“පිවිතුරු” ඩීසල් එන්ජින්
පෙට්‍රල් සහ ඩීසල් එන්ජින් අතර සැකැස්ම අතිනුත්, ක්‍රියාකාරීත්වය අතිනුත් අතීතයේ සිටම වැදගත් වෙනස්කම් බොහොමයක් තිබුණා. මේවාට ප්‍රධාන හේතුව වුණේ එම ඉන්ධන වර්ග දෙකට ආවේණික වූ ලක්ෂණයි. ඉතා පහසුවෙන් දහනය වන සුළු පෙට්‍රල් වාෂ්පය අඩු පීඩනයක් හා උෂ්ණත්වයක් යටතේ විදුලි පුළිඟුවකින් ගිනි දල්වන්න පුළුවන්කම තිබුණත්, වාෂ්පශීලී බවින් අඩු ඩීසල් සඳහා එය ඉබේ ගිනි ගන්නා තරම් ඉහළ උෂ්ණත්වයක් සහ අධික පීඩනයක් දරාගත හැකි එන්ජිමක් අවශ්‍ය වුණා. කොහොම වුණත් ඩීසල් ඉන්ධනය සතු ශක්ති ප්‍රමාණය ඉහළ නිසා එය නිතැතින්ම ඉන්ධන කාර්යයක්ෂමතාව අතින් ඉහළින් තිබුණා.