Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

CPI, දූෂණය හා ශ්‍රී ලංකාව

මේ වසර මුලදී වසර 2016 සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්(Transparency International) ආයතනය විසින් නිකුත් කරනු ලැබූ ලෝක දූෂණ සංජනන වාර්තාව (CORRUPTION PERCEPTIONS INDEX 2016) අනුව ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 95 වන ස්ථානයයි. එනම් ලෝකයේ දේශපාලනිකමය දූෂණය අතින් ශ්‍රී ලංකාව 95 වන රට ලෙස ඔවුන් විසින් නම් කර තිබෙනවා.

ඉතින් අද ලිපිය තුලින් බලාපොරොත්තු වන්නේ ලෝක දුෂණ සංජනන වාර්තාව(CORRUPTION PERCEPTIONS INDEX 2016) පිළිබඳවත් දූෂිත රටවල දේශපාලනික දූෂණය ඇති වීමට හේතූන් හා ශ්‍රී ලංකාවට වත්මනේදී හිමි වී  ඇති ස්ථානය පිළිබඳව ඔබව මඳක් දැනුවත් කරන්න. ඉතින් මේ දර්ශකය පිළිබඳව හා වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලනිකමය දූෂණය පිළිබඳවත් ඔබේ අදහස සටහන් කර යෑම අපි අගය කර සලකනවා.

ලෝකය පුරා පැතිරුණු දූෂණය

ලෝකයේ ඉහළම දේශපාලනමය දූෂණය පවතින්නේ ආසියානු කලාපයේයි (Amici Global Solutions)

“අසීමිත බලය අසීමිත දූෂණයට මඟ පාදයි” දහනව වන සියවසේ බ්‍රිතාන්‍ය දේශපාලන චින්තකයකු වූ ඇක්ටන් සාමිවරයා ප්‍රකාශ කළ ආකාරයට එම කියමන එදාට වඩා අදට වලංගු වෙන අයුරක් තමයි මුළු ලෝකය පුරාවටම අද අපට දකින්නට ලැබෙන්නේ. වර්තමානය වන විට දේශපාලන දූෂණයේ වාර්ෂික අගය අමෙරිකානු ඩොලර් ට්‍රිලියනය ඉක්මවන බව ලෝක බැංකු වාර්තා මගින් ඔප්පු වෙනවා.

එසේම ඒකාධිපති පාලනයක්‌ පවතින හා ජාත්‍යන්තරව අර්බුදයන්හි පැටලී සිටින රටවල යහපාලනය ඉතා පහළ මට්‌ටමක පවතින බැවින් එවැනි රටවල් දූෂණය සඳහා තෝතැන්නක් බවට පත් වී හමාරයි. අද වන විට දූෂණ චෝදනාවල වටිනාකම මිලියන සහ බිලියන ගණන් වලින්ය. පසුගිය සතියේ නිකුත් වූ CPI වලට අනුව ආසියාවේ දූෂණය වැඩිවෙමින් තිබෙන අතර දූෂණය අඩුම ස්කැන්ඩිනේඩියානු රටවල බව සදහන්  කර තිබෙනවා.

මොකක්ද මේ CPI

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Luxembourg for Business)

දූෂණ සංජනන දර්ශකය හෙවත් CORRUPTION PERCEPTIONS INDEX  ලෝකය පුරා ආයෝජකයන්, ආධාර දෙන කණ්‌ඩායම් නිරන්තරයෙන් පරිශීලනය කරන දර්ශකයක්‌ වන අතර ලෝකයේ දූෂණ මට්‌ටම් මැන බැලීම සඳහා යොදාගැනෙන එකම ජාත්‍යන්තර දර්ශකය ලෙස හදුන්වා දෙන්නට පුළුවන්.

මෙම දර්ශකය සකස් කරනු ලබන්නේ දූෂණයට එරෙහිව ගෝලීයව ක්‍රියාත්මක වන සිවිල් සංවිධානයක්‌ වන ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International) නම් ආයතනයයි. මෙම ආයතනයේ අනු කාර්යාලයක් සමීක්ෂණය සදහා යොදා ගන්නා සෑම රටකම පිහිටා තිබෙනවා. ශ්‍රී ලංකාවේ එය හදුන්වන්නේ ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ලෙසයි.

මෙම දර්ශකය අනුව ලෝකය පුරා පවත්නා දූෂණයේ ප්‍රමාණය සමීක්‍ෂණ ක්‍රම ආශ්‍රයෙන් ඇගයීමට ලක්‌කෙරෙන අතර ඒ අනුව රටක්‌ අන්ත දූෂිත (Highly Corrupt) නම් ලකුණු “0” ක්‌ද සම්පූර්ණයෙන් දූෂණයෙන් තොර නම් (Very Clean) ලකුණු “100” ක්‌ද වශයෙන් බිංදුවේ සිට 100 දක්‌වා වන පරාසයක්‌ තුළ ලකුණු ලබාදීම සිදුකරනවා. සාමාන්‍ය මධ්‍යස්ථ රටක් ලෙස ලබා ගත යුතු ලකුණු ප්‍රමාණය ලකුණු 43ක් ලෙස එම ආයතනය පේනවා දෙනවා.

CPI 2016

දූෂණය අවම රටවල් දහය (www.transparency.org)

“රටවල් විශාල ප්‍රමාණයක දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන් මූලික අවශ්‍යතා සම්පුර්ණ කර නොගනිමින් රාත්‍රියේ නින්දට යන්නේ කුසගින්නෙන්. එයට මුලික හේතුව එම රටවල දුෂණයයි. දුෂණයේ දුර්විපාක නොලබාම දූෂණය පතුරවන්නන් තමන්ගේ ජීවන රටාව කිසිදු වෙනස් කිරීමකින් තොරව පත්වාගෙන යනවා.” 2016 වර්ෂයේ මෙම වාර්තාව ඉදිරිපත් කරමින් එලෙස ප්‍රකාශ කරන්නේ Transparency International ආයතනයේ ප්‍රධානී Osé Ugazය.

මෙවර වාර්තාවේ දත්ත අනුව, ලොව රටවල් 176ක් ඒ සඳහා යොදාගෙන තිබෙනවා. ඉන්  තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් මෙම ලකුණු පරාසයේ මධ්‍යස්ථ අගයෙන් පහත රැඳී සිටින බවත් (ශ්‍රී ලංකාව ඇතුළුව) බොහෝ රටවල රාජ්‍ය අංශයේ දැඩි ලෙස දූෂණ පවතින බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කියා සිටිනවා.

වසර 2016 CPI වාර්තාවට අනුව වඩාත්ම දූෂිත රට ලෙස ලකුණු 10 පමණක් ලබාගත් සෝමාලියාව 176  වන ස්ථානයේ පසුවන අතර 175 වන ස්ථානය ලබාගෙන සිටින්නේ ලකුණු 11ක් ලබාගත් දකුණු සුඩානයි. ලකුණු 90ක් ලබාගත් ඩෙන්මාර්කය හා නවසීලන්තය දූෂණය අවම රටවල් ලෙස දර්ශකයේ ඉහළින්ම සිටින අතර ලකුණු 89 ක් ලබා ගත් පින්ලන්තය තෙවන ස්ථානය ලබාගෙන සිටිනවා. ස්වීඩනය හා ස්විස්ටර්ලන්තය පිළිවෙලින් හතර වෙනි හා පස්වෙනි ස්ථාන ලබාගෙන සිටින්නේ ලකුණු 88ක් හා 86ක් ලබාගනිමින්.

දූෂණයට හේතූන්

දූෂණය ඉහළම රටවල් දහය (www.transparency.org)

දුෂණයට හේතූන් ලෙස මෙම සමීක්ෂණයේදී ප්‍රධාන ලෙස සදහන් කර තිබෙන්නේ රාජ්‍ය නායකයන් රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීමයි. හිතමිතුරන් අතර ව්‍යාපාරික අවස්ථා බෙදාදීම රටක ආර්ථිකයට අහිතකර ප්‍රතිඵල උදා කරන බවත්  එමඟින් ආර්ථික විනිවිදභාවය අතුරුදන් වෙන අතරම ඥාති සංග්‍රහයද දේශපාලනික දූෂණයට තවත් එක් ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් කරනවා.

ඒ සඳහා මෑත කාලීන උදාහරණයක් ලෙස ඉන්දුනීසියාවේ සුහර්තෝ, පිලිපීනයේ පර්ඩිනන්ඩ් මාකෝස්, ඉරාකයේ සදාම් හුසේන්, ලිබියාවේ මුම්මර් ගඩාෆි හා සිම්බාබ්වේ රොබට් මුගාබේ දැක්විය හැකියි. අන්තර්ජාතිකව තනිවීම, සංවර්ධනය අඩපණවීම, ණය බර ඉහළයෑම, සෘජු විදේශ ආයෝජන හීනවීම, මිනිස් අයිතීන් කඩවීම හා  අධිකරණය පද්ධතිය ස්වාධින නොවීම  ආදිය ද ඒයින් ඇති වන ප්‍රතිඵලයි.

CPI 2016 හා ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවට හිමි ස්ථානය (www.transparency.org)

මෙවර වාර්තාව අනුව ශ්‍රී ලංකාවට හිමිවී පවතින්නේ 95 වන ස්ථානයයි. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය ලකුණු 36ක්. එය පසුගිය වසරට සාපේක්ෂව දූෂණය ඉහළ යාමක්. 2015 වාර්තාවේදී 83 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මේ අයුරින් ස්ථාන 12 කින් දර්ශකයේ පහතට වැටී තිබෙනවා. පසුගිය වසරේ ලකුණු 37ක් ශ්‍රී ලංකාවට ලැබෙනවා.

මෙවර ශ්‍රී ලංකාවට හිමිව තිබෙන ලකුණු මට්‌ටම පිළිබඳ අදහස්‌ දක්‌වන ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ ජේ.සී. වැලිඅමුණ මහතා පවසන්නේ ප්‍රගතිය වඩාත් සතුටුදායක මට්‌ටමකට පත්වීමට නම් අවම තරමින් ලකුණු සංඛ්‍යාව 5 කින් වත් වැඩිවිය යුතු බවයි. මෙම දර්ශකය මගින් ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන ප්‍රතිඵලයෙන් ඉගෙන ගත යුතු හොඳම පාඩම වන්නේ දූෂණය අවම කරලීමේ ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

දූෂණ ක්‍රියා පිළිබඳ පරීක්ෂණ වත්මන් ආණ්ඩු කාලසීමාවට සීමානොකර ඉන් ඔබ්බටද යා යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර තිබුනත් අඩුම තරමේ 2016 වසරේදී හෝ දේශපාලනමය දූෂණයඅවම වීමක් සිදු වනවා වෙනුවට එය ඉහළ ගොස් ඇති බව CPI තුළින් මොනවට පැහැදිළි වෙනවා.

මුලාශ්‍ර –transparency.org

            tisrilanka.org

Related Articles