Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

චීනය නිපැයූ යුධ උපකරණ

ලෝකය යුධමය අතින් ඉදිරියට යන විට එයට මූලාරම්භය සැපයූ බොහොමයක් ක්‍රම අතීත චීනයෙන් සොයාගන්න පුළුවන්. මේ, අතීත චීනය විසින් නිර්මාණය කළ, අදටත් නවීකරණයට ලක්ව භාවිත වන යුධ ආයුධ කිහිපයක්.

01. වෙඩි බෙහෙත්

www.dazui.com

ලෝක ඉතිහාසයම වෙනස් කළ වෙඩි බෙහෙත් නිර්මාණය වන්නේ චීනයෙ යි. ඒ පර්යේෂණයක අත් වැරැද්දක ප්‍රථිපලයක් ලෙසයි. නව වන සියවසේදී සොයාගත් එය 10 වන සියවස වන විට ගිනිකෙළි සංදර්ශන සදහා යොදාගෙන තිබුණා. එය අවියක් ලෙස හා පුපුරණ ද්‍රව්‍යයක් ලෙස භාවිතයට එන්නේ වර්ෂ 1044 අතර සමයේ යි. එකල වෙඩිබෙහෙත් ගිනිවිදින යන්ත්‍ර සඳහා භාවිතා කර තිබුණා. ගිනි අවි භාවිතය ආරම්භ වන්නේ 13වන සියවසෙන් පසුව වන අතර මේවා වැඩිපුරම මොන්ගෝලියානු ජාතිකයන් භාවිතා කර තිබුණා. වෙඩි බෙහෙත් වල මූලිකම අවධියේ එය භාවිතා වුණේ පුපුරණ ද්‍රව්‍යයකට වඩා ගිනි ගන්නා ද්‍රව්‍යයක් ලෙසයි.

02. කාලතුවක්කුව

square.gr

වෙඩි බෙහෙත් නිර්මාණය සමඟ චීන ජාතිකයන් එය භාවිතා කර විවිධ නිර්මාණයන සිදුකරනු ලැබුවා. ඒවා වැඩිපුරම භාවිතා කර තිබුණේ සතුරු බලකොටු ආදියේ තාප්ප ආදිය විනාශ කිරීමට යි. මෙහි උණ්ඩය යකඩ වලින් තනා තිබූ අතර වෙඩි බෙහෙත් යොදා එය ක්‍රියාත්මක කර තිබුණා. කාලතුවක්කුව පිළිබඳව පැරණිතම සාක්ෂිය සොයා ගනු ලැබුවේ වර්ෂ 1985 දී යි. ඒ ටා-ට්සු නගරයේ විහාරස්ථානයකිනුයි. කැනේඩියානු ඉතිහාසඥයකු වූ රොබින් යෙට්ස් විසින් එම විහාරයේ සිතුවම් කිහිපයක කාලතුවක්කුවක් නිරීක්ෂණය කර තිබුණා. ඒ, යක්ෂයකු අතේ කාල තුවක්කුවක් තිබෙන සිතුවමක්. එම සිතුවම පසුව 12 වන සියවසට අයත් යැයි අනුමාන කෙරුණා.

03. බෝම්බ

අතීත චීනයේ බෝම්බයක් – (wikipedia.org)

ලොව පළමු බෝම්බ නිපද වූ රට ලෙසත් චීනය සැලකෙනවා. වාත්තු කළ යකඩ වලින් නිපද වූ ආවරණයක් තුල පුපුරණ ද්‍රව්‍ය ලෙස වෙඩි බෙහෙත් ඇතුලත් කර මේවා නිපදවා තිබුණා. මේවා 13 වන සියවසේ නිර්මාණය වූ නමුත් 11 වන සියවසේ උණ බම්බු යොදාගෙන ද බෝම්බ නිපදවා තිබුණා. මේවා වර්ෂ 1231 දී පමණ මොන්ගෝලියානුවන්ට එරෙහි සටන් වල දී යොදාගෙන තිබුණා. යුධ සටන් වල දී එකල මේවා “හෙණ පහර බෝම්බ” යනුවෙන් හඳුන්වා තිබුණා. එයට හේතුව වුනේ මෙම බෝම්බ පිපිරීමත් සමඟ පැමිණි විශාල ශබ්දය හා ආලෝකයයි.

04. ගිනි කරත්තය හෙවත් රොකට් විදිනය

www.realmofhistory.com

මෙය මල්ටි බැරල් රොකට් විදිනයකට ඉතා සමානයි. මෙම නිර්මාණය තුල වෙඩි බෙහෙත් මගින් ඉහළට නගින ඊතල කූරු යොදාගෙන තිබුණා. මෙය නිර්මාණය වුණේ මහා සේනාවක් හා එකවර සටන් කිරීමට තිබූ අවශ්‍යතාවය නිසයි. මේවා මුලින්ම  භාවිතා කර තිබුණේ ක්‍රි.පු. 1401- 1403 අතර කාලයේයි. 15වන සියවසේ රොකට් ලෝන්චරය ලෙස ද මෙය හැදින්වීමේ වරදක් නෑ.

05. අත් තුවක්කුව

wikipedia.org

දැනට සොයාගෙන ඇති පැරණිතම තඹ තුවක්කුව, හෙලෝන්ජැන් ගිනි අවිය, වර්ෂ 1288 වසරෙන් වාර්තා වෙනවා. සෙන්ටිමීටර 43ක් දිගකින් හා කිලෝ 3.55ක බරකින් එය සමන්විත වුණා. මෙම ගිනි අවියේ කට අඟලක පමණ විශ්කම්භයකින් යුතු වුණා. මෙය අත් කාලතුවක්කුවක් ලෙස ද සළකනු ලබනවා.

කවරය – wikimedia.org

Related Articles