PUBG ක්‍රීඩා කාලය පැය 6කට සීමා වේවි ද?

PUBG (PlayerUnknown’s Battlegrounds) ක්‍රීඩාව අද වන විට ලෝකයේ බොහෝ දෙනෙක් ක්‍රීඩා කරන ක්‍රීඩාවක් බවට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආසියාතික රටවල් අතර මේ ක්‍රීඩාව අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණා. මේ ක්‍රීඩාව සඳහා බොහෝ විට යොමු වෙන්නේ තරුණයින් සහ පාසල් ළමුන්. 2017 වසරේ නිකුත් වුණු මේ ක්‍රීඩාව අයිති වෙන්නේ Battle Royale Game Genre එකට. පසුගිය වසර තුළ දී පමණක් මෙම ක්‍රීඩාව ඇ. ඩො. බිලියන 1.035ක ආදායමක් උපයාගෙන තියෙනවා.

PUBG නිසාවෙන් පසුගිය දිනක ඉන්දියාවේ කිහිප දෙනෙකු අත්අඩංගුවටත් පත්වුණා. මේ ක්‍රීඩාව දැඩි ලෙසින් දරුවන් ඇබ්බැහි කර ගන්නා නිසාවෙන් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මේ ක්‍රීඩාව තහනම් කර තිබුණා. ඒ තහනම නොතකා ක්‍රීඩාවේ නිරත වූ කිහිප දෙනෙකු ගුජරාට් පොලිසිය අත්අඩංගුවට ගෙන, පසුව ඇප මත නිදහස් කර තිබුණා. Hindustan times වෙබ් අඩවියේ මේ පුවත පල වී තිබුනේ ‘Demon in every house’: 10 arrested in Gujarat for playing PUBG යන සිරස්තලයත් සමග යි. ගුජරාට් ප්‍රාන්තයේ රජය මේ තීරණය ගෙන තිබුනේ ළමයින් පාඩම් වැඩ පසෙක ලා මේ ක්‍රීඩාවේ නිරත වන බව දෙමව්පියන් සහ අධ්‍යාපන බලධාරීන් නැගු මැසිවිලි නිසාවෙන්. කෙසේ වෙතත් ඉන්දියාවෙන් අනෙක් ප්‍රදේශ සඳහා තවමත් මේ ක්‍රීඩාව විවෘත යි.

Health reminders-sportskeeda.com

දරුවන්ගේ මේ අධික ඇබ්බැහි වීම නිසාවෙන් PUBG ක්‍රීඩාවේ නිර්මාණකරුවන් එක දවසකට මේ ක්‍රීඩාව ක්‍රීඩා කළ හැකි උපරිම පැය ගණන සම්බන්ධයෙන් සීමාවක් පනවන්නට තීරණය කර තිබෙනවා. මේ වන විටත් ඉන්දියාවේ Tier 1 සහ Tier 2 මට්ටමේ නගරවලට (නගර වර්ගීකරණය සඳහා, එහි ජීවත්වීමට වැය වන ජීවන වියදම, දියුණුව මත පදනම් වූ වර්ගීකරණ මට්ටම් 3න් දෙකකි. මේ මට්ටම් දෙක යටතට ඉන්දියාවේ මහා නගර 16ක් පමණ අයත් වන අතර ඉතිරි සියලු ප්‍රදේශ Tier 3 ලෙසින් වර්ග වේ) අදාළ ප්‍රදේශයන් සඳහා මෙය අත්හදා බැලෙමින් පවතිනවා. මේ හරහා, PUBG ක්‍රීඩා කරන කාලය අනුව Health reminders එවීමටත් කටයුතු කෙරෙනවා. ක්‍රීඩා කාලය පැය 2 දී සහ පැය 4ක් වන විට reminders එවීම, සහ පැය 6ක් වූ විට පසු දින වන තෙක් ක්‍රීඩා කිරීමට නොහැකි වන ලෙසින් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාවලිය ලෝකයේ අනෙක් රටවලට භාවිතා කිරීම පිළිබඳව නිල වශයෙන් කිසිදු සඳහනක් සමාගම විසින් සිදු කර නැහැ.

මූලාශ්‍රයයන්:

Xda-developers.com

Technews.lk

Toppr.com

Thenextweb.com

Sportskeeda.com

Theverge.com

Related Articles

Exit mobile version