Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

වෘත්තිය : ගණකාධිකාරී – රැකියාව: කේක් සෑදීම

බාලක්‍රිෂ්ණන් තක්ෂලා (34), පැතිර ගිය COVID-19 වසංගතය හේතුවෙන් කොළඹ ගණකාධිකාරීවරියක ලෙස කළ රැකියාවෙන් ඉවත් වූවා ය.

“උසස් පෙළින් පස්සේ විනෝදාංශයක් විදියට මං කේක් හදන්න පුරුදු වෙලා හිටියා. අවුරුදු කීපෙකට පස්සේ මං රැකියාව පටන් ගත්ත නිසා ඒක අත්හැරියා,” ඇය පැවසුවා ය.

“මං කොළඹ රස්සාවෙන් අයින් වුණාට පස්සේ මගේ විනෝදාංශ ය වුණු කේක් හැදීමට ආයෙ පටන් ගත්ත. මගේ කලින් පාරිභෝගිකයෝ කීප දෙනෙක් ම ඒක දිගට කර ගෙන යන්න මාව දිරිමත් කළා. මට කේක් හදන එක පුරුදු නිසා මං හිතුවා ඒක ආයෙ දිගට කර ගෙන යන්න ඇයි බැරි කියලා. දැන් මං කේක් හදන්න ආයෙ පටන් අරන් අවුරුදු දෙකහමාරක් විතර වෙනවා.”

“මේ ආර්ථික අර්බුදයට සාපේක්ෂව COVID-19 කාලයෙ දි ව්‍යාපාර කටයුතු වඩා හොඳින් සිදු වුණා,” තක්ෂලා කියයි.

“එදා වසංගතය මගේ ප්‍රදේශයේ බොහෝ බේකරි වසා දැමුවා, ඒ නිසා හැමෝම මා ගැන දැනගෙන කේක් සහ අනෙකුත් රසකැවිලි සඳහා මා වෙත පැමිණියා.”

“දැන් බේකරි භාණ්ඩවල මිල සාමාන්‍ය මිලට වඩා තුන් ගුණයකින් වැඩියි. කිලෝ එකක කේක් එකක් රුපියල් 5000කට ආසන්න යි. ඒ නිසා මිනිස්සු එච්චර වියදම් කරන්නේ නැහැ. අපි අඩු ලාභ ලබන විදියෙන් මේ ව්‍යාපාරය කරගෙන යනවා,” ඇය පැවසුවාය.

“මං ඉස්සර දවසකට කේක් පහක් විතර හැදුවා. දැන් නම් කවදාවත් දවසට දෙකට වැඩිය ඕඩර් එන්නෙ නෑ. එච්චරයි.”

“මං යාපනේට, කුරුණෑගලට කේක් යවා තිබෙනවා. මගේ ඉදිරි සැලසුම උඩරට කේක් ඇකඩමියක් හදන එක. කේක් පාඨමාලා අද මිල අධිකයි. හැමෝට ම ඉගෙන ගන්න එනිසා අවස්ථාවක් නැහැ.ඉතින් මේ ගැන සලකා බලලා ඇකඩමියක් හදලා මගේ ප්‍රජාවේ අයටත් අවස්ථාව දෙන්න මං බලාපොරොත්තු වෙනවා. “

කතාව හා ඡායාරූප: මනෝජ්නාත් සතාසිවම්ගෙනි

Related Articles