Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොව විශාලතම අර්ධද්වීප 5

ලෝකයේ ගොඩබිම් පිහිටා ඇති ආකාරය අනුව ඒවා විවිධ හැඩයට සැකසී තිබෙනු දැකගන්නට පුළුවන්. බොකු, තුඩු, කලපු වැනි විවිධ පිහිටීම් සමහරක් භූගෝලීය වශයෙන් මෙන්ම, දේශපාලනික, සමාජයීය වැනි විවිධ කරුණු රාශියක් ඔස්සේ සුවිශේෂී වෙනවා. මේ ලෝකයේ විශාලතම අර්ධද්වීප 5 පිළිබඳ තොරතුරු යි.

ඇලස්කා අර්ධද්වීපය

Nations online project

මේ අර්ධද්වීපය ලෝකයේ පස්වනුවට විශාලතම අර්ධද්වීපය යි. සමහරක් අවස්ථාවල දී ඇලස්කා ප්‍රාන්තයේ  පහත පිහිටි අඟක් වැනි කොටස ඇලස්කා අර්ධද්වීපය ලෙස සැලකෙද්දී, අනෙක් අවස්ථාවන්හි දී වර්ග කිලෝමීටර 1,717,856ක් වූ සම්පූර්ණ ඇලස්කා ප්‍රාන්තයම ඇලස්කා අර්ධද්වීපය ලෙස සලකා කටයුතු කෙරෙනවා. මෙය ලොව විශාලතම අර්ධද්වීප අතුරින් පස්වන තැනට පත් වන්නේ එවිට යි. ඇලස්කාව උතුරින් ආක්ටික් සාගරයට ද, දකුණින් පැසිෆික් සාගරයට ද, බටහිරින් බීරිං සමුද්‍ර සන්ධියට ද සීමා වී පිහිටා තිබෙනවා.

අප්‍රිකාවේ අඟ

answersafrica.com

සෝමාලි අර්ධද්වීපය ලෙස නිල වශයෙන් හැඳින්වෙන මේ අර්ධද්වීපයට එහි හැඩය සලකා ‘අප්‍රිකාවේ අඟ’ ලෙස ද ව්‍යවහාර වෙනවා. වර්ග කිලෝමීටර 1,882,757ක විශාලත්වයකින් යුක්ත මේ භූ ස්කන්ධය සැලකෙන්නේ ලොව සිවුවැනියට විශාලතම අර්ධද්වීපය ලෙස යි.

අප්‍රිකා මහාද්වීපයේ නැගෙනහිර කොටසේ, අරාබි මුහුද දෙසට නෙරා ගොස් පිහිටා ඇති මෙය තුළ සෝමාලියාව, එරිත්‍රියාව, ජිබුටි, හා ඉතියෝපියව යන රටවල් පිහිටා තිබෙනවා.

ඉන්දු-චීන අර්ධද්වීපය

NASA.gov

ගිණිකොන දිග ආසියාවේ පිහිටා ඇති මෙය ඉන්දු- චීන අර්ධද්වීපයට අමතරව, ගිණිකොනදිග ආසියාවේ ප්‍රධාන ගොඩබිම ලෙස ද හැඳින්වෙනවා. මෙහි භූමි වපසරිය වර්ග කිලෝමීටර 2,065,000ක් පමණ වෙනවා. මෙහි කාම්බෝජය, වියට්නාමය, මලයාසියාව, තායිලන්තය, මියන්මාරය, හා ලාඕසය යන රටවල්වල භූමිය පිහිටා තිබෙනවා. මෙය බටහිරින් අන්දමන් මුහුදෙන් ද, නිරිත දිගින් මලක්කා සමුද්‍රසන්ධියෙන් ද, නැගෙනහිරින් චීන මුහුදෙන් ද සීමා වී පවතිනවා.

ඉන්දියානු අර්ධද්වීපය

worldatlas.com

ඉන්දියානු අර්ධද්වීපය සැලකෙන්නේ ලොව දෙවනුවට විශාලතම අර්ධද්වීපය ලෙස යි. දකුණු ඉන්දියාව සම්පූර්ණයෙනුත්, උතුරු ඉන්දියාවේ දකුණු දිග කොටසුත් මීට අයත් වන අතර, ඩෙකෑන් අර්ධද්වීපය ලෙස ද හඳුන්වනු ලබනවා. මෙය ලොව වැඩිම ජනකායක් වෙසෙන අර්ධද්වීපය යි. මෙය අරාබි මුහුදෙන්, ඉන්දීය සාගරයෙන්, හා බෙංගාල බොක්කෙන් වට වී තිබෙනවා. මෙහි භූමි වපසරිය වර්ග කිලෝමීටර 2,720,000ක් වෙනවා.

අරාබි අර්ධද්වීපය

saudi-archaeology.com

වර්ග කිලෝමීටර 3,237,500ක සුවිශාල භූමි වපසරියකට උරුමකම් කියන අරාබි අර්ධද්වීපය ලොව විශාලතම අර්ධද්වීපයයි. මැද පෙරදිග ආසියාවේ ස්ථානගත වී ඇති මෙහි වැඩිමනක්ම දක්නට ලැබෙන්නේ කාන්තාරික දේශගුණයක්. මෙහි ඕමානය, යේමනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, බහරේනය හා කටාරය යන රාජ්‍යයන් පිහිටා තිබෙනවා. මෙය බටහිරින් රතු මුහුදෙන් ද, ඒඩන් බෙක්ක හා මුහුදු තීරයෙන් දකුණින් ද, ගිණිකොනින් අරාබි මුහුදෙන් ද, ඊසාන දිගින් ඕමාන බොක්කෙන් ද සීමා වී තිබෙනවා.

කවරයේ පින්තූරය- maps-of-india.com

Related Articles