Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Google Bard vs ChatGPT: සංග්‍රාමය ඇරඹෙයි

AI ආධිපත්‍යය සඳහා වන තරගය වඩාත් තීව්‍ර වන විට, ChatGPT සමඟ තරග කිරීම අරමුණු කර ගත් Google හි පර්යේෂණාත්මක සංවාදාත්මක AI සේවාවක් වන BARD සුදානම් වන බවට ඉගි පළ වෙනවා. මේ හේතුවෙන් AI ටයිටන්වරුන්ගේ සටන දැක බලා ගැනීමට ලෝකය ම ඉන්නේ නොඉවසිල්ලෙන්. මෙතැන් සිට අපි BARD හි කුතුහලය දනවන ලෝකය සහ එහි යටින් පවතින තාක්‍ෂණය වන LaMDA වෙතත් GPT-4 කොයි විදිහට තාක්ෂණික ලෝකය වෙනස් කරයිද යන්නත් කතාබහ කරන්නට බලාපොරොත්තු වෙනවා.
එහෙනම් අපි යමු AI ලෝකය ගවේෂණය කරන්න.

Google BARD: පර්යේෂණාත්මක සංවාදාත්මක කෘත්‍රිම බුද්ධි සේවාව

Google සමාගම දැනට OpenAI හි ChatGPT සමඟ තරග කිරීමට conversational AI සේවාවක් වන BARD හි සංවර්ධන කටයුතු සිදු කරමින් පවතිනවා. ව්‍යාපෘතිය තවමත් පර්යේෂණාත්මක මට්ටමේ පවතින අතර ම, සීමිත “විශ්වාසවන්ත පරීක්ෂකයන්” කණ්ඩායමක් එහි හැකියාව සහ කාර්ය සාධනය දැඩි ලෙස පරීක්ෂා කරමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.

මෑත පළ කළ බ්ලොග් සටහනක ඔස්සේ ගූගල් හි ප්‍රධාන විධායක නිලධාරී Sundar Pichai ප්‍රසිද්ධියේ ම ඔවුන් මේ වෙද්දීත් BARD හි සංවර්ධන කටයුතු සිදු කරමින් සිටින බවත් නුදුරේ දී ම මෙය ලෝකයට විවෘත කරන බවත් අනාවරණය කළා. මේ සමඟ ම තාක්ෂණික ලෝකයේ AI තාක්ෂණය හා එහි නව්‍යතා පිළිබඳ ව උන්නන්දුවක් දක්වන හා දැනටත් කෘත්‍රිම බුද්ධි වැඩසටහන් සමග ක්‍රියාත්මක වෙන ක්ෂේත්‍රවල විශේෂඥයන් අතර මේ නව BARD සේවාවේ හැකියාවන් හා උපරිමය දැක බල ගැනීමට දැඩි උනන්දුවක් හට ගෙන ඇති බව නම් නොරහසක්.

Google Bard vs GPT: සංග්‍රාමය ඇරඹෙයි – www.lifestyleasia.com

BARD හි කෘත්‍රිම බුද්ධි වැඩසටහනේ හරයේ තිබෙන්නේ භාෂා ආකෘතියක් වන LaMDA ය. BARD සේවාවෙන් සිදු කෙරෙන සෑම විමසුමකට ම ප්‍රතිචාර දැක්වීමට සහ එහි ප්‍රතිවාදියා වන ChatGPT මෙන් අර්ථවත් සංවාදවල යෙදීමට LaMDA භාෂා ආකෘතිය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති. BARD හි හැකියා හා සීමා පිළිබඳ වැඩි විස්තර නුදුරේ දී අනාවරණය වේවි. AI තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක් එය ChatGPT සමඟ සසඳන ආකාරය මෙන් ම කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයට එහි ඇති බලපෑම තක්සේරු කිරීමට අනිවාර්යෙන් ම උනන්දුවක් දක්වාවි.

BARD හි හැකියාවන් සහ එය ChatGPT සමඟ සැසඳීම

BARD තවමත් සංවර්ධන සහ පරීක්ෂණ මට්ටමේ පවතින බැවින්, එහි සම්පූර්ණ හැකියාව හා සීමා පිළිබඳ ව තවමත් ලෝකයට හරි ආකාරයෙන් අනාවරණය කර ගෙන නැහැ. කෙසේ වෙතත්, ChatGPT මෙන්, BARD වෙත සිදු කරන විමසුම් සඳහා පිළිතුරු දීමට සහ පරිශීලකයන් සමඟ සංවාදවල නියැළෙන්නට හැකි බව දැනට අනාවරණය ව තිබෙනවා.

ChatGPT අභිබවා යන්නට BARD ට ඇති විශාලතම වාසිය වන්නේ ඒ සතු ව පවතින අන්තර්ජාලය ඔස්සේ real-time එසේ නැති නම් තත්‍ය කාලීන දත්ත ඔස්සේ පරිශීලකයන් වෙත අදාල ගැටලු සඳහා පිළිතුරු දීමේ හැකියාව සහ ඒ ඔස්සේ මෑත සිදුවීම් පිළිබඳ වඩා යාවත්කාලීන තොරතුරු සැපයීමේ හැකියාවයි. තවමත් මේ හැකියාව ChatGPT වෙත නොමැති නිසාම BARD පරිශීලකයන් වෙත මුදා හැරීමේ දී විශාල වාසියක් වන බව නම් පැහැදිලි යි.

Sundar Pichai සහ Satya Nadella – cnbc.com

BARD සේවාව නිල වශයෙන් නිවේදනය කිරීම මඟින් Google සමාගමෙහි AI තාක්‍ෂණය ප්‍රවේශයේ කැපී පෙනෙන වෙනසක් පෙන්නුම් කරනවා. සාමාන්‍යයෙන් මෙතක් Google සමාගම නව තාක්ෂණයන්, යෙදුම් සහ උපාංග සාමාන්‍ය පොදු ජනතාව වෙත අනාවරණයේ දී ඉතාම ප්‍රවේශම්කාරී පිළිවෙතක් අනුගමනය කෙරුණත් AI තරගයේ දී තමන් ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් බව පෙන්වීමට දැඩි උත්සහයක් දරන බව පෙනෙනවා. BARD වෙතින් එහි පරිශීලකයන් වෙත ලැබෙන තොරතුරු උසස් තත්ත්වයේ, ආරක්ෂාව සහ තත්‍ය කාලීන දත්තවලින් සන්නද්ධ( Real-World Data) බව සහතික කිරීම සඳහා Google බාහිර ප්‍රතිපෝෂණ (external feedback ) සහ අභ්‍යන්තර පරීක්ෂණ භාවිත කරන බව Sundar Pichai සඳහන් කරනවා.

පසුගිය වසරේ ChatGPT ඉදිරියට ඒම සහ Google සමාගමේ තරගකාරී ආයතන වන මයික්‍රොසොෆ්ට් වැනි අනෙකුත් තාක්ෂණික දැවැන්තයන් දැනටමත් ඔවුන්ගේ නිෂ්පාදනවලට ChatGPT ඒකාබද්ධ කර, BARD වෙත ChatGPT වෙතින් එල්ල කර ඇති අභියෝගයට මුහුණ දීමට Google දැනට ම පිඹුරුපත් සකසමින් සිටින බව අතිශයින් ම පැහැදිලි කරුණක්.

Bard AI එක – bard.google.com

BARD පිටුපස සිටින දැවැන්තයා LaMDA

BARD ධාවනය කරන language model එක වන්නේ, parameters බිලියන 137 ක් සහ publicly available වචන, සංවාද දත්ත සහ සබැඳි ලේඛන ට්‍රිලියන 1.56 ක training එකක් සහිත LaMDA. මෙම විශාල දත්ත කට්ටලය LaMDA වෙත ආකර්ෂණීය වගේ ම ඉතාම තියුණු භාෂා අවබෝධයක් ප්‍රදර්ශනය කිරීමට ඉඩ ප්‍රස්තාව සලසනවා.

Safety, Quality, සහ Groundedness යන parameters ඔස්සේ BARD AI වෙතින් පරිශීලකයන් වෙත නිරවද්‍ය සහ ගැළපෙන සදාචාරාත්මක ප්‍රමිතීන්ට අනුගත, Real-World Dataමත පදනම් වූ පිළිතුරු ලබා දෙන බවට තහවුරු කෙරෙනවා.

Google Assistant, Workspace, සහ සෙවුම් යන්ත්‍රය වැනි විවිධ Google යෙදුම් ඒකාබද්ධ කිරීම සඳහා භාවිත වෙන LaMDA හි හැකියාව BARD ඉක්මවා යන බව නම් සඳහන් කරන්නට ම අවශ්‍ය යි. මේ නවතම AI තාක්ෂණය හා සන්නද්ධ වීම ඔස්සේ Google සතු ව දැනටමත් පවතින ඉතාම හොඳ ecosystem එක තවදුරටත් වැඩිදියුණු කළ හැකි අතර AI අතර ඇති වන තරගයේ Googleවලට හිමිවෙන පළමු තැන වැඩි දුරටත් තහවුරු කරගැනීමට ඔවුන්ට හැකි වෙනවා.

LaMDA හි හැකියාව BARD ඉක්මවා යන බව නම් සඳහන් කරන්නට ම අවශ්‍ය යි – www.searchenginejournal.com

GPT-4 Architecture මඟින් බල ගැන්වෙන ChatGPTසේවාව, LaMDAට වඩා සැලකිය යුතු තරම් විශාල දත්ත කට්ටලයක් මත පුහුණු කර ඇතත්, LaMDAට එකී තරගකරු අභිබවා යා හැකි ක්ෂේත්‍ර තිබෙන බව නම් කිව යුතුම යි. ගැටගු සඳහා මිනිසකුගෙන් ලැබිය හැකි අව්‍යාජ පිළිතුරුවලට ආසන්නවම පිළිතුරු ලබා දීමේ දී ChatGPTසේවාව අභිබවමින් LaMDA ඉදිරියට එන බවත් Scale AI හි Riley Goodside වාර්තා කරනවා. කොහොම නමුත් මේ ප්‍රබල කෘත්‍රිම බුද්ධි දැවැන්තයන් දෙදෙනා ම ඉතාම ශීඝ්‍රයෙන් ඉගෙන ගනිමින් විශාල වෙමින් පවතින නිසා ම මේ සටන් නම් තවත් බොහෝ කාලයකට පුවත් මවන බව අතිශයින් ම පැහැදිලි යි.

අධි බලැති අදිසි හස්තය PALM ?

Google හි AI පර්යේෂණ අංශය තවත් විශාල ව්‍යාපෘතියක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ 540 Billion Parameter සහිත Pathways Language Model එහෙම නැති නම් PaLM වෙනුවෙන්. මෙහි ප්‍රධාන අරමුණු අතර වන්නේ විශේෂ කාර්යන් කිහිපයක් ම සාමාන්‍යකරණය කළ හැකි තනි AI ආකෘතියක් නිර්මාණය කිරීම, විවිධ විෂය හා විවිධ දත්ත වර්ග පිළිබඳ අවබෝධය ලබා ගැනීම හා සියලු කටයුතුවල කාර්යක්ෂමතාව වැඩි කිරීම යි. PaLM යනු TPU v4 Pods ගණනාවක් මත පුහුණුව ලද decoder-only Transformer මොඩලයක්. මෙහි පුහුණු දත්ත අතරට ඉංග්‍රීසි සහ බහුභාෂා දත්ත කට්ටල (multilingual datasets), වෙබ් ලේඛන, පොත්, විකිපීඩියා, සංවාද, සහ GitHub කේත පවා ඇතුළත් වෙනවා. මෙම දැවැන්ත ආකෘතිය සතු ව භාෂා අවබෝධය සහ තර්කනයේ සිට කේත ආශ්‍රිත අභියෝග දක්වා බොහෝ කාර්යයන් සඳහා විශේෂිත හා නවීනත ම එළඹුමක් ලබා ගන්නවා. ඒවගේම PaLM පද්ධතිය multilingual NLP benchmarks වලදීත් ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙන බවට තහවුරු ව තිබෙනවා.

OpenAI ChatGPT සහ GPT-4 සමඟ සැලකිය යුතු ප්‍රවණතාවයක ආරම්භයක් සනිටුහන් කර තිබෙන බව කිව යුතු යි. Google සතුව ඇති හැකියා සහ ඔවුන් සතුව පවතින බලවත් AI තාක්ෂණය පිළිබඳව අමතක නොකළ යුතුම යි. කොහොම වුණත් මේ සමාගම් දෙකේ එදිරිවාදී AI ගැටුම මේ ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයකට හේතු වන බව නම් පැහැදිලි යි.

කවරයේ ඡායාරූපය: Generated using Midjourney AI by Chanuka Nadun
මුලාශ්‍ර:
nytimes.com
washingtonpost.com
openai.com/research/gpt-4
Cnbc.com
Blog.google
Ai.googleblog.com
Theverge.com
blogs.microsoft.com

Related Articles