Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සත්ත්ව ලෝකයේ ‘පැනිලි කාරයෝ’ 5 දෙනෙක්

සත්ත්ව ලෝකය ඉතා අපූරු යමක්. ඒ ඒ සත්ත්වයින්ගේ මූලික අවශ්‍යතා හා ආරක්ෂාව වෙනුවෙන් ඔවුනොවුන්ට අනන්‍ය වූ සුවිෂේශී හැකියාවන් පිහිටා තිබෙනවා. ඉතා වැඩි දුරකට හෝ ඉහළකට පැනීමේ හැකියාවත් එවැන්නක්. මේ ලිපිය සත්ත්ව ලෝකයේ හොඳම ‘පැනිලි කාරයෝ’ ගැන යි.

කැන්ගරු මීයා

Clark Lab/ San Diego state university

වියලි පරිසර වල ගුල් හාරා ජීවත් වන කැන්ගරු මීයන්ට තමන්ගේ ශරීර ප්‍රමාණය මෙන් 45 ගුණයක් පමණ දුරක් හෝ උසක් පනින්නට පුළුවන්. මොවුන් උතුරු ඇමෙරිකාවට ආවේණික සතුන් විශේෂයක්. සාමාන්‍යයෙන් අඩි 6ක දුරකට පනින මොවුන් හට අඩි 9 ක පමණ දුරකට පැනීමේ හැකියාව තිබෙනවා

ෆ්‍රොග් හොපර්

independent.ie

හෙමිප්ටෙරාවෙකු වන මේ සත්ත්ව විශේෂය ශරීර ප්‍රමාණයෙන් ඉතා කූඩා වෙනවා. කෙසේ නමුත් ඔවුනට සිය ශරීර ප්‍රමාණය මෙන් 70 ගුණයක් උසට පනින්නට පුළුවන්. ඔවුන් හට සෙන්ටිමීටර 70ක් පමණ උසකට පැනිය හැකි අතර තත්පරයකට මීටර 4ක පමණ ආරම්භක ප්‍රවේගයක් ගත හැකියි.

‘පනින’ මකුළුවා

terminix.com

ලොව පුරා ජීවත් වන මකුළු විශේෂ අතරින් 13%ක් පමණ ‘පනින’ මකුළු විශේෂ වන අතර, මේ කුලකයට විශේෂ 5000ක් පමණ අයත් වෙනවා. මොවුන් අතරින් බොහෝ දෙනාට සිය ශරීර ප්‍රමාණය මෙන් 50 ගුණයක් පමණ දුරකට පැනිය හැකි අතර, උපරිම දුරකට පැනිය හැකි මකුළු විශේෂයට සිය ශරීර ප්‍රමාණය මෙන් සිය ගුණයක් පමණ දුරකට පැනිය හැකියි.

ගස් ගෙම්බා

australianmuseum.net.au

ගස් ගෙම්බෙකුට උපරිම වශයෙන් සිය ශරීරයේ දිග මෙන් 150 ගුණයක් පමණ දුරකට පැනිය හැකියි. මේ අනුව ඔවුන ලොව දෙවනුවට සිය ශරීරය මෙන් වැඩිම දුරක් පැනිය හැකි සත්ත්ව විශේෂය බවට පත් වෙනවා. ගස් ගෙම්බන් ලොව බොහෝ පෙදෙස්වලින් හමුවන අතර ඔවුන් ශ්‍රී ලංකාව තුළ දී ද හමුවෙනවා.

මැක්කන්

kgun9.com

මැක්කන් තම ශරීර ප්‍රමාණය සලකන කල්හි වැඩිම දුරක් පැනිය හැකි සතුන් විශේෂය ලෙස සැලකෙනවා. මොවුනට ඉතා වැඩි දුරකට මෙන්ම උසකට ද පනින්නට පුළුවන්. ඔවුනට සිය ශරීර ප්‍රමාණයේ දිග මෙන් 220 ගුණයක් දුරට ද, උස මෙන් 150 ගුණයක් උසට ද පනින්නට පුළුවන්. මෙය සාමාන්‍ය උසක මිනිසෙක් මීටර 400ක දුරක් පැනීම හෝ මීටර 250ක උසක් පැනීමට සම යි.

කවරයේ පින්තූරය- Kichendecor.club

Related Articles