Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Android සඳහා 2019 හොඳම Racing ක්‍රීඩා

ක්‍රියාදාම Games වගේම Racing කියන්නේත් වෙනස්ම ආකාරයේ විනෝදයක් ගෙන දෙන පරිගණක ක්‍රීඩා වර්ගයක්. ක්‍රීඩා කිරීම පමණක් ‍නොව, ලොව වේගවත්ම කාර්වලින් හිතේ හැටියට වේගෙන් යන්නට ඇති ආසාව සංසිඳුවා ගන්නටත් මේවා ඉවහල් වෙනවා. Racing ක්‍රීඩාවන් කාර් රථවලටම සීමා වෙන්නේ නැහැ. විවිධ වාහන වර්ග පමණක් නොව, දෙපයට වාරු දීලා වුණත් Race යමින් විනෝද විය හැකි Android Games ටිකක් අප ඔබ වෙනුවෙන් තෝරාගත්තා.

Asphalt 9: Legends

දියුණු ග්‍රැෆික්ස් අත්දැකීමක් (Google Play Store)

අගනා ත්‍රිමාණරූපී මොබයිල් ගේම් ගෙන එන සහ වසර ගණනක් පුරා කාර් ගේම්වලට ප්‍රිය කරන අයගේ සිත්ගත් Asphalt 8: Airborne ගේම් එක ගෙන ආ Gameloft එහි ඉදිරි වෙළුමක් වශයෙන් Asphalt 9: Legends ගෙන ආවා. Ferrari, Porsche, Lamborghini, සහ W Motors වැනි සත්‍ය කාර් රථ මාදිලි මෙය සතුයි. එනිසා හිතේ තිබුණු සිහින කාර් එක උපරිම වේගයෙන් ලොව ප්‍රසිද්ධම Tracksවල ධාවනය කරගෙන යන්න ඔබට අවස්ථාව ලැබෙනවා. එසේම ඒවායේ වර්ණ, Rim සහ තවත් හැකියාවන් වෙනස් කරගන්නට ද හැකි නිසා වාහන modify කරන අයටත් තමන්ගේ හිතේ හැංගුණු ආසාවන් ඉෂ්ට කරගන්නට හැකි වෙනවා.

පහසු Controls සහ හොඳ ග්‍රැෆික්ස් තිබෙන නිසා පරිගණක ක්‍රීඩාවක් මට්ටමට ම දියුණු අත්දැකීමක් දුරකතනය හරහා ලබා දෙන්නට මෙය සමත් වෙනවා. නිතර Updates ලැබෙන අතර මෑතක දී මෙයට කැරීබියානු මාර්ග, නව කාර් රථ, Multiplayerවලට අදාල විශේෂාංග Asphalt 9 වෙත එක් වුණා.

බාගන්න: Asphalt 9: Legends

Real Racing 3

විවිධ පන්නයේ කාර් රථ (Google Play Store)

අපි පරිගණකයේ අත්විඳපු, ආසා කරපු කාර් ගේම් නිෂ්පාදකයකු වන Electronic Arts වෙතින් ස්මාර්ට් දුරකතන සඳහා Real Racing 3 ගෙන එනවා. Google Play Store හි Editors’ Choice ගෞරවය ද ලැබූ මෙහි ඉතා හොඳ ග්‍රැෆික්ස් අත්දැකීමක් ගෙන එනවා. රේසිං ධාවන පථ 39ක්, ලොව සත්‍ය ස්ථාන 17ක්, වාහන නිෂ්පාදකයන්ගේ අවසරය යටතේ අඩංගු කළ වාහන 43ක් මෙහි ඇතුලත් වෙනවා. Multiplayer අත්දැකීම් සහ වැඩිම ලකුණු ලබමින් ලොව අනෙකුත් ක්‍රීඩකයන් අතර ඔබේ නම රඳවන්නට ද මෙහි අවස්ථාව තිබෙනවා.

සත්‍යරූපී පසුපස කණ්ණාඩි, ආලෝක පරාවර්තනය වීම් සහ ගැටීම්වලදී සිදුවන හානි නිවැරදිව පෙන්වීම මෙහි වි‍ශේෂත්වයන් වෙනවා. තිරයේ කොණක වෙනුවට කාර් රථය අසලම වේගය සහ දැනට සිටින ස්ථානය දක්වන නිසා ඇස නිතර එහා මෙ‍හා නොයවා තරගය වෙත අවධානය යොමු කරන්නට හැකි වෙනවා. මෙය භාවිතයට අවම වශයෙන් ගිගාබයිට් 1.5ක් පමණ දුරකතනයේ ධාරිතා ඉඩකඩක් තිබිය යුතු වෙනවා.

බාගන්න: Real Racing 3

Traffic Racer

දිවා සහ රාත්‍රී අවස්ථාවන් (Google Play Store)

Play Store හි Editors’ Choice වෙත හිමිකම් කියන මෙය අධිවේගී මාර්ගයක මාර්ග තදබදයට එරෙහිව ක්‍රීඩා කරන්නට අවස්ථාව දෙනවා. වේගය සහ ගමන් කළ දුර දකුණු පසින් දක්වන අතර වම් පස ඉහළින් දැනට ලබා ඇති ලකුණු ප්‍රමාණය දක්වනවා. ඇක්සලේටරය දකුණු අතටත්, තිරිංග වම් අතටත් ලබා දී ඇති මෙය වාහනයේ ඉහළින් බලා ධාවනය කළ යුතු වෙනවා. Steer කිරීමට දුරකතනය ඇල කළ යුතු යි.

දිවා කාලයේ පමණක් නොව රාත්‍රිය, වැස්ස, කාන්තාර, හිම වැනි කර්කෂ අවස්ථාවල ද Race යන්න අවස්ථාව සලසන නිසා අපහසුතාව වැඩි කර ගනිමින් අභියෝගාත්මකව රස විඳින්නට හැකියි. විදුලි පහන් දැල්වීම් සහ නිවීම් ද අපටම කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. හොඳ ග්‍රැෆික් සහ සත්‍යරූපී handling තිබෙන අතර කාර් රථ 35කට අධික ප්‍රමාණයක් තෝරාගන්නට පුළුවන්. සීමා රහිත ධාවනයක්, කාලය මත සීමාවූ ධාවනයක්, පොලීසියෙන් පැන යාමක් හෝ ඔබට නිදහසේ නගරය පුරා සැරිසැරීමට හැකිවීම මෙහි විශේෂතා වෙනවා.

බාගන්න: Traffic Racer

LoL Kart

සත්‍ය කාර් සහ සත්‍යරූපී ත්‍රිමාණ ග්‍රැෆික් වෙනුවට කාටූන් වෙතින් වෙනස්ම අත්දැකීමක් ගෙන එන LoL Kart වෙතින් කාර් රථ වෙනුවට කුඩා ප්‍රමාණයේ Go Kartවලින් Race යන්න අවස්ථාව සලසනවා. මෙහි විශේෂ Steering අවශ්‍ය නොවන නිසා කුඩා දරුවකුට පවා පහසුවෙන් රස විඳින්නට පුළුවන්. ‍එහි ඇති Change Lane බොත්තමෙන් දැනට සිටින මාර්ග තීරුව වෙනස් කරමින් ඍජුව ඉදිරියට ඇදීම යි කරන්නට තිබෙන්නේ. වේගය වැඩි කර ගැනීමට අතරමඟින් Nitro බෝතල් එකතු කරගන්නට පුළුවන්.

අනෙකුත් Gamesවල ඔවුන් ලබාදී ඇති Tracksවල ධාවනය කළ යුතු වූවත් මෙහි අපිටම අභියෝගාත්මක Tracks තනිවම සකසා ගන්නට හැකි වීම විශේෂත්වයක්. සාමාන්‍ය ඍජු පාරක් වෙනුවට විවිධ බාධක යොදමින්, උඩින් පන්නවන්නට හැකි කොටස් යොදමින් නිර්මාණශීලීව Tracks හදා ගන්නට පුළුවන්. ධාවනය කරන අතරතුරේ ඉදිරියෙන් ඇති අනෙකුත් තරගකරුවනට Bowling බෝල වැනි විවිධ දේවලින් දමා ගසන්නටත් හැකියාව තිබෙන නිසා Multiplayer mode එකේ දී වඩාත් තරගකාරීව ක්‍රීඩා කරන්නට හැකි වෙනවා.

බාගන්න: LoL Kart

Fun Run 3: Arena

Race යන්නට කාර්ම අවශ්‍ය නැහැ. ඇවිද්ද පය දහස් වටී නම් දුවන පය විසිදාහක් විතර වටිනවා. මිතුරන් දෙදෙනෙක්ට තනි පිලක සිට වරකට 8 දෙනෙකු සමග එක්වර තරග වැදිය හැකි මෙය බාධක මඟහරිමින් යන දිවීමේ ක්‍රීඩාවක්. පිල් වශයෙන් බෙදුනත්, වැඩි ලකුණු ලබා ගන්නා පිළිවෙල අනුව තරගාවසානයේ ස්ථාන ගත කෙරෙනවා. 30කටත් වඩා වැඩි Power-ups තිබෙන නිසා තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්නටත් අනෙකුත් ක්‍රීඩකයන්ට දුවන අතරේ පහර දෙන්නටත් පුළුවන්.

තමන්‍ තෝරාගන්නා Avatar එකට අව්කණ්ණාඩි, බූට් සපත්තු වැනි විවිධ පැළඳුම් එක් කරමින් හැඩකර ගත හැකි නිසා අනෙක් අයගෙන් වෙනස්ව පෙනෙන විශේෂ චරිතයක් සකසා ගන්නට හැකියාව තිබෙනවා. මෙය Multiplayer නිසා ක්‍රීඩා කිරීමට අන්තර්ජාල සබඳතාවක් අවශ්‍ය වන අතර බාගැනීමට මෙගාබයිට් 90ක් වැයවෙනවා.

බාගන්න: Fun Run 3: Arena

කවරය: gameloft.com

Related Articles