Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නව ව්‍යවසායකයන්ට මෙන්න කදිම අවස්ථාවක්

AIESEC (Association internationale des étudiants en sciences économiques et commerciales) සංවිධානය, මේ වන විට ලොව බිහිව ඇති විශාලතම තරුණ සංවිධානය යි. මෙය ජාත්‍යන්තර, රාජ්‍ය නොවන, සහ ලාභ අරමුණු කර නොගත් තරුණ සංවිධානයක් වන අතර, UNESCO සංවිධානය විසින් ද හඳුනාගනු ලැබූ සංවිධානයක්. අද වන විට, රටවල් 126කට වැඩි ප්‍රමාණයක පැතිරුණ, 100,000කට වැඩි සාමාජික පදනමකින් හෙබි AIESEC සංවිධානය දෙවන ලෝක යුද්ධයෙන් පසු 1948 දී ප්‍රතිස්ථාපිත වන්නේ එවැනි ලෝක යුද්ධයක් නැවත ඇති වීම වැළැක්වීමේ අරමුණින්. තරුණ තරුණියන්ට ජාත්‍යන්තර මට්ටමේ ස්වේච්ඡා කටයුතු හා ආධුනිකත්ව පුහුණු අවස්ථා ලබා දීම මඟින් ඔවුන්ගේ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම මඟිනුයි AIESEC සංවිධානය තම දැක්ම කරා ළඟා වෙන්න උත්සාහ කරන්නේ.

2013 වසරේ පැවති AIESEC ජාත්‍යන්තර සමුළුවේ අවස්ථාවක්
2013 වසරේ පැවති AIESEC ජාත්‍යන්තර සමුළුවේ අවස්ථාවක්

AIESEC සංවිධානයේ ශාඛා කිහිපයක්ම ලංකාවේත් අපට හමුවෙනවා. ඒ අතරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාඛාව හඳුන්වන්නේ Jayewardenepura Local Committee නැතහොත් JLC නමිනුයි. UNESCO සංවිධානය මඟින් හඳුන්වා දී ඇති තිරසර සංවර්ධන අභිමතාර්ථ 17 සමග සමගාමීව විවිධ ව්‍යාපෘති JLC මඟින් කරනු ලබනවා. මේ අතරින් 8 වන තිරසර සංවර්ධන අභිමතාර්ථය සමග සමගාමී වන Inzpire ව්‍යාපෘතිය ව්‍යවසායකත්වය පදනම් කරගෙන නිර්මාණය කරන ලද්දක්. එකොළොස් වන වරටත් මෙවර සංවිධානය කරන ලද Inzpire ව්‍යාපෘතිය, විදේශීය ස්වේච්ඡා නිලධාරීන් හා එකතුව, ලංකාවේ සාර්ථක ව්‍යවසායකයන්ගේ අත්දැකීම් පාසල් සිසුන් සමග බෙදා ගැනීම මඟින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය නඟා සි‍ටුවන්නත්, ඒ හරහා ආර්ථික සංවර්ධනය වේගවත් කරන්නත් උත්සාහ කරනවා. මෙවරත්, සාර්ථක ව්‍යවසායකයින් 12 දෙනෙකුගේ අත්දැකීම් සහ අදහස් පාසල් වැඩමුළු හරහා ලාංකික තරුණ තරුණියන් සමග බෙදාගත් Inzpire ව්‍යාපෘතිය මෙවර තවත් අලුත් පියවරක් තබන්නයි සූදානම් වෙන්නේ.

ඔවුන් තබන්නට නියමිත අලුත්ම පියවර තමයි Inzpire Entrepreneurship Summit, නැතහොත් IES. Passion to Inzpire යන දැක්ම යටතේ ක්‍රියාත්මක වන මේ සමුළුව, ලංකාවේ ව්‍යවසායකත්වය නඟා සි‍ටුවන්නට ගනු ලැබූ පියවරක් විදියට තමයි ඔවුන් හඳුන්වනු ලබන්නේ. ලංකාවේ සාර්ථක ව්‍යවසායකයන්ට තමන්ගේ අත්දැකීම් බෙදාගන්න වේදිකාවක් තැනීමත්, ව්‍යවසායකත්වය අපේක්ෂා කරන ලාංකීය පිරිසට අදාළ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ලබා දීමත් අරමුණු කරගෙන යි මේ සමුළුව මෙවර පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ. ව්‍යවසායකයෙකු විදියට දියුණු වෙන්න ශක්‍යතාවයක් තිබුණත් අවශ්‍ය දැනුම නැති, සහ තමන්ගේ අදහස් ක්‍රියාවට නංවන්න ඕනෙ කොහොමද කියලා නිවැරදි අදහසක් නැති පිරිස තමයි IES මඟින් මෙවර ඉලක්ක කරන්නේ.

පසුගිය AIESEC සමුළුවට සහභාගී වූ පිරිස

මේ සමුළුවේ මුඛ්‍ය කථිකයා වෙන්නේ රයිගම් සමූහයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වන රවි ලියනගේ. ඔහුට අමතරව ලාෆ් සමූහ ව්‍යාපාරයේ අධිපති වෑගපිටිය මහතාත්, ශෙවාන් ඩැනියෙල්ස්, ලින්ඩා මරික්, සහ භානුක හරිස්චන්ද්‍රත් තමන්ගේ අත්දැකීම් බෙදා හදාගන්න, සහ ලංකාවේ ව්‍යවසායකත්ව වේදිකාවෙ දැනට පවතින ගැටළු සාකච්ඡා කරන්නත් ඉදිරිපත්ව සිටිනවා. මේ සියලුදෙනාට අමතරව තවත් දේශීය සහ විදේශීය ව්‍යවසායකයන් සහ ක්ෂේත්‍රයේ දැවැන්තයන් සහභාගී වන IES, ලංකාවේ නැඟී එන ව්‍යවසායකයන්ට හොඳ වේදිකාවක් සපයන බවට සැකයක් නැහැ.

ව්‍යවසායකයෙකු විදියට තමන් තියන්න ඕන පළමු පියවර මොකද්ද කියලා නිවැරදි අදහසක් නැති අයටත්, තමන්ට තියෙන වටිනා ව්‍යවසායකත්ව අදහස් ක්‍රියාවට නංවන්න අවශ්‍ය කොහොමද කියලා නොදන්න අයටත්, ව්‍යවසායකත්ව වේදිකාවේ ප්‍රවීණයන් හමුවෙලා තමන්ගේ ගැටළු සාකච්ඡා කරන්නත්, ඔවුන්ගේ වටිනා දැනුම තමන්ගේ ව්‍යාපාරයට ආදේශ කරගන්නත් මේක හොඳ අවස්ථාවක්. ඊට අමතරව ලංකාවේ ව්‍යවසායකයන් සහ නැඟී එන ව්‍යවසායකයන් සමග සම්බන්ධතා ඇති කර ගන්නත් සහභාගී වන අයට අවස්ථාව ලැබෙනවා.

දේශනයක් පවත්වමින්

2019 පෙබරවාරි 27 වන බදාදා පවත්වන්න නියමිත IES, ව්‍යවසායකත්වය ගැන උනන්දුවක් දක්වන, තමන්ගේම ව්‍යාපාරයක හිමිකරුවෙකු වෙන්න කැමැත්තක් තියෙන ඕනම කෙනෙකුට; විශේෂයෙන්ම පාසල් සිසුන් සහ උපාධි අපේක්ෂකයන්ට විවෘත යි. එදින ප.ව. 2.30 සිට ICBT ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී මේ සමුළුව පැවැත්වෙනවා. කිසිම ඇතුල්වීමේ ගාස්තුවක් නොගෙවා අතිමහත් දැනුම් සම්භාරයක් ගෙදර ගෙනියන්න සහභාගී වෙන සියලු දෙනාටම අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සහභාගීත්වය අගයන්න සහතිකයකුත්, කෙටි ආහාර පානත් සහභාගී වන සියලු දෙනාටම පිරිනැමෙනවා.

IESහි, නිල විද්‍යුත් මාධ්‍ය සහකරු විදියට සිරස මාධ්‍ය ජාලයත්, නිල වෙබ් මාධ්‍ය සහකරු විදියට Roarසිංහලත් කටයුතු කරනවා. ඊට අමතරව නිල ඡායාරූප සහකරු විදියට Insignis ආයතනයත්, නිල මුද්‍රණ සහකරු විදියට English Hub ආයතනයත්, නිල ස්ථාන සහකරු ලෙස ICBT ආයතනයත් කටයුතු කරනවා.

මෙවර පැවැත්වෙන සමුළුවට ඔබත් අද ම ලියාපදිංචි වන්න. 

මේ සමුළුවට සහභාගි වෙන්න කැමති ඕනම කෙනෙක්ට පුළුවන් මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඒ සඳහා ලියාපදිංචි වෙන්න.

ඒ වගේම IES ගැන වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් පහත දුරකථන අංකවලට කතා කරලා, ඒ ඒ නම් සඳහන් අයගෙන් ඒ විස්තර ලබාගන්න පුළුවන්.

0779040603- විදුල් දීලක

0777462106- භාෂිනි කුරේ

0763639686- අමන්දා ගුණතිලක

ඔබත් සුවිශේෂ නව ව්‍යාපාර අදහසක් තිබෙන, තම ස්වාධීනත්වය ‍රැකගෙන තමන්ගේම ව්‍යාපාරයක හිමිකරුවෙකු වෙන්න කැමති, ඔබගේ ව්‍යාපාර අදහස ගැන උපදෙස් ලබාගන්න අවශ්‍ය අයෙකු නම්, කලාතුරකින් නොමිලේ ලැබෙන සුපිරි අත්දැකීමක් වන මේ අවස්ථාව මඟහැරෙන්න නොදී, ඔබත් අදම IES සඳහා ලියාපදිංචි වෙන්න.

කවරය; පසුගිය AIESEC ජාත්‍යන්තර සමුළුවක් අවසානයේ දී

Related Articles