Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

A/L ඉවරයි – ඉතින් ඊට පස්සේ?

උසස් පෙළ විභාගයට මහන්සි වෙලා වෙලා, ඒක ඉවර වුණාට පස්සේ  හිතට දැනෙන්නේ ලොකු නිදහසක්. ඇත්තටම කියනවා නම් පොදු පරීක්ෂණයට කලින්ම ඒ නිදහස ඔළුවට එනවා. අවුරුදු 13ක් කියන්නේ ලොකු කාලයක්. හරියට බැලුවොත් මෙතෙක් ඔබ ගත කළ ජීවිත කාලයෙන් 3/4 කට වඩා ඔබ ගත කරලා තියෙන්නේ ඉගෙන ගන්නවා කියන වැඩෙත් එක්ක. ඉතින් උසස් පෙළ ඉවර වෙනවා කියන්නේ නිදහසක් නෙවෙයි ද?

මේ විභාගයේ ප්‍රතිඵලයත්  එක්ක නිර්මාණය වෙන කණ්ඩායම් කිහිපයක්ම තියෙනවා කියන එක අමතක කරන්න එපා. ඔබ මේ මොනවාම හරි එකකට අයිති වෙනවා. එක්කෝ විභාගය පාස් වෙලා කැම්පස් යන කණ්ඩායම. එක්කෝ එහෙම පාස් වෙලා කැම්පස් නොයන කණ්ඩායම. නැතිනම් ඔය දෙකටම අයත් නොවන, විභාගය සමත් නොවන කණ්ඩායම. අනිවාර්යෙන් හිතට ගන්න ඕනේ විභාගය සමත් නොවෙනවා කියන්නේ ජීවිතය අසමත් වෙනවා කියන එක නෙවෙයි කියලා.

pixfeeds.com

උසස් පෙළ ඉවර වෙලා ලැබෙන නිදහසත් එක්ක ඊළඟට තියන නිවාඩුව ගොඩාක් වෙලාවට, ගොඩාක් අය එක එක විදියට භාවිතා කරනවා. හැබැයි ඒ කාලය තුළ නිදහසේ ඉන්න ගමන් වෙන වැඩක් කරන්න ඕනෑ කාලයක්. එහෙම නැත්නම් තමන්ගේ අනාගත සැලසුම් හරියට ප්ලෑන් කර ගන්න ඕනෑ කාලයක්.

ඇත්තටම අපිට මේ මාස කීපය තුළ කරන්න පුළුවන් දේවල් මොනවා ද? ඒ සඳහා මෙන්න අපෙන් පොඩි රුකුලක්..

A/L ඉවර වුණාම ඇත්තටම මොනවද කරන්න පුළුවන්?

Bucket list එක සම්පූර්ණ කර ගන්න

appleaccessoriesreview.com

විභාගය ඉවර වුණාම සමහරක් අය ගන්න තීරණයක් තමා ටිකක් නිදහසේ ඉන්නවා කියන තීරණය. ඉතින් මේ කාලය තුළ තමන්ගේ අතේ හැටියට – හිතට ගැලපෙන පොඩි බකට් ලිස්ට් එකක් හදා ගන්න. කොහේ හරි නොගිය තැනකට යන්න. කරන්න ආස නමුත් විභාගේ නිසා කරන්න බැරි වුණ දේවල් ටිකක් කරන්න. බකට් ලිස්ට් එකේ එකින් එක හරිය වැටිලා සම්පූර්ණ වෙනකොට හිතට පොඩි සතුටක් දැනෙයි.

ෆිල්ම් ගොඩාක් මිස් වුණා ද?

විභාග අස්සේ මොන ෆිල්ම් ද? විභාගයත් එක්ක නිවාඩුවක් නැතුව මහන්සි වුණ නිසා බොහෝවිට ඒ දවස්වල නිකුත්වුණු ගොඩාක් ෆිල්ම්ස් මිස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ නිදහසේ ඉන්න කාලේ මිස් වුණු ෆිල්ම් එකින් එක බලන්න ගන්න.

ඇවිදින්න යන්න හොදම දවස් ටික

ytimg.com

එක්සෑම් එකත් එක්ක හිරවෙලා ක්ලාස් වලටයි, ගෙදරටයි වෙලා ඉදලා ඔබේ මනසට ටිකක් තෙහෙට්ටු ගතියක් ඇති. ඒ කියන්නේ කොටු වෙලා වගේ ඔබට දැනෙන්න පුළුවන්. ඉතින් ඇවිදින්න යන්න. ඒක ඔබේ ඔලුවට නැවුම් බවක් එකතු කරයි. ඒ ඇවිදලා ගන්න අත්දැකීම් ට්‍රැවලින් ප්‍රෝග්‍රෑම් බලන එකට සම කරන්න කොහෙත්ම බැහැ  ජීවිතේ ඉදිරි ගමනට මෙම අත්දැකීම් ගොඩක් උපකාර වෙයි. තවත් ඔබ්බට ගිහින් මේ කාලය තුළ තමන්ගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අදහස් කළොත් ගොඩක් වටිනවා.

Internship එකක් කරන්න උත්සාහ කරන්න

ගොඩාක් ප්‍රමුඛ පෙළේ සමාගම්, උසස් පෙළ විභාගය නිමා කළ ගමන්ම අයට internලා විදියට වැඩ කරන්න අවස්ථාව  දෙනවා. ඒ හරහා ඔබට ඒ සමාගමේ වැඩ කෙරෙන විදිය පිළිබඳව දළ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ටිකක් හොදට හොඳට දස්කම් පෙන්නුවොත්  ඇතැම්විට ඔබට එතන රැකියාවක් හම්බෙන්නත් පුළුවන්. එහෙම යන රැකියාවකින් තමන්ගේ අනාගතය හදා ගන්න නම් තමන් ඒකට අදාලව අධ්‍යාපන සුදුසුකම් ටිකත් රැකියාව කරන ගමන්ම සපුරා ගන්න උත්සාහ කරන්න.

අලුත් දෙයක් ඉගෙනගන්න

මුලින් කියපු විදිහට රැකියාවකට හෝ උසස් අධ්‍යාපනය හැදෑරීමට අදහසක් තියන අය විතරක් නෙමෙයි, ජීවිතයට පොඩි පන්නරයක් ලබාගන්න අලුතෙන් යමක් ඉගෙන ගන්න එක ගැන මොනවද හිතෙන්නෙ?

ඉංග්‍රීසි සහ පරිගණක දැනුම වගේ නැතුවම බැරි කුසලතා දියුණු කරගන්න මේ කාලයට වඩා සුදුසු කාලයක් ආයෙත් එන එකක් නැහැ.

apexbusiness.lk

ඉංග්‍රීසි ඉගෙනගන්නනම් ඉතින් ලෝකයේ ඉහළින්ම පිළිගත් ඉංග්‍රීසි භාෂාව උගන්නවන ආයතනයක් වන British Council සමග එකතු වෙන්න. අලුත් යාළුවො අඳුනගන්න, අලුත් දේවල් අත්හදා බලන්න, පරණ කුසලතා වලට ආයි පණ දෙන්න වගේ ගොඩාක් වැඩසටහන් ඔවුන් සතු වෙනවා. ඒ වගේම මේ ලබා ගන්නා දැනුම ඔබේ පෞරුෂ වර්ධනයට ගොඩාක් වැදගත් වේවි. ඒ වගේම ඔබේ උසස් අධ්‍යාපන කටයුතු වලටත් හොද මුල් පියවරක් වෙයි.

Cover – srilankamirror.com

Related Articles