහා දූවිලි අවුස්සමින්, රළු පාරක ගමන් කරන ආකාරයට, කර්කෂ ස්ථානයක නවතා ඇති ආකාරයට හෝ වනයක් ඉදිරියේ නවතා අපූරු ඡායාරූප, GIF හෝ Boomerang මැවිය හැකි වේ.

සිරස් අතට ඡායාරූප ගැනීම

සිරස් අතට ගත් ඡායාරූප (wallpapercave.com, 3wallpapers.fr)

බොහෝ දෙනෙක් සිරස් අතට ඡායාරූප ගැනීමට අනියත බියක් දක්වති. එහෙත්, සිරස් අතට ගන්නා ඡායාරූප මොබයිල් උපාංගවලින් වඩාත් හොඳින් පෙනෙන අතර, Wallpaper එකක් ලෙස වුව භාවිතා කරන්නට අවස්ථාව ලැබෙයි.

කාර් රථවල ඡායාරූප ගැනීමේ දී කළ යුතු වන්නේ කාරය තිරස්ව පෙනෙන ආකාරයේ ඡායාරූප නොගෙන, කාරයේ පැතිකඩකින් හෝ ඇතුළේ සිට සුක්කානම ඉදිරියෙන් ලස්සන පරිසර දර්ශනයක් පෙනෙන ආකාරයේ ඡායාරූප ගැනීම යි.

නැතහොත්, අප ගෙන ආ තරු සහ ග්‍රහලෝකවල ඡායාරූප ගන්නේ මෙහෙමයි ලිපියේ ඇති ක්‍රමශිල්ප ද මුසු කරමින් කාර් එක පසුබිමින් ක්ෂීරපථය ඇති ආකාරයේ ඡායාරූපයක් ගත හැකියි.‍

ඔබ මෙලෙස ගත් කාර් රථවල ඡායාරූප තිබෙනවා නම්, ඒවා අපගේ ෆේස්බුක් පිට‍ුවට Comment එකකින් එක් කරන්න.

මූලාශ්‍රයයන්:

  • cnet.com
  • digital-photography-school.com
  • thedrive.com

කවරය: ytimg.com

Related Articles