![](https://assets.roar.media/assets/mNnozkTUBFvm40Fb_cover.jpg?w=1200)
මුල් කාලයේ youtube වෙත video upload කිරීම සිදුවුණේ විනෝදයට නමුත්, අද වන විට ඒ හරහා විශාල වශයෙන් මුදල් සොයන පුද්ගලයින් සංඛ්‍යාව අතිවිශාල යි. කෙලින්ම youtube හරහා නොවුණත් විවිධ අනුග්‍රහකත්වයන් සහ විවිධ දේ අලෙවි කිරීම් වැනි දේ ඔස්සේ ආදායම් ලැබීම සිදුවෙනවා. මේ කියන්න යන්නේ 2018 වසර වෙද්දී youtube හරහා ජනප්‍රියත්වය ලබා ගනිමින් වැඩිම ආදායම් ලැබූ පුද්ගලයින් කිහිපදෙනෙකු ගැන යි.
1 – Logan Paul
![](https://assets.roar.media/assets/cPn60VfxTxf7HiI3_1.jpg)
වයස අවුරුදු 23ක් වූ මොහු මේ වසරේ ලැබූ ආදායම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 14.5 පමණ වෙනවා. උපතින් ඇමරිකානු ජාතිකයෙක්. Logan Paul රංගන ශිල්පියෙක්, ක්‍රීඩකයෙක්, වගේ ම ගායකයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා. වරක් සියදිවි නසා ගැනීමේ සිදුවීමක් පිළිබඳ වීඩියෝවක් ඉදිරිපත් කිරීම නිසා මොහුට ප්‍රේක්ෂකයන්ගේ බලවත් අප්‍රසාදයටත් පත් වෙන්න වුණා .කෙසේ වෙතත්, ඔහුගේ youtube නාලිකාව වන Loagan Paul Vlogs වෙත මිලියන 22ක subscribersලා සිටිනවා.
2 – PewDiePie
![](https://assets.roar.media/assets/qKaEE1esuHFe399O_2.jpg)
මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක්වන youtuber ලෙසින් PewDiePie හඳුන්වන එක වරදක් නෑ. 2018 වසර වෙන්න කලින් වැඩිම subscribers ප්‍රමාණයක් හිමි කර ගැනීමට Tseries නාලිකාව සමග විශාල තරගයක් ලබා දෙන පුද්ගලයෙකු ලෙස හඳුන්වන්න පුළුවන්. PewDiePie නාලිකාව හා සම්බන්ධ මුද්‍රණ යන්ත්‍ර හැක් කිරීමේ සිදුවීම ඔබට මතක ඇති. මේ වන විට ඔහුට සිටින subscribers ප්‍රමාණය මිලියන 77 පමණ වෙනවා. වසරකට මොහු ලබන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 15.5ක් පමණ වෙනවා. වයස 29 හැවිරිදි ස්වීඩන් ජාතිකයෙකු වන මොහුගේ සැබෑ නම Felix Arvid Ulf Kjellberg වෙනවා.
3 – Jeffree Star
![](https://assets.roar.media/assets/PhxPtrtvRSV3h7Qr_3.jpg)
කාන්තාවන් බොහොමයක් අතර අතිශය ජනප්‍රිය youtube නාලිකාවක් වන Jeffree Star රුපලාවන්‍ය ද්‍රවය වැනි දෑ review (සමාලෝචනය) සිදුකරන නාලිකාවක්. මිලියන 11කට අධික subscribers ප්‍රමාණයක් ඇති මේ නාලිකාව, වසරකට ලබන සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 18 පමණ වෙනවා. Jeffree Star වෘත්තිය වශයෙන් සිදුකර ඇත්තේ ද වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කිරීම යි. ඇමරිකානු ජාතික මොහුගේ වයස අවුරුදු 33ක් වෙනවා.
4- Dude Perfect
![](https://assets.roar.media/assets/2VDmbtyp7T5TbxdE_4.jpg)
Tyler Toney, Coby Cotton, Cory Cotton, Cody Jones, Garrett Hilbert කියන පස්දෙනාගෙන් සැදුම්ලත් කණ්ඩායම් තමයි Dude Perfect කියන්නේ. මේ වන විට ඔවුන්ගේ youtube නාලිකාව මිලියන 37ක් subscribe කර තිබෙනවා. ඔවුන්ගේ මුළු ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 20ක් වාර්තා වෙනවා. මීට සති කිහිපයකට පෙර ඔවුන් ලෝක වාර්තාවකටත් හිමිකම් කියන්න උත්සාහ දරුවා.
5 – Jake Paul
![](https://assets.roar.media/assets/eZOJOcqr205cRVQx_5.png)
Jake Paul කියන්නෙත් ප්‍රසිද්ධ youtube තරුවක් 2018 වසරේ මොහුගේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 21.5ක් ලෙස තමයි වාර්තා වෙන්නේ. මොහුගේ youtube නාලිකාව මිලියන 17 subscribe කර තිබෙනවා. ඇමරිකානු ජාතික Jake Paul 21 හැවිරිදි ඇමරිකානු ජාතිකයෙක්. මේ නාලිකාව විනෝදාස්වාදය වෙනුවෙන් වෙන්වුණු එකක්.
6 – Ryan ToysReview
![](https://assets.roar.media/assets/Q4FQxddPQNwKP1Lb_6.jpg)
Ryan ToysReview නාලිකාව කුඩාම දරුවන්ගේ සිට වැඩිහිටි ඕනෑම කෙනෙක් ආසාවෙන් නරඹන නාලිකාවක්. එයට හේතුව වන්නේ Ryan නම් 8 හැවිරිදි දරුවා සහ ඔහුගේ පවුලේ පිරිස විසින් මේ නාලිකාව පවත්වා ගෙන යාම යි. සෙල්ලම් බඩු වර්ග සමාලෝචනය කිරීම් මේ නාලිකාව හරහා සිදුකෙරෙනවා. මේ නාලිකාව සතුව සිටින subscribers ප්‍රමාණය මිලියන 17කට අධික යි. 2018 වසරේ මේ නාලිකාව සතු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 22 පමණ වෙනවා. රයන් ලෝකයේ වයසින් කුඩාම youtube තරු අතරින් කෙනෙක්.
7 – DanTDM
![](https://assets.roar.media/assets/tZIxG4OiQb8eHTXJ_7.jpg)
DanTDM නාලිකාව වෙන් වෙන්නේ බොහෝ දුරට minecraft වීඩියෝ ක්‍රීඩාව වෙනුවෙන්. daniel robert middleton තමයි මේ නාලිකාවේ හිමිකරු .ඔහු වෘතියෙන් පරිගණක ක්‍රීඩාවෙහි නියැලෙන්නෙක්. මේ වෙන කොට ඔහුගේ youtube නාලිකාව සතුව subscribersලා මිලියන 20ක් පමණ ඉන්නවා. ඒ වගේ ම මේ වසරේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 20.7ක් පමණ වන බව තමයි වර්තා වෙන්නේ. මොහු 27 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.
මේ වෙන කොට මේ අගයන් වෙනස් වෙන්න හැකියාව තියෙනවා. මේ ආසන්න වශයෙන් ඔවුන් ලබන පිළිබඳව විස්තරයක් පමණයි.