Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දීය න්‍යෂ්ටික බෝම්බ ව්‍යාපෘතිය

ඉන්දියානු න්‍යෂ්ටික ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳව අප ඔබට පසුගිය ලිපියකින් තොරතුරු ගෙන ආවා. අද මේ ඉදිරිපත් කරන්නේ ඉන්දියානු න්‍යෂ්ටික බෝම්බ ව්‍යාපෘතියහෙවත් “පොක්රාන් ව්‍යාපෘතිය” ගැනයි. න්‍යෂ්ටික බෝම්බ ඉතිහාසයේ ඉන්දියානු සලකුණ ලෙස පොක්රාන් (Pokhran) ව්‍යාපෘතිය හඳුන්වාදෙන්න පුළුවන්.

මොකක්ද මේ පොක්රාන්?

පොක්රාන් නගරය අයත් වන්නේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ජයිසල්මා දිස්ත්‍රික්කයටයි. මෙය තාර් කාන්තාරයේ ඈත ප්‍රදේශයක පිහිටා තිබෙනවා. 2011 ජනගහන වාර්තා වලට අනුව මෙම ප්‍රදේශයේ 28,457 දෙනෙක් ජීවත් වෙනවා. පොක්රාන් යන නමේ හින්දි තේරුම වන්නේ “මිරිඟු පහේ ස්ථානය” හෙවත් “place of five mirages” යන්නයි. මෙම ප්‍රදේශය ඉන්දීය හමුදාව බාරයේ පවතින ප්‍රදේශයක්. භාභා පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානයට සිය පර්යේෂණ කටයුතු කරගෙන යාම සඳහා මෙම ප්‍රදේශය ලබාදෙන්නේවෙනුවෙන් හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරියක් වූ ඉන්දිරා ගාන්ධි යි. එය පොක්රාන් 1 හෙවත් Operation Smiling Buddha නමින් පොදුවේ හැදින්වුණු  ව්‍යාපෘතිය ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය යටතේ මෙහි ආරම්භ වුණේ ඉන් පසුවයි.

පොක්රාන් – ( stanford.edu)

ඔපරේෂන් ස්මයිලින් බුද්ධා හෙවත් පොක්රාන් 1

පොක්රාන් ප්‍රදේශය පිළිබඳව ලෝකය මුලින්ම කැලඹුනේ 1972 සැප්තැම්බර් 07 වෙනිදායි. ඒ, ඉන්දිරා ගාන්ධි මැතිනිය විසින් එම ප්‍රදේශ භාභා පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ මට්ටමේ පවතින න්‍යෂ්ටික බෝම්බයක අත්හදාබැලීම් කටයුතු වෙනුවෙන් ලබා දීමෙන් අනතුරුවයි. අත්හදාබැලීමටඅවසර දෙන ලද න්‍යෂ්ටික අවිය “සාමයේ න්‍යෂ්ටික අවිය” හෙවත් Peaceful Nuclear Explosive” ලෙස නිල වශයෙන් හැඳින්වුණා. නමුත් එය ප්‍රසිද්ධ වුනේ “Smiling Buddha” යන නාමයෙන්. ‘Smiling Buddha’ යනු මෙම ව්‍යාපෘතියේ කේත නාමයයි.මෙම ව්‍යාපෘතියේ පළමු අත්හදාබැලීම ඉන්දියාව සිදුකරන ලද්දේ 1974 මැයි 18 වෙනිදායි. එදින ඉන්දියාව බුදු රජාණන් වහන්සේගේ උපත සමරණ දිනයවූ නිසාත් මේ නම යෙදුනා යැයි සැලකෙනවා. එක්සත් ජනපද හමුදාව මෙම ව්‍යාපෘතිය නම්කර තිබුණේ “Operation Happy Krishna” ලෙසයි.

ඉන්දිරා ගාන්ධි මැතිනිය පොක්රාන් හිදී – (1.bp.blogspot.com)

මලක් වූ බෝම්බයක්

මෙම ව්‍යාපෘතියට ආදාලව පළමු පරමාණු බෝම්බය “Flower” යන කේත නාමයෙන් හඳුන්වනු ලැබුවා. එය එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද “Fat Man” වර්ගයේම ඊට වඩා බලයෙන් අඩු න්‍යෂ්ටික බෝම්බයක් වුණා. එය පොලෝනියම් – බෙරිලියම් වර්ගයේ බෝම්බයක්. මෙම බෝම්බය නිර්මාණය වෙනුවෙන් CIRUS හෙවත් Canada-India Reactor, U.S.න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකරකයෙන් ප්ලූටෝනියම් කිලෝ 6ක් රැගෙන විත් තිබුණා.

මෙම බෝම්බය සැලසුම්කරණය හා සියලුම නිර්මාණ කටයුතු සිදුකර තිබුණේ එකල මුම්බායිහි පිහිටවනු ලැබූ භාභා පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානය මගිනුයි. ඉන්පසුව නිර්මාණය කරන ලද බෝම්බය පොක්රාන් වෙත රැගෙන විත් තිබුණා.

1974 දී පෝක්රාන් හී පර්යේෂණ ආරම්භ කරනු ලැබුවත් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඉංජිනේරුවරුන් වැඩ ආරම්භ කර තිබුණේ වර්ෂ 1967 දියි. ඒම කණ්ඩායමේ නායකයා වුණේ රාජා රාමනායි. එමෙන්ම පී.කේ. ලින්ගර්, රාජගෝපාල චිදම්බරම් වැනි අය හා විද්‍යාඥයන් 75 දෙනෙකු පමණ සේවය කර තිබුණා.

මෙම බෝම්බය 1974 මැයි 18 වෙනිදා උදෑසන 08.05ට පුපුරුවා හැරියා. ඒ මගින් නිපදවුණේ කිලෝටොන් 10-15 අතර ශක්තියක්.

මෙම බෝම්බය නිපදවීම වෙනුවෙන් පරමාණු ශක්ති කොමිසමේ සභාපති හෝමි සේතනා, ඉන්දීය ආරක්ෂණ පර්යේෂණ හා සංවර්ධන සංගමයේ රාජා රාමනා, හා නැග් චෞදුරි ඉන්දියාවේ දෙවන ඉහළම සිවිල් සම්මානය වන පද්ම විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා. එමෙන්ම තවත් පස් දෙනෙක් ඉන්දියාවේ හතර වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉන්පසුව නැවතත් ඉන්දියාව තරමක් නිහඬව තම පර්යේෂණ කටයුතු සිදුකරමින් සිටියා.

පළමු න්‍යෂ්ටික බෝම්බය පරික්ෂා කල ස්ථානය  (bp.blogspot.com)

නිහඬතාව බින්ද පොක්රාන් 2 – “ශක්ති” ව්‍යාපෘතිය

මෙම ව්‍යාපෘතියට යොදාගන්නා ලද න්‍යෂ්ටික අවි 5, ශක්ති 01, 02, 03, 04, හා 05 ලෙස නම් කෙරුණා. එම න්‍යෂ්ටික අවි වලින් 3ක් 1998 මැයි මස 11 වෙනිදා අත්හදා බැලූ අතර තවත් 2ක් මැයි 13 වෙනිදා අත්හදා බැලුනා.

මෙම න්‍යෂ්ටික අවි මුම්බායේ භාභා පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානයේ සිට පොක්රාන් වෙත රැගෙනවිත් තිබුණේ මැයි මස පළමු වෙනිදා යි. තවද මෙම ව්‍යාපෘතියේ බොහොමයක් සූදානම් කිරීම් සිදුකර තිබුණේ රාත්‍රී කාලයේදී යි. මෙම න්‍යෂ්ටික අවි විශාල රථ පේළියක් නොයොදා ට්‍රක් රථ 4ක අවම ආරක්ෂාවක් යටතේ ප්‍රවාහනය කර තිබුණා. ඒ, ජනතා අවධානය එම ආයුධ වලට යොමුවීම වැළක්වීමේ අරමුණ ඇතිවයි.

මෙම මෙහෙයුමට විශාල යුධ භටයන් පිරිසක් සභාගි වී සිටි අතර විද්‍යාඥයන් පවා සැරසී සිටියේ හමුදා ඇඳුමින්. ඔවුන් වෙත යොමුවිය හැකි අවධානය අවම කරවීම මෙහි අරමුණ වුණා. මෙම මෙහෙයුම අතරතුරේ ආචාර්ය අබ්දුල් කලාම්ව “මේජර් ජෙනරාල් ප්‍රීත්විරාජ්” යන කේත නාමයෙන් හඳුන්වනු ලැබුවා.

ආචාර්ය අබ්දුල් කලාම්  (www.ndtv.com)

අත්හදාබැලීම

මැයි 11 වෙනිදා අත්හදා බැලීම් වෙනුවෙන් භාවිතා කරන ලද ස්ථාන White House හෙවත් Whiskey, Taj Mahal හෙවත් Tnago හා Kumnbhakaran හෙවත් Kilo යන නම් වලින් නම් කෙරුණා.

11 වෙනිදා උදෑසන වන විට අත්හදා බැලීමට අත්‍යවශ්‍යම සාධකයක් වන සුළඟේ දිශාව නිසි ආකාරයට තිබුණේ නෑ. මෙහිදී සුළඟේ දිශාව වැදගත් වූයේ අත්හදා බැලීමේ සුළු හෝ අඩු පාඩුවක් වී විකිරණ කාන්දුවක් සිදුවූවොත් එය සුළඟ මගින් එම තත්ත්වය තවත් දරුණු විය හැකි නිසා යි.

කෙසේ නමුත් දහවල් වනවිට තත්ත්වය හොඳ අතට හැරුණු නිසා අත්හදාබැලීම සැලසුම් කළ පරිදිම සිදු වුණා.

මැයි 11 අත්හදාබැලීම් සිදුකළ අවි තුන එකිනෙකට වෙනස් ඒවා තුනක් වුණා. ඉන් එකක් කිලෝටෝන් 45ක් වූ තාප න්‍යෂ්ටික අවියක්. තවත් එකක් කිලෝටෝන් 12ක් වූ අතර එය ගුවන් යානාවකින් බිම හෙලන ආකාරයට නිමවා තිබුණා. අනෙක කිලෝටෝන් 0.3ක න්‍යෂ්ටික සංයෝජන පර්යේෂණ අවියක් වුණා.

කෙසේ නමුත් මැයි මස 13 වෙනිදා අත්හදාබැලීම කළ අවි නිපදවා තිබුණේ විද්‍යාත්මක දත්ත එකතු කිරීම වෙනුවෙන් පමණයි. එම අත්හදාබැලීම කළ ස්ථානය නව්තාලා යන කේත නාමයෙන් හඳුන්වනු ලැබුවා. ඒ, ඒම ප්‍රදේශයේ තිබූ ළිං නමයක් පදනම් කර ගෙනයි.

පොක්රාන් ස්මාරකය – (www.indiatimes.com)

Parmanu: The story of Pokhran

1998 ඉන්දියාවේ රාජස්තාන් හි පොඛ්රාන් හි සාර්ථකව කරන ලද න්‍යෂ්ටික පර්යේෂණ හා සම්බන්ධව අබිෂේක් ශර්මා විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක් මෙනමින් නිර්මාණය කර තිබෙනවා. මෙම සිනමාපටය නිෂ්පාදනය කරනු ලැබුවේ Zee Studio, JA Entertainment හා KriArj Entertainment යන සමාගම් විසිනුයි. ජෝන් ඒබ්‍රහම්, දියානා පෙන්ටි, හා බෝමන් ඉරානී යන නළු නිලියන් මෙයට රංගනයෙන් දායක වෙනවා. මෙහි රූගතකිරීම් වලින් බොහොමයක් දිල්ලිය හා මුම්බාය කේන්ද්‍ර කරගෙන සිදුව තිබෙනවා. 2017 දෙසැම්බර් මාසයේ ප්‍රදර්ශනය ආරම්භ කිරීමට තිබුනත් මෙම සිනමාපටය ප්‍රදර්ශනය 2018 පෙබරවාරි 23 දක්වා ප්‍රමාද වුණා.

twimg.com

ඉන්දියාව මේ මොහොත වන සැළකෙන්නේ න්‍යෂ්ටික බලය අතින් ශක්තිමත් රටක් ලෙසයි. එමෙන්ම අපට අසල්වැසිම රටක් නිසා අපත් මේ පිළිබඳ අවදියෙන් සිටීම වැදගත් නොවේ ද?

Related Articles