Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විනෝද වෙන අතරේ Data දිනා ගන්නත් අවස්ථාව ලැබෙන “Dialog Mega Run”

නිතරම අප වෙත අලුත් දේවල් ගෙන එන Dialog ආයතනය ශ්‍රී ලාංකිකයන්ට තවත් අලුත්ම අත්දැකීමක් ලබා දෙමින් ගේම් එකක් හඳුන්වා දීලා තියෙනවා. Dialog Mega Run කියලා හැඳින්වෙන මේ ගේම් එක ප්ලේ කරන අයට විනෝදයට අමතරව නොමිලේ Data දිනා ගන්නත් පුළුවන්. ශ්‍රී ලංකික පාරිභෝගිකයන් වෙනුවෙන් දුරකථන සමාගමක් හඳුන්වා දුන් මුල්ම ගේම් එක වන “Dialog Mega Run” ගැන අපිත් ටිකක් විස්තර හොයලා බැලුවා.

ගේම් එක නොමිලේම ඩවුන්ලෝඩ් කරන්නත්, ප්ලේ කරන්නත් පුළුවන්

ස්මාර්ට් උපාංග වෙනුවෙන්ම හඳුන්වා දෙන මේ ගේම් එක Play Store එකට ගිහින් “Dialog Mega Run” කියලා search කරලා ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඕනෑම දුරකථනයකින් 0773 121 121 අංකයට මිස්ඩ් කෝල් එකක් දීලා ගේම් එක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක SMS එකකින් ලබා ගන්නත් පුළුවන්.

ඔබේ Connection එක Dialog නම් මේක ඩවුන්ලෝඩ් කරනකොට වැය වෙන Data වෙනුවෙන් මෙගා බයිට් 70ක ප්‍රමාණයක් ආපසු ලැබෙනවා. (ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න යන්නේ මෙගා බයිට් 65ක් වගේ) ඒ වගේම Dialog පාරිභෝගිකයන්ට මේ ගේම් එක ප්ලේ කරනකොටත් Data වැය වෙන්නේ නැහැ.

උසස් තත්වයේ ගේම් එකක්

ශ්‍රී ලංකාවේ සමහරු ගේම් නිර්මාණය කළත් තත්වයෙන් උසස් ගේම් තියෙන්නේ හරිම අඩුවෙන්. නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න ලැබෙන ගේම් හැම එකකම වගේ ඇඩ් පිරිලා. සිත සන්සුන් කරගන්න ගේම් එකක් ගහන්න හිතුවාට එන ඇඩ් තොගය දැකලා එපා වෙනවා. කොහොම වුණත් “Dialog Mega Run ” නම් ඒ වගේ කරදර කිසිවක් නැති, උසස් තත්වයේ ගේම් එකක්. නිකමට ඩවුන්ලෝඩ් කරලා බැලුවොත් මේ කියන දේ තේරුම් ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ විවිධ තැන්වල ඉතාම අලංකාර දර්ශන වගේම අපිට නිතර දැකලා පුරුදු, අපිටම ආවේණික දේවල් බොහොමයකින් මේ ගේම් එක හැඩ වෙලා තියෙනවා.

ග්‍රැෆික් හා නිමාව උපරිමයෙන් තියෙනවා (Google Play Store)

ඉතාම හොඳට නිර්මාණය කරලා තියෙන නිසා ගේම් එක ගහන අතරේ හිර වීම්, එක එක පොප් අප් ඇතුළු ගේම් එකක් නිදහසේ ගහන්න අමාරු වෙන කරදර කිසි එකක් නැහැ. හිත සන්සුන් කරගන්න කැමති ඕනෑම වෙලාවක ගේම් එක ඔන් කරගෙන ඇති තරම් ප්ලේ කරන්නයි තියෙන්නේ.

ඇත්තටම ප්ලේ කරන්න ආස හිතෙනවා

“Dialog Mega Run” කියන්නේ නමෙන්ම කියවෙන විදිහට Running ගේම් එකක්, ඒ කිව්වේ විවිධ බාධක මැද්දෙන් දුවන කෙනෙක්ව පාලනය කරන්න තියෙන ගේම් එකක්. Temple Run ඇතුළුව ජනප්‍රිය Running ගේම් ගණනාවක් තිබුණත් ශ්‍රී ලංකාවේ අපිටම අයත් දේවල් දකින්න ලැබෙන ගේම් එකක් නම් ඒ “Dialog Mega Run” තමයි. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල දකින්න ලැබෙන කවුරුත් දන්නා හඳුනන තැන් පසු කරමින්, අපිට යන්න ආස හිතෙන ප්‍රදේශ හරහා දුවන චරිතයක් පාලනය කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ තැන් මොනවාද කියලා දැනට නොකියා ඉන්නම්, ගේම් එක ගහලාම බලන්නකෝ.

බොහෝ Running ගේම්වල පාරේ දෙපසට වෙන්න නම් ෆෝන් එක / ටැබ් එක එහා මෙහා හරවන්න වෙනවා. එහේ මෙහේ වැනි වැනී ඉන්නවා වගේ තමයි බලාගෙන ඉන්න කෙනෙකුට පෙනෙන්නේ. නමුත් “Dialog Mega Run” එකේ දෙපසට වෙන්න කරන්න තියෙන්නේ දෙපැත්තට Swype කරන එක විතරයි. අමුතුවෙන් වංගු හැරෙන්න දෙයක් නැහැ. මේ නිසාම ගේම් ගහලා වැඩිය පුරුදු නැති කෙනෙකුට වුණත් ඉතා ඉක්මණින්ම “Dialog Mega Run” එක හොඳට ප්ලේ කරන්න ඉගෙන ගන්න පුළුවන්.

Play store එකේ ගිගා බයිට් ගණනින් Data දිනා ගත් අය බොහෝ දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා.

Play Store එකේ දක්වා අැති අදහස් (Google Play Store)

අනිත් හැම දේකටම වඩා වැදගත් වෙන්නේ සැබෑ ලෝකයේ පාවිච්චි කරන්න පුළුවන් Data ඇති තරම් දිනා ගන්නත් මේ ගේම් එක ප්ලේ කරනකොට අවස්ථාව ලැබෙන එකයි. එහෙම වාසියක් ලැබෙන්නේ වෙන මොන ගේම් එකෙන් ද? අනික ඔබට තියෙන Dialog Mega වාසනා දිනුම් අංක ගණන අනුව ගේම් එකේදී සුවිශේෂී උදව් ලබා ගන්නත් පුළුවන්.

Coins එකතු කරලා දිනුම් අවස්ථා වැඩි කර ගන්න

“Dialog Mega Run” එකේදි අපිට කරන්න තියෙන්නේ බාධක මග හැරලා දුවන්න අපේ චරිතයට උදව් වෙන අතරේ එයාව Coins වැඩිපුර තියෙන මාර්ග හරහා ගමන් කරවන එකයි. දුවන අතරේ Coins ලබා ගැනීම පහසු කරවන තෑගිත් බොහොමයක් දිනා ගන්න පුළුවන්. මේ Coins එකතු කර ගත්තාම අපේ චරිතයේ හැකියාවන් වැඩි කර ගන්න අවස්ථා හිමි වෙනවා.

අනිත් හැම ගේම් එකකටම වඩා හරිම පහසු නිසා ලොකුවට හිත හිතා වධ වෙන්න අවශ්‍ය නැහැ. නිකන් ඉන්න වෙලාවට ප්ලේ කළොත් ඇති තරම් දිනුම් ලබා ගන්න පුළුවන්.

සැබෑ ලෝකයේ පාවිච්චි කරන්න පුළුවන් Data දිනා ගන්න. (Game)

Coins පාවිච්චි කරලා අපි දුවවන කෙනාව වෙනස් කර ගන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ අපි කවුරුත් ආදරය කරන දෙන්නෙක්ව අපේ චරිතය විදිහට ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ කවුරු කවුරුද කියන එකත් දැනට නොකියා ඉන්නම්, ගේම් එක අරගෙනම බලන්නකෝ. සමහර විට මේ ඇප් එකේ ඉදිරි සංස්කරණවලින් අපි ආසම කරන තවත් අයගේ චරිත ලබා ගන්න පුළුවන් වේවි.

ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැක ගන්න එකතු වෙමු

මේ වගේ ගේම් එකකින් කෙරෙන අපි වැඩිය නොහිතන දෙයක් තමයි ශ්‍රී ලාංකිකයන් වන අපිට අනන්‍ය දේවල් නැවත මතක් කර ගන්න ලැබෙන එක. මීට ටික කාලයකට කලින් අපේ අනන්‍යතාව පෙන්නන එක ලැජ්ජාවට කාරණාවක් වෙලා තිබුණා. අපේ සාම්ප්‍රදායික ඇඳුම් අඳින එක, මව් භාෂාව පාවිච්චි කරන එක, විශේෂයෙන්ම අන්තර්ජාලයේ සහ තාක්ෂණික කටයුතුවලදී අපේකම පෙන්වන දේ පළ කරන එක පහත් කියලා සලකපු කාලයක් තිබුණා. නමුත් අද ඒ හැම දෙයක්ම ආපසු හැරවිලා.

තාක්ෂණය නිසා අපේ අනන්‍යතාව අහිමි වෙලා යනවා කියලා බොහෝ දෙනෙක් වැරදි මතයක ඉන්නවා. හැබැයි ඇත්තම කතාව අපිට උවමනාවක් තියෙනවා නම් තාක්ෂණය අපේ අනන්‍යතාව තව තවත් සනිටුහන් කරන්න ඉතාම හොඳ අවියක් කර ගන්න පුළුවන්. ලෝකය ඉදිරියේ බොහෝ අංශවලින් පුංචි රටක් වුණත් වටිනාකම්වලින් සපිරි අනන්‍යතාවක් හිමි රටක් බවට පත් වෙන්න නම් ඒක අත්‍යාවශ්‍යම කාරණාවක්.

ඒ ඉදිරි ගමනට හැමදාමත් ශක්තියක් වෙන, අපේ රටේ සන්නිවේදන අංශයේ ඉදිරි ගමනේ මූලිකයා වන Dialog Axiata සමාගම ඉදිරිපත් කරපු “Dialog Mega Run ” ගේම් එක හැම කෙනෙක්ගේ ම ප්‍රියතම ගේම් එක වනවාට කිසිම සැකයක් නැහැ.

කවරයේ රූපය: (Google Play Store)

Related Articles