ලොව වැඩිම සිසුන් පිරිසක් සිටින විශ්වවිද්‍යාල 5

ලෝකයේ පවතින ඇතැම් විශ්වවිද්‍යාලවල ඇත්තේ සීමිත සිසුන් පිරිසක් පමණයි. එසේම විශ්වවිද්‍යාල සමහරක පීඨ රාශියක් ඇති අතර, ඒවායේ සිසු සිසුවියන් දහස් ගණනක් ඉගෙනුම ලබනවා. මේ සටහන ලොව වැඩිම සිසුන් පිරිසක් සිටින විශ්වවිද්‍යාල පද්ධතීන් 5 පිළිබඳව යි.

අල්ලාමා ඉක්බාල් විවෘත විශ්වවිද්‍යාලය- සිසුන් 1,121,038

urdupoint.com

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටා ඇති මෙහි, ශාඛා 44ක් ද පාකිස්ථානය පුරා පිහිටා තිබෙනවා. එහි අධ්‍යාපනය ලබන කාන්තාවන්ගේ ප්‍රමාණය වැඩි අතර, අඩු මුදලක් ගෙවා අධ්‍යාපනය ලබන්නට පුළුවන්. මෙහි විෂයයන් කිහිපයක්ම සඳහා වූ පාඨමාලා අන්තර්ගත වෙනවා. මෙය ආසියාවේ පළමුවන විවෘත විශ්වවිද්‍යාලය යි.

ඉස්ලාමීය අසාද් විශ්වවිද්‍යාලය- සිසුන් 1,500,000

iauamol.ac.ir

ඉරානයේ පිහිටි අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියක් වන මෙහි, අනු විශ්වවිද්‍යාල 31ක් පවතිනවා. තවද, ඉරානයෙන් පිටතත් මෙහි ශාඛා 4ක් පිහිටා තිබෙනවා. ඉස්ලාම් ආගමික ඉගෙනීම් මෙන්ම, වෙනත් විෂයයනුත් මෙහි ඉගැන්වෙනවා. මෙයට ඇතුළු වීම සඳහා විවෘත තරග විභාගයක් පවත්වන අතර, මෙය පවත්වාගෙන යාම සඳහා රජයෙන් ලැබෙන ආධාර මෙන්ම සිසුන්ගෙන් ලබාගන්නා මුදල් ද භාවිතා කෙරෙනවා.

අනදොලු විශ්වවිද්‍යාලය- සිසුන් 1,969,733

uib.anadolu.edu.tr

තුර්කියේ එස්කිසෙහිර් හි පිහිටා ඇති මේ විශ්වවිද්‍යාලය වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ, මෙහි සිසුන් නිතරම පාහේ තරග විභාගවලින් ඉහළින්ම ජය ගන්නා නිසා යි. මෙහි පාඨමාලාවකට තෝරා පත් කරගැනීම සිදුකරන්නේ අසීරු කඩඉම් විභාගයකින් පසුව යි.

බංග්ලාදේශ ජාතික විශ්වවිද්‍යාලය- සිසුන් 2,097,182

thedailystar.net

බංග්ලාදේශයේ, ධකා නුවර ගාසිපූර් හි පිහිටා ඇති මෙම විශ්වවිද්‍යාලයේ තවත් ශාඛා 6ක් බංග්ලාදේශය පුරා ස්ථාපිත කොට තිබෙනවා. විවිධාකාර විෂයය පථයන් ඔස්සේ මෙහි පාඨමාලා පැවැත්වෙන අතර, 1992 වර්ෂයේ දී තමයි මෙය ආරම්භ කොට තිබෙන්නේ.

ඉන්දිරා ගාන්ධි විවෘත විශ්වවිද්‍යාලය- සිසුන් 4,000,000

shiksha.com

ඉන්දිරා ගාන්ධි විවෘත විශ්වවිද්‍යාලය සැලකෙන්නේ සිසුන් ප්‍රමාණය අතින් ලොව විශාලතම විශ්වවිද්‍යාලය ලෙස යි. ඉන්දියානු තරුණ තරුණියන් හට උසස් අධ්‍යාපනයේ වරම් ලබාගැනීමේ අවස්ථාව වැඩිදියුණු කරනු වස් ආරම්භ කළ මේ විශ්වවිද්‍යාලය නම්‍යශීලී පාඨමාලා රාශියකින් සමන්විත යි. මේ ආයතනයේ ප්‍රධාන පරිශ්‍රය ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටා ඇති අතර, 1985 වසරේ දී එය ආරම්භ කොට තිබෙනවා.

කවරයේ පින්තූරය- lboro.ac.uk

Related Articles

Exit mobile version