![](https://assets.roar.media/assets/akHSlV1CTOsc84M2_wChcF5vv7Sp1mk7P_yt.jpg?w=1200)
Youtube කිව්වම දැන් හැමෝටම මතක් වෙන්නේ සල්ලි. ලංකාවේත් දැන් ලොකුම trend එක තමයි youtube කියන්නේ. youtubeවලින් සල්ලි උපයන අය අතරේ ලෝකයේ තනි පුද්ගලයෙකු විදියට youtube එකෙන් වැඩිම සල්ලි හොයන 10 දෙනා ගැන forbes සහ businessinsider වෙබ් අඩවි වාර්තා කරලා තියෙනවා. දැන් කවුරු හරි කියයි ඔය ඉන්දියාවේ තියෙන T series එක නේද වැඩිපුර හොයන එක වෙන්න ඕන කියලා! ඔව්, ඒක එහෙම තමයි. හැබැයි ඒක සමාගමක්. මේ කියන්න යන්නේ සාමාන්‍ය විදියට youtube පටන් ගෙන 2019 දී ලෝකයේ වැඩිම ආදායම් ලබා ගන්න youtuberලා 10 දෙනා ගැන. මේ ගැන මම කලින් ලිපියක් ලිව්වත්, අද මේ ලිස්ට් එකේ පළවෙනියට ඉන්න කෙනා ගැන ඇහුවම අපේ අයට ලංකාවේ මෑතක සිදුවුණු දේකුත් මතක් වෙයි.
(මෙතැනදී ආදායම මනින්නේ youtubeවලින් විතරක් නෙවෙයි, merchandise වගේ දේවලුත් එක්ක)
10. Logan Paul
මෙයා vlogs කරන කෙනෙක්. දැනට Subscribers ලා ගණන මිලියන 19.8ක්. 2018 වර්ෂයේ මෙයාගේ ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 14.5ක්.
![Social media star Logan Paul apologizes for posting a video showing an apparent suicide victim on his YouTube channel.](https://cbsnews2.cbsistatic.com/hub/i/r/2018/01/03/6ada2f37-7fbf-49a8-9f12-cf5dd74af6e0/thumbnail/620x349/1cd784c8efa8ae22942a49026f325936/ctm-010318-loganpaul.jpg)
09. PewDiePie
මෙයා ගැන නම් ගොඩක් අය දන්නවා ඇති. ස්වීඩන් ජාතිකයෙක් වන ඇත්ත නම Felix Kjellberg. මෙයා දැනට ඉන්න සාර්ථකම youtuber කියලා කියන්නත් පුළුවන්. මොකද මෙයා තමයි පළවෙනි වතාවට තනි youtuber කෙනෙක් විදියට Subscribersලා මිලියන 100 පැන්නුවේ. දැනට මිලියන 101ක් ඉන්නවා. ගේම් සහ කොමඩි කරන කෙනෙක් විදියට තමයි හඳුන්වන්නේ. ඔහුගේ 2018 වසරේ ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 15.5ක්.
![Swedish video game commentator and YouTube star Felix Kjellberg, aka PewDiePie, at the Singapore Social Star Awards on May 23, 2013. GETTY](https://cbsnews2.cbsistatic.com/hub/i/r/2014/06/10/06573aa0-44a7-4040-82a7-a1ade0958d95/thumbnail/620x465g2/b3a70a70042d95ae25c44e17fd1a88b5/169351487.jpg)
08. Jacksepticeye
අයර්ලන්ත ජාතික ගේමර් කෙනෙක් තමයි 8 වෙනියට ඉන්නේ. මෙයා Disney සමාගමත් එක්ක වැඩ කරලා තියෙනවා. 2018 වසරේ මොහුගේ ආදායම ඩොලර් මිලියන 16ක්.
07. VanossGaming
මෙයත් ගේමර් කෙනෙක් තමයි. කැනේඩියානු ජාතිකයෙකු වෙන මෙයාගේ නම තමයි Evan Fong. මෙයාගේ ආදායම ඩොලර් මිලියන 17ක්.
06. Markiplier
ඇත්ත නම Mark Edward Fischbach. එක්සත් ජනපදවාසී තරුණයෙක්. අවුරුදු 5ක් පමණ කලක් එක දිගට මෙයා ගොඩක් ජනප්‍රිය ගේමින්ග් youtuber කෙනෙක්ව හිටියා. ඒක තාමත් එහෙමයි. Mark ඇත්තටම biomedical engineer කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ගමන් තමයි හිටියේ. හැබැයි ජිවිතයේ වුණු බරපතල සිදුවීම් නිසා තමයි ඔහු youtube එකෙන් වීඩියෝ කරන්න පටන් ගෙන තියෙන්නේ. රැකියාවෙන් ඉවත් කිරීම ආදී තවත් පෞද්ගලික කරුණු ගණනාවක් නිසා ඔහු එම තීරණය ගත බව කියවෙනවා. අද ඔහුගේ ආදායම ඩොලර් මිලියන 17.5ක්.
05. Jeffree Star
මෙයාව දැක්කම මම මුලින්ම හිතුවේ කෙල්ලෙක් කියලා! පස්සේ තමයි දන්නේ කොල්ලෙක් කියලා. මෙයා මේකප් අර්ටිස්ට් කෙනෙක්. දැක්ක ගමන්ම ගෑණු ළමයෙක් වගේ දැක්කේ ඒ නිසා. myspaceවල සාර්ථකම වුණු කෙනෙක් මේ. ඔහු 2014 දී එයින් youtubeවලට මාරු වුනා. Vlogs, රූපලාවන් හා ඊට අදාළය කාරණා සම්බන්ධයෙන් tips, tutorial වගේ දේවල් තමයි මෙයා චැනල් එකෙන් ඉදිරිපත් කරන්නේ. වීඩියෝ 300ක් වගේ ගණනක් පබ්ලිෂ් කෙරෙද්දී subsලා මිලියන 13ක් ගන්න මොහු සමත් වුණා. දැන් ආදායම ඩොලර් මිලියන 18ක්. ඒ වගේම තමන්ට කියලා Jeffree Star Cosmetics කියලා රූපලාවන්‍ය සන්නාමයකුත් එකකුත් ඔහුට තියෙනවා.
04. DanTDM
මෙයා බ්‍රිතාන්‍ය ජාතික ගේමර් කෙනෙක්. විශේෂයෙන් Minecraft ගේම් එක තමයි මෙයා ප්ලේ කරන්නේ. මොහුගේ ඇත්ත නම Daniel Middleton. ආදායම ඩොලර් මිලියන 18.5ක්.
03. Dude Perfect
මේ නම් 5 දෙනෙක් එකතු වෙලා ගෙනියන යූටියුබ් චැනල් එකක්. මෙයාලා ක්‍රීඩා හා සම්බන්ධ වීඩියෝ තමයි නිෂ්පාදනය කරන්නේ. පස්දෙනාම Texas A&M විශ්වවිද්‍යාලයයේ සෙට් එකක්. මොවුන්ගේ ආදායම ඩොලර් මිලියන 20යි.
02. Jake Paul
මේ ඉන්නේ අර ඉහත සඳහන් කළ Logan ගේ මල්ලි. මෙයත් vlog කරන කෙනෙක්. මෙයාගේ ආදායම ඩොලර් මිලියන 21.5 යි. subsලා මිලියන 19.6ක් මෙයාට ඉන්නවා.
01. Ryan ToysReview
ඔන්න දන්නෙම නැතුව #1 ආවා. මේ ස්ථානය කවුරු ගන්න ඇති ද? ගොඩක් අය හිතයි ටිකක් තරුණ හෝ මැදි වයසේ කෙනෙක් කියලා. හැබැයි මම පොඩි ඉඟියක් දෙන්නම්. ලංකාවේ මෑත දවස්වල මිලියනයක් subscribersලා හිටිය channel එකක් තිබුණා මතක ඇති. ඒක ඉතා ළාබාල දැරියක් තම මවත් පියාත් නිවෙසේ අනෙකුත් අයත් එක්ක තමයි කළේ. ඉතින් ඒ සිද්ධියේ දී වගේම, 2018/2019 youtubeවලින් වැඩිම ආදායමක් ලබා ගන්නේත් රයන් නම් වයස අවරුදු 7ක ළමයෙක් කරන youtube නාලිකාවක්. සෙල්ලම් බඩු review කරන එක තමයි මේ නාලිකාවෙන් කරන්නේ. මුලින්ම මේක පටන් ගෙන තියෙන්නේ රයන්ගේ අම්මයි තාත්තයි, රයන් මේ සෙල්ලම් බඩු review කරන එක වීඩියෝ කරලා. මුල් කාලයේ දී මේ නාලිකාවේ සබ්ස්ලා ගොඩක් අඩු වුණා. නමුත් මේ වෙද්දී නම් ඉන්නවා මිලියන 21.9ක්. ආදායම? ආදායම ඩොලර් මිලියන 22ක්.
![](https://cbsnews2.cbsistatic.com/hub/i/r/2018/12/04/1af1465e-076e-4310-aff3-35c3e70f5dbb/thumbnail/620x327/bed0b8984779d553e97926678b5d6b5f/screen-shot-2018-12-04-at-10-08-08-am.png)
ඉතින් ඔන්න ඕක තමයි Youtube නිසා තමන්ගේ ජිවිතේ සාර්ථක කර ගත් හොඳම 10 දෙනෙකුගේ කතාව. මේ අයට අමතරව තවත් ඕන තරම් YouTube තරු ඉන්නවා. ලංකාවෙනුත් මෙහෙම කෙනෙක් බිහිවුණොත් කොහොම ද?