කාන්තාර පිළිබඳ තොරතුරු බිඳක්

කාන්තාරයක් යනු ඉතා අඩු වර්ෂාපතනයක් ලැබෙන භුමි දර්ශනයක් හෝ ප්‍රදේශයකි. මෙය තවත් ලෙසකට වාර්ෂික වර්ෂාපතනය 250mm වඩා අඩු ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැක. කාන්තාර වලට වර්ෂාවෙන් ලැබෙන සුළු ජල ප්‍රමාණයත් දැඩි හිරු රශ්මිය නිසා ඉක්මනින් වාෂ්පීකරණය වේ. ලැබෙන වර්ෂාපතනය මත පමණක්ම කාන්තාරයක් යන්න අර්ථකතනයක් ලබා දීම අසීරු වේ.

ගස්වැල් හා සත්වයින්

newsread.in

කාන්තාර තුළ ඊට අනුවර්තනය වූ විවිධ ශාක හා සත්ව කොට්ටාශ ජීවත් වේ. එලෙස වැඩෙන ශාක වර්ගයන් ජලය සංරක්ෂණය කිරීමේ ක්‍රමවේද වර්ධනය කරගෙන ඇත. තෙත් කලාපයේ ශාක වල පත්‍ර ඉතා විශාලය. මීට හේතුව වන්නේ හිරු එළිය හොඳින් ලබා ගැනීමට පත්‍ර පැතලි විය යුතු වීම යි. නමුත් විශාල පත්‍ර ජල හානියට මග පාදයි. එය වළක්වා ගැනීමට කාන්තර ශාක ඉතා කුඩා පත්‍ර වර්ධනය කරගෙන ඇත. කාන්තාර ශාක බොහෝ විට ප්‍රභාසංස්ලේෂණය සිදු කරන්නේ කඳෙන් හෝ නටු වලිනි. මිට කදිම උදාහරණයක් ලෙස පතොක් ශාකය දැක්විය හැක.

කාන්තාර වල ජීවත් වන සතුන් ද අවම ජල සැපයුමක් හා අධික උෂ්ණත්වයකට හුරු වී ඇත. බොහෝ කාන්තාර සතුන් නිශාචර වේ. දවල් කාලයේ රස්නයෙන් ගැළවීමට ඔවුන් බෙන තුළ, ගුහා තුළ, ගල් යට, පඳුරු යට සැග වී සිටියි.. කාන්තාර ඉබ්බන් වැනි ඇතැම් සතුන් උෂ්ණත්වය අධික කාලයේ දී “ගිම්හාන තරණයේ” යෙදෙනවා. මෙහි දී සතාගේ නාඩි වැටීම හා හුස්ම ගැනීම මන්දගාමී වී අඩුවෙන් ජලය හා ශක්තිය යොදා ගැනීමට ඉඩකඩ සලස්ව යි. සමහර ගෙම්බන් වර්ග මාස ගණන් පොලව යටම ගත කරයි. එසේ ගත කරන ඔවුන් වැසි සමයේ පරිසරයට අවතීර්ණ වේ.  වැසි ලැබෙන බව ඔවුන් දැනගනුයේ ලැබෙන කම්පන සංඥාවන් මගිනි.

කාන්තාර වල දැකිය හැකි සත්ව වර්ග කීපයක් ලෙස ලොකු අන් බැටළුවා, අඩැක්ස්  ඇන්ටිලොප් වර්ගයේ මුවා, වැලි පුසා, ගොම කුරුමිණියා, ග්‍රේට් රෝඩ් රනර් පක්ෂියා, ඉත්තෑවා, සයිඩ් වින්ඩර් නම් සර්පයා, කැන්ගරු මියා, පොකට්මියා, පැක්මියා, පැක්පැස්බරා, ස්කොපියන් කුකුළා, කරපටි කටුස්සා, පිසාච බකමුනා, ඇතැම් ගෙම්බන් වර්ග, විසකුරු සර්ප වර්ග දැක්විය හැක.

විවිධ කාන්තාර වර්ග

tes.com

විවධ ආකාරවල කාන්තාර වර්ග පවතී. ශිත කාන්තාර යනු ශාක ජීවිතය පවත්වා ගැනීම කළ නොහැකි ආකාරයට අයිස් හෝ හිම මෙන් ජලය ඝනීභවනය වී ඇති කන්තාරයි. කඳුකර කාන්තාර යනු ඉතා ඉහළ අක්ෂාංශයක පිහිටි ශුෂ්ක ප්‍රදේශයකි. මේ කාණ්ඩ වලට අයත් බොහෝ කාන්තාර මීටර් 3000කට වැඩි ඉහළ  ප්‍රදේශ වල පිහිටා ඇත. වැහි මුවාවෙහි පවත්නා කාන්තාර ඇති වනුයේ උස් කඳු  පන්ති මගින් සුළඟ හමා යන ප්‍රදේශයට ගමන් ගන්නා වළාකුළු වල ගමනය වැළැක්වීම හේතුවෙනි. මීට අමතරව වෙළඳ සුළන්, මධ්‍ය අක්ෂාංශ , වෙරළබඩ ප්‍රදේශ මෝසම් ධ්‍රැවීය කාන්තාර ලෙස ද කාන්තාර වර්ග දැකිය හැක.

කාන්තාර ජලය

1freewallpapers.com

කාන්තාර වලට වැසි ලැබෙනුයේ ඉඳහිට වුවත් එය අධික වර්ෂාවකි. නමුත් ඇතැම් කාන්තාර වලට අනෙක් ඒවාට වඩා වැඩි වාර ගණනක් වැස්ස ලැබේ. මෙයට උදාහරණයක් ලෙස ඇරිසෝනාවේ Sonoran කාන්තාරයට දැක්විය හැක. මේ නිසා මෙහි ශාක හා සත්ව විවිධත්වය හොඳින් දැකගත හැක. කාන්තාර වලට වර්ෂාව ලැබෙන විට එම ජලය භූගත වීම නිසා ඉදිරි මාස ගණනාවකට ශාක සඳහා අවශ්‍ය ජලය ගබඩා වේ. මෙම ජලය නැවත කාන්තාරයට වර්ෂාව ලැබෙන තුරු සතුන්ට හා ශාක වලට ප්‍රමාණවත් වේ. කාන්තාර වලට ඉඳහිට ලැබෙන අධික වර්ෂාපතනය නිසා තාවකාලික ගංගා හා විල් නිර්මාණය වේ. මේවා බොහෝ විට මාස කීපයකින් හෝ දින කීපයකින් සිඳී යයි. ආක්ටික් හා ඇන්ටාක්ටික් කාන්තාර වලට වර්ෂාව ලැබෙන්නේ හිම ලෙස යි. මේවා සදාකාලිකව හිමෙන් වැසි ඇති ශිත කාන්තාරයි.

ලොව වටා ඇති ප්‍රධාන කාන්තාර කීපයක්

pexels.com

1.   ඇන්ටාක්ටිකාව

මෙය ශීත කාන්තාරයකි. මෙයට වාර්ෂිකව මිලි මීටර් 200ටත් අඩු වර්ෂාපතනයක් ලැබේ. වර්ග කිලෝමීටර් 14 000 000 පමණ භුමි ප්‍රමාණයක පැතිරී ඇති මෙම කාන්තාරය දක්ෂිණ ධ්‍රැවයේ පවතින විශාල කාන්තාරයක් වේ.

2.   ආක්ටික් කාන්තාරය

මෙය වර්ග කිලෝමීටර මිලියන 5.4ක භුමි ප්‍රමාණයකින් යුතු වේ.  මෙය ලොව දෙවන විශාලතම කාන්තාරය වේ. විශේෂයෙන්ම මෙම කාන්තාරය කැනඩාව, ඩෙන්මාර්කය, නොර්වේ, රුසියාව, ස්වීඩනය සහ එක්සත් ජනපදයට අයත් වේ.

3.   සහරා කාන්තාරය

ලොව තුවනුවට විශාලම කාන්තාරය වන්නේ මෙයයි. මෙය උණුසුම් කාන්තාරයකි. උතුරු අප්‍රිකාවේ වර්ග කිලෝමීටර මිලියන 3.5ක භුමි ප්‍රදේශයක ව්‍යප්තව ඇත. ලොව දිගින් වැඩිම නයිල් ගංගාව මෙම කාන්තාරය හරහා ගමන් කරයි.

4.   අරාබි කාන්තාරය

මෙය බටහිර ආසියාව තුල පිහිටා ඇත. මෙය ලොව සිව්වනුවට විශාලම කන්තාරයයි. වර්ග කිලෝමීටර 900000 භුමි ප්‍රමාණයකින් යුතු වේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 100ක් පමණ වන අතර යේමනය, ගල්ෆ්, ඕමානය, ජෝර්ධානය සහ ඉරාකය යන රටවල පැතිර පවතී.

5.   ගෝබි කාන්තාරය

වයබ හා උතුරු චීනය ආවරණය කරන මෙය අසියා මහාද්වීපයට අයත් වේ. මෙය ලොව පස්වනුවට විශාලම කන්තාරයයි. වර්ග කිලෝමීටර 500000ක භුමි ප්‍රමාණයක පැතිර පවතී.

6.   කලහාරි කාන්තාරය

දකුණු අප්‍රිකාවේ පිහිටා ඇති මෙය නැම්බියාව, බොස්වනා, සහ දකුණු අප්‍රිකාව යන රටවල් ආවරණ කරයි.ලොව විශාලත්වයෙන් හයවන ස්ථානය මෙයට හිමි වේ. කිලෝමීටර 360000ක ප්‍රමාණයකින් යුතු වේ.

7.   මහා වික්ටෝරියා කාන්තාරය

මෙය ඕස්ට්‍රේලියාවේ විශාලතම කන්තාරය යි. මෙය වර්ග කිලෝමීටර 220000ක භුමි ප්‍රමාණයක පැතිර පවතී.

කවරයේ පින්තුරය – ThingLink

Related Articles

Exit mobile version