ලොව අලංකාරම වැලිපර 5ක්

ස්වභාවික පරිසරයේ අපූර්ව නිර්මාණයක් ලෙස වැලිපර ගත හැකියි. ශ්‍රී  ලංකාව වැනි තෙත් දේශගුණයක් තිබෙන රටවල වැලිපර පිහිටා තිබෙන්නේ අඩුවෙනුයි. කෙසේ නමුත් ලෝකයේ සමහර රටවල සුවිශාල වැලිපර පිහිටා තිබෙනවා. ඉන් සමහරක් අලංකාර යි. මේ ලොව අලංකාරම වැලිපර 5ක් පිළිබඳ තොරතුරු යි.

සෝසුස්ව්ලෙයි – නැමීබියාව

rhinoafrica.com

නැමීබියාවේ සෝසුස්ව්ලෙයිහි ලුණු සහිත පස් හා මැටි ස්ථරයක් පිහිටා ඇති අතර, එය වට කොට රතු පැහැති උස් වැලි පර පිහිටා තිබෙනවා. මේවා පිහිටා ඇති පෙදෙස නැමීබියා කාන්තාරයේ දකුණුදිගට වන්නට පිහිටා තිබෙනවා. මේ ප්‍රදේශය සිඳී ගිය විලකට අයත් බවට යි සැලකෙන්නේ.

එර්ග් චෙබිබි – මොරොක්කෝව

marrakechairporttransfer.com

එර්ග් චෙබිබිහි ඇති විශාල වැලිපර කිලෝමීටර ගණනාවක් දිගට සෑදී තිබෙනවා. මේවායේ උස මීටර 150ක් පමණ වන අතර, උතුරේ සිට දකුණට කිලෝමීටර 22ක් ද, නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 5-10ක් ද දක්වා පැතිරී තිබෙනවා. වර්ෂයේ උණුසුම්ම මාසයේ දී මොරොක්කෝ වැසියන් මෙහි පැමිණ, කර වටක් මේවායේ ගිලී ‘වැලි නෑම’ සිදුකරනවා. එයින් රූමැටික ප්‍රාදාහයට ප්‍රතිකාර ලැබෙන බවට ඔවුන් අතර විශ්වාසයක් තිබෙනවා

මරණයේ මිටියාවත – ඇමෙරිකා එක්සත් ජනපදය

Robert Fried/Alamy

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නැගෙනහිර දෙසින් පිහිටා ඇති මෙම කාන්තාරයේ රන්වන් පැහැති අලංකාර වැලිපර දැකගත හැකියි. මේ පෙදෙස එක්සත් ජනපදයේ පහත්ම මෙන්ම, උණුසුම් හා වියළිම ස්ථානය ද වෙනවා.

මෙඩනොස් ඩෙ කෝරෝ ජාතික උද්‍යානය – වෙනසියුලාව

Helio Dias

මෙඩනොස් ඩෙ කොරෝ ජාතික උද්‍යානයේ දක්නට ඇති වැලිපර සහිත ප්‍රදේශය කිලෝමීටර 30ක පෙදෙසක් පුරා පැතිරී ඇති අතර, මීටර 40ක පමණ උසක් දරනවා. මෙහි පවතින අධික සුළං තත්ත්වය නිසා, නිතරම පාහේ එහි හැඩය වෙනස් වෙනවා.

ලිබියානු කාන්තාරය – ලිබියාව

Gerhard Huber

සහරා කාන්තාරයට අයත් විශාල පෙදෙසක් වන ලිබියානු කාන්තාරයද වැලි පරවලට ප්‍රසිද්ධ යි. කිලෝමීටර 1000ක පළල හා දිගකින් යුක්ත මේ පෙදෙසේ ප්‍රධාන වශයෙන් තැන් තුනක වැලිපර හමුවනවා. මෙහි හමුවන විශාලතම වැලි පරය මීටර 512ක් උසකින් යුක්ත යි.

කවරයේ පින්තූරය- andbeyond.com

Related Articles

Exit mobile version