Australia, UK සහ US හි මුලකුරු සබැඳීමෙන් නම් කළ “AUKUS”, ත්‍රෛපාර්ශවික ගනුදෙනුවක් හෝ යාන්ත්‍රණයක් ලෙස හැඳින්විය හැකි යි. එහි දී න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන අටක් එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ සහාය ඇති ව ඕස්ට්‍රේලියාව ලබා ගන්නා අතර, ඒ සඳහා ඩොලර් බිලියන 368 ක් දක්වා වූ පිරිවැයක් දැරීමට සිදුවන බවත්, පුරෝකථනය වී තිබෙනවා.
මිල දී ගැනීමේ ක්‍රියාවලිය එකවර සිදුවන්නක් නොවෙ යි. 2050 – 2055 දක්වා වූ කාල පරාසය දක්වා “AUKUS” ත්‍රෛපාර්ශවික ගනුදෙනු සිදුවනු ඇති. ඉදිරි වසර හතර තුළ උක්ත පිරිවැයෙන් ඩොලර් බිලියන නවයක් ඕස්ට්‍රේලියාව වැය කිරීමට නියමිත බවත්, වාර්තා වෙනවා.
ඒ ගැන ලිපිය කියවන්න https://tinyurl.com/mwm2rtne ලින්ක් එක ක්ලික් කරන්න