Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නාගරික සිතුවම්කරණය: රේඛා සහ වර්ණ සමඟ අතරමං වීමට අවස්ථාවක්

2020 දී ආරම්භ වූ COVID අගුලු දැමීම් අතරතුර බොහෝ අය නව විනෝදාංශ තෝරා ගත්හ. මෙගාලි නානායක්කාරගේ(36), විනෝදාංශය වූයේ සිතුවම් ඇඳීම යි.

 “මං තීන්ත සහ දිය සායම් පිළිබඳ නිබන්ධන රාශියක් පරිශීලනය කළා, ඇතැම් ඉදිරිපත්කිරීම් නැරඹුවා. මා සිතුවම් කිරීම දකින්නේ තරමක භාවනාශීලී කටයුත්තක් ලෙස යි. එය රේඛා සහ වර්ණ අතර අතරමං වීමට මනසට අවස්ථාවක් ලබා දෙනවා ”යි ඇය Roar Media වෙත පවසයි.

Photo Credits: Roar Media / Nazly Ahmed

නානායක්කාරගේ සිතුවම් ඇඳීම ක්‍රමක්‍රමයෙන් නාගරික සිතුවම්කරණය කෙරෙහි යොමු විය. බොහෝ විට නගරවල ඇති ගොඩනැඟිලි සහ ඒවායේ පසුතල ඇගේ සිතුවම්වලට වස්තු විෂයය විය. නගරවල ඇති ගොඩනැඟිලි සහ ඒවායේ පසුතල සිතුවම් කිරීම, බොහෝ විට එම ස්ථාන ඉදිරිපිට ම සිට සිදු කෙරේ.

සිය ගමනේ සන්ධිස්ථානයක් වන urbansketchers ඇයගේ අවසාන නවාතැන විය. එය තමන් ජීවත් වන නගර, නගරවල ඇති ගොඩනැඟිලි සහ ඒවායේ පසුතල ඇඳීමට එක්රොක් වූ ගෝලීය කලාකරුවන්ගේ ප්‍රජාවක සයිබර් අවකාශයීය ඩිජිටල් වේදිකාවකි. එය සෑම කෙනකුට ම විවෘත වූවක් ද වේ. කෙසේ වෙතත්, ප්‍රජාවේ කොළඹ ශාඛාවක් නොතිබූ අතර, නානායක්කාර ම එම ශාඛාව ආරම්භ කිරීමට තීරණය කළා ය. urbansketcherscolombo ඒ කණ්ඩායම යි.

අපේ අරමුණ නාගරික සිතුවම්කරණයට ප්‍රිය කරන පිරිසක් එකතු කිරීමයි – Photo Credits: Roar Media / Nazly Ahmed

 “අපේ කණ්ඩායම දැන් වසරක් තිස්සේ රැස්වෙමින් සිටිනවා. එය දැන් නිල urban sketchers පරිච්ඡේදයක් බවට පත්වීමේ අවශ්‍යතා සපුරා තිබෙනවා “යි ඇය කියයි.

“අපේ අරමුණ වන්නේ නාගරික සිතුවම්කරණ කටු සටහන් සඳහා ප්‍රිය කරන පිරිසක් එකතු කිරීමයි. අපි මාසයකට වරක් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල රැස්වීම් සංවිධානය කරන්නේත් විවිධ ස්ථාන පිළිබඳ දළ සටහන් සිතුවම් ගත කිරීමටයි, ”නානායක්කාර තවදුරටත් කියයි.

“මේ එකමුතුව ඕනෑම මාධ්‍යයකින් සිතුවම්කරණයට සම්බන්ධ වීමට කැමති සහ සිතුවම් කිරීමට කැමති ඕනෑම කෙනකුට නොමිලේ විවෘත අවකාශයක්. සියලු ම වයස් කාණ්ඩවල සිත්තරුන් අප මෙයට සාදරයෙන් පිළිගන්නවා.”

තවත් කණ්ඩායම්වලට, ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට මේ ප්‍රජාව ඉඩකඩ ලබා දී ඇත – Photo Credits: Roar Media / Nazly Ahmed

කණ්ඩායමේ කලාකරුවන් තවත් කණ්ඩායම්වලට, ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට මේ ප්‍රජාව ඉඩකඩ ලබා දී ඇත.

 “මිනිස්සු ඉරිදා උදේට එය ඉතා සැහැල්ලුවෙන් කරන දෙයක් ලෙස සලකන්නට දැන් පුරුදු වෙලා. තමන් සිතුවම් කරණයේ යෙදෙන තරමට තමන් තුළ යහපත වර්ධනය වන බව ඔවුන් වටහා ගෙන තිබෙනවා. අනෙකුත් නාගරික සිතුවම්කරන්නන් සමඟ කතාබස් කිරීමට සහ අලුතින් දැන හැඳුනුම්කම් ඇති කර ගන්නටත් මේ අය කැමති” යයි නානායක්කාර කියයි.

“මට නම්, මේ කටයුත්තට ලැබෙන හොඳ ම ප්‍රතිචාරය වන්නේ තමන් හොඳ දෙයක් සිතුවම් කර ඇති බව ඔවුන් ම වටහාගෙන තමන් ගැන ආඩම්බර වීමට මොහොතක් ගත කිරීමයි,” ඇය තවදුරටත් පැවසුවාය. 

“නාගරික සිතුවම්කරණයේ ඇති විශිෂ්ටතම දෙය නම්, ඔබ පරිපූර්ණත්වයේ අවශ්‍යතාවයෙන් ඉවත් වන තරමට ම ඔබේ කාර්යය වඩා හොඳ අතට නැඹුරු වන අතර එය තරමක් නිදහස් දෙයක් ද වීම යි” නානායක්කාර කියයි.

ඡායාරූප: Roar Media / Nazly Ahmed

කවරයේ ඡායාරූපය : මෙගාලි නානායක්කාරගේ සිතුවම් ඇඳීම ක්‍රමක්‍රමයෙන් නාගරික සිතුවම්කරණය කෙරෙහි යොමු වූවා - Roar Media / Nazly Ahmed

Related Articles