2004 වසරේ පෙබරවාරි 4 වෙනි දා මාර්ක් සකර්බර්ග් ඇතුළු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකු වන Eduardo Saverin, Andrew McCollum, Dustin Moskovitz සහ Chris Hughes කියන කිහිපදෙනාගේ මූලිකත්වයෙන් තමයි facebook සමාජ ජාල වෙබ් අඩවිය ආරම්භ වෙන්නේ. කොහොම වුණත් මේ වන විට සිය 15 වෙනි සංවත්සරය සමරන facebook ජාලයට පසුගිය වසර ගණනාවම එතරම් සුභ වුණේ නම් නැහැ. පසුගිය වසරේ සිදුවුණු Facebook-Cambridge Analytica data scandal සිදුවීමත් එක්ක බොහෝ පරිශීලකයන් ප්‍රමාණයක් Facebook කෙරෙහි තබා තිබූ විශ්වාසය බිඳ වැටුණා කිව්වොත් නිවැරදි යි. කේම්බ්‍රිජ් ඇනලිටිකා නැමති ෆේස්බුක් පාරිභෝගිකයන්ගේ දත්ත අවභාවිතය පිළිබඳ සොයාබැලීමට පත් කළ විශේෂ කොමිසම සඳහා සාක්ෂ්‍ය ලබා දෙන්නත් මෙහි දී සකර්බර්ග්ට සිදුවුණා. ඒ වගේ ම ඇමරිකානු කොන්ග්‍රස් සභිකයන් ඉදිරිපිට ඔවුන්ට තාක්‍ෂණය පිළිබඳවත් අවබෝධ කර දෙන්නට ද සිදුවුණා. ඉතින්, මේ සිදුවීම ලෝකයේ සමාජ ජාලයන් භාවිතා කරන සියල්ලන් අතරම පාහේ අතිශය කතා බහට ලක් වූ මාතෘකාවක් බවට පත් වුණා.
මේ සිදුවීමේ උණුසුම හරියාකාරයෙන් බැස යන්නටත් කලින් facebook ගිණුම් මිලියන 50කට පමණ එල්ල වුණු දැවැන්ත සයිබර් ප්‍රහාරය ඔබට මතක ඇති. ප්‍රහාරයට ලක්වූ බවට සැක කෙරුණු ගිණුම්වල access token reset කරමින් ඔවුන් ඒ Vulnerability නිවැරදි කළ බව සමාගම ප්‍රකාශයක් නිකුත් කළා.
Facebook හි ගැටළු එතනින් නැවතුණේ නැහැ. පසුගිය 2018 වසරේ දෙසැම්බර් 18 වෙනි දා New York Times හෙළිදරව් කළ කරුණුවල ප්‍රතිඵලයක් ලෙස තවත් සිද්ධි දාමයක් නිරාවරණය වුණා. ඔවුන් වාර්තා කර තිබුණේ; ෆේස්බුක් සමාගම තම ව්‍යාපාරික සගයන් ලෙස කටයුතු කරන netflix සහ spotify වෙත වගේ ම, Royal Bank of Canada ලබාදීමට කටයුතු කර තිබේ ද යන්න යි. ඔවුන්ට පරිශීලකයන්ගේ පෞද්ගලික පණිවිඩ පවා බැලීමේ සහ මැකීමේ හැකියාව තිබූ බවත් එහිදී හෙළිදරව් වුණා. nytimes.com, businessinsider.com මේ පිළිබඳව දීර්ඝ හෙළිදරව්වක් කළා. මිට අමතර ව පසුගිය දිනෙක Facebook ජාලයේ තිබූ bug එක නිසාවෙන් මිලියන 6.8 පරිශීලකයින්ගේ privacy දමා ඇති පින්තූර පවා නැරඹීමේ හැකියාව බාහිර app developresලාට ලැබී තිබුණේ, Facebook පිළිබඳ පරිශීලක විශ්වාසය තව තවත් අඩු කරමිනුයි.
කොහොම වුණත් මේ සියලු ගැටළු නිරාකරණය කරගන්නා අතරතුර එයින් තමන් පාඩමක් ද ඉගෙන ගත් බව ද ඔවුන් දන්වා සිටියා. ඒ, ඔවුන් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල ලෙසින් facebook සමාජ ජාලයේ ක්‍රියාත්මක වෙන තුන්වන පාර්ශවයේ apps දසදහසකට අධික ප්‍රමාණයක් ඉවත් කරමිනුයි. මෙයට හේතුව ලෙස දැක්වෙන්නේ එකී apps විසින් පරිශීලක දත්ත අවභාවිතා කිරීම යි. එමෙන්ම, තහනම් කළ apps දසදහසකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කර ඇත්තේ developersලා 400 දෙනෙක් පමණ සුළු පිරිසක් වීම පුදුමයට කාරණයක්. ආසන්න වශයෙන් ගත කල, එක developer කෙනෙක් apps 25ක් පමණ නිර්මාණය කර ඇති බව වාර්තා වෙනවා. මෙහි අරමුණ සංවිධානාත්මකව apps භාවිත කරමින් පරිශීලක දත්ත සොරාගැනීම යි. කොහොම වුණත්, ඔවුන්ගේ මේ පර්යේෂණයේ ප්‍රතිඵල ලෙසින් තාවකාලිකව අත්හිට වූ apps ප්‍රමාණය 60,000කට ආසන්න වන අතර, ඉන් බහුතරයක් සුළු සුළු කාරණා මත තාවකාලිකව අත්හිට වූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Facebook apps භාවිත කරන්න කලින් ඔබත් දෙවතාවක් ඒ ගැන හිතනවා නම් හොඳයි කියන එකයි, අපේ යෝජනාව!