අපි හැමෝම කැමත්යි ලෙඩ නොවී සතුටින් ජීවිතය ගෙවන්න. සමහරු අනවශ්‍ය ලෙඩ ඔළුවට දාගෙන, මට හැරුනත් ලෙඩක් තමා වැටෙන්න යන්නේ වගේ දේවල් කියනවා අපි ඕනේ තරම් අහලා තියනවා. ඒත් ඒ තමන් අකමැති ලෙඩ හැදුනහම…උණක්,හෙම්බිරිස්සාවක්,කරදරයක් වගේ දේවල්.
හැබැයි පුදුමාකාර උවමනාවකින් සහ කැපවීමකින් තමන්ගේ ආශාවල් කරා හඹායන අයටත් අපි කතාවට වගේ කියනවා,මෙයාට cricket ලෙඩක්, සිංදු කියන ලෙඩක්, කඳු නගින ලෙඩක්, acting ලෙඩක් වගේ දේවල්. ඇත්තටම හොඳ ලෙඩක් කියන්නේ අපිට නිරෝගීව ජීවත් වෙන්න වැදගත් වෙන විදියේ “ලෙඩකට”. ගොඩාක් වෙලාවට ඒ වගේ හොඳ ලෙඩ තියන අය හුඟාක් සතුටෙන් ඉන්නවා ඔබ දැකලා ඇති. අද ඔබට මේ කියන්න යන්නේ රෝගී පුද්ගලයින්ව නිරෝගී කරන වෛද්‍යවරයෙකුට වැළඳී ඇති ඒ වගේ හොඳ ලෙඩක් ගැන. ඒ වගේම ඔහු ඒ හොඳ ලෙඩෙන් තමන්ගේ ජිවිතය ද වෙනස් කර ගත්තා. මේ ඔහුගේ හොඳ ලෙඩේ කතාව යි.
ඔහු නමින් වෛද්‍ය පණ්ඩුල බස්නායක. ඔහු දැනට සේවය කරන්නේ මහනුවර ශික්ෂණ රෝහලේ අක්ෂි ඒකකයේ වෛද්‍යවරයෙකු ලෙස යි. 56-57 වාට්ටු වලට අනුයුක්තව සිටින ඔහු, වගකීම් සහගත වෛද්‍යවරයෙකු ලෙස ප්‍රසිද්ධ යි.
මහනුවර ශික්ෂණ රෝහලට යොමු කෙරෙන රෝගීන් විශාල පිරිසක් උතුරු හා නැගෙනහිර පළාත්වල රෝගීන්. ඊට ප්‍රධානතම හේතුව වෙන්නේ කොළඹ අක්ෂි රෝහල හැරුණු කොට, රට මැදට වන්නට පිහිටා ඇති එකම අක්ෂි ඒකකය මහනුවර මහා රෝහල සතු වීම යි. ඒ නිසා බොහෝ රෝගීන්ට ඔහු අතින් සේවා සැපයෙනවා.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ වෛද්‍ය පණ්ඩුල තම වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන්. ඔහුට කුඩාකල සිට කාය වර්ධනය වෙනුවෙන් ආශාවක් තිබී ඇති අතර, වෛද්‍යවරයෙකු බවට පත් වූ පසුව ඔහු තමන්ගේ ඒ ආශාව ඉටුකර ගැනීම සඳහා කැපවීම ආරම්භ කරනවා. ඔහු පවසන පරිදි තමන් යම් දෙයකට කැමති නම් ඒ වෙනුවෙන් කැපවීම තුලින් අදහාගත නොහැකි ප්‍රථිපල අපට අත්විඳිය හැකියි. ඒ නිසා වෛද්‍යවරයෙකු ලෙස ඉතාමත් කාර්යයබහුල වුණත්, කෙසේ හෝ වෙලාව නිසි අයුරින් කළමනාකරණය කරගෙන වෛද්‍ය පණ්ඩුල තමන්ගේ ජිවිතයෙන් විශාල වෙලාවක් කාය වර්ධනය වෙනුවෙන් වැය කරනවා.
ඔහුට මුලින්ම මේ හොඳ ලෙඩේ නිර්මාණය වෙන්නේ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේදීයි. ඔහු පාසල් යන කාලේ වැඩිය ක්‍රීඩාවට යොමු වෙලා හිටිය කෙනෙක් නෙමෙයි. ඒ වගේම වෛද්‍ය පණ්ඩුල විශ්ව විද්‍යාලයේ සිටි කාලයේ ආත්මාරක්ෂක සටන් කලාවට විශාල ඇල්මක් දක්වා තිබෙනවා. ඔහුට දැන් තියෙන හොඳ ලෙඩේ ලොකුවටම හැදුනේ නුවර රෝහලට සේවය කිරීම පැමිණීමෙන් පසුව යි.
විශ්ව විද්‍යාලයේ සිටින විට ආත්මාරක්ෂක සටන් කලාව කරන විට ඔහුට ගෙදරින් විශාල සහයෝගයක් ලැබී තිබුනේ නෑ. ඔහුව බොහෝවිට ධෛර්යමත් කොට තිබුනේ පාඩම් වැඩ වෙනුවෙනුයි. ඒ කාලය තුල විභාග වගේම පාඩම් වැඩ නිසා ඔහුට මේ ක්‍රීඩා වෙනුවෙන් විශාල ලෙස යොමු වීමේ හැකියාවක් තිබී තිබුනේ ද නෑ. නමුත් පසුව ඔහු මාර්ෂල් ආර්ට් ජාතික තලය වනතුරු ක්‍රීඩා කර තිබුණා. ඉන්පසුව වෛද්‍යවරයෙකු ලෙස ලබන සීමාවාසික සේවා පුහුණු වැනි සියලු දේ නිමා කර ඔහු නුවරට පැමිණ තිබුණා. ඉන්පසුව ඔහු දැන් තියන හොඳ ලෙඩේ පටන් ගන්නවා. එයට මාර්ෂල් ආර්ට් වලින් ලැබුණ පන්නරය ගොඩාක් වැදගත් වී තිබුණා.
වෛද්‍ය පණ්ඩුල 2010 නුවර පැමිණි පසුව ඔහුට පුහුණු වෙන්න හොඳ සගයෙක් ලැබෙනවා. ඉන්පසු ඔවුන් දෙදෙනා ගොඩාක් මහන්සි වෙලා අවුරුද්දක් විතර හෙමින් හෙමින් කාය වර්ධනය වෙනුවෙන් පුහුණු වීම් පටන් ගන්නවා. ඒ වගේම වෛද්‍ය පණ්ඩුල සතුව තිබූ වෛද්‍ය අධ්‍යාපනයේ දැනුමත් එකතු කර ඔවුන් දෙන්නා විසින් පොඩි ඉලක්කයක් හදා ගන්නවා. ඒ ඔවුන් කවදා හෝ කාය වර්ධන තරගවලට සභාගී වෙන මට්ටමට මේක පුහුණුව දියුණු කර ගන්නවා කියන එකයි. ඔහු ඔහුගේ පුහුණු සගයා සමග එක්කව ඒ හීනෙට අවුරුද්දක් විතර ඇතුලේ හෙමින් හෙමින් ගමන් කරනවා. ඉන්පසුව තමන්ගේ පළවෙනි තරගයට මුහුණ දෙනවා.
මෙම ක්‍රීඩාවට පැමිණි මුල් කාලයේ ඔවුන් පැමිණ තිබුනේ බාධා රැසක් සමඟයි. “අපි විතරයි මුලින්ම මේක අපිට කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ. ජිම් යනවා තරග වලට යන්න පුහුණුවීම් කරනවා කියන එක මගේ රස්සාව එක්ක ගැලපුනේ නෑ. ඒවගේම මෙය මට කළ නොහැකි යැයි කියන බොහෝදෙනා මැද මගේ අවසාන ඉලක්කය වෙනුවෙන් මට වැඩ කරන්න වුණා” .
ඉන්පසුව අවුරුද්දක් විතර සිට කල පුහුණු වීම් එක්ක වෛද්‍ය පණ්ඩුල තරග වලට ක්‍රමක් ක්‍රමයෙන් අවතීර්ණ වුණා. ඔහු මුලින්ම තරගයකට මුහුණ දෙන්නේ 2011 වසරේදීයි. ඒ
ශ්‍රී ලංකා ආධුනික කාය වර්ධන ශූරයා තේරීමේ තරගය යි. ඔහු එහි ලංකාවෙන්ම දෙවැනි තැනට පත් වෙනවා. ඒක ඇත්තටම ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම ඔහු එය ඔහුගේ හොඳ ලෙඩේ වෙනුවෙන් ඔහු කරපු මහන්සියේ ප්‍රථිපලයක් විදියට ඒක දකිනවා. ඉන්පසුව ඔහු සෑම අවුරුද්දෙම වගේ තරග වලට ඉදිරිපත් වෙනවා. ඊට පසුව කිලෝ 85 බර පන්තියේ “Mister sri lanka” තරග වල රන් පදක්කම පවා ඔහු දිගටම ජයග්‍රහණය කරනවා. ගෙදර අය මුලින්ම මේ දේ වෙනුවෙන් එතරම් කැමැත්තක් දක්වා තිබුනේ නෑ. “නමුත් පසුව ඒ අයත් තේරුම් ගත්තා මම තරග ජයග්‍රහණය කරලා මිනිසුන් අතර ප්‍රසිද්ධියට ලක්වන විට සහ මන් නිසා තවත් අය ඔවුන්ට ඇති මෙවැනි ලෙඩ පසුපස යන්න දිරිමත් වනවිට මේ ලෙඩේ හොඳ ලෙඩක් කියන එක.” යැයි වෛද්‍ය පණ්ඩුල පවසනවා.
මේ හරහා වෛද්‍ය පණ්ඩුල වෙනුවෙන් හොඳ අනන්‍යතාවයක් නිර්මාණය වුණා. ඒ සමග බොහෝ දෙනෙක් ඔවුන්ගේ ජීවිතයට මේ හොඳ ලෙඩේ හොඳ පෙළඹවීමක් කර ගත්තා. ඒ වගේම මේ නිසා ඔහු පවසන්නේ ඔහුට විශාල කායික හා මානසික සුවයක් මෙන්ම ඔහුගේ සමවයස් අනෙක් අයට සාපේක්ෂව ඉතා නිරෝගී ජිවිතයක් ද ලැබුණ බවයි. ඒ වගේම මේ හොඳ ලෙඩේ නිසා ඔහු ජිවිතයට ලද දේවල් බොහොමයක් ගැන ඉතා අභිමානයෙන් කතා කරනවා.
ඔහු බොහෝවිට මේ වෙනුවෙන් කාලය වෙන් කරනු ලබන්නේ තම රැකියාවෙන් පසුවයි. ඔහු තමන් සතු සීමිත කාලය තුල ඔහුගේ ඉලක්කය හා හොඳ ලෙඩේ වෙනුවෙන් විශාල කැපවීමක් ඔහු විසින් සිදු කරනු ලබනවා. එහිදී ඉතා අසීරු පැය කිහිපයක් ඔහු තම සිහිනය හබාගෙන යාම වෙනුවෙන් වැය කරනවා. ඉතා අඩු විවේක කාලයක් එක්ක වුනත් තමන්ගේ හොඳ ලෙඩේ හඹා ගිහින් එයින් ඔහු ලබන සතුට සහ එයින් ඔහු ලබන සතුට සහ පරිපූර්ණත්වය කියා නිම කල නොහැකි තරම්.
අපිට ජිවිතේ විවිධ විදියේ හොඳ ලෙඩ තියෙනවා. ඒ හරහා අපේ ජිවිතයට ගොඩක් හොඳ දේවල් එකතු වෙන්න පුළුවන්. ඒ නිසා බය නැතුව මේ හොඳ ලෙඩ ඔබේ හිතට ගන්න. ඒ වෙනුවෙන් කැපවෙන්න. ඒ අතර ඔබට එන වෙන ඕන ලෙඩක් ගැන බලා ගන්න Softlogic Life ඔබ එක්ක ඉන්නවා. ඒ නිසා තමයි ඔවුන් කියන්නේ “ ඕන ලෙඩක් හදා ගන්න – ඕන නැති ලෙඩක් හැදුනොත් Softlogic Life ඉන්නවා බලාගන්න. Softlogic Life ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණාවරණය යි.
කවරය – .blogspot.com