මානසික සෞඛ්‍ය ගැටලු තත්ත්වයන් සහිත අය දිනපතා මුහුණ දෙන ප්‍රධාන බාධා වන්නේ අපකීර්තිය සහ අවබෝධය නොමැතිකමයි. ඔවුන් යථා තත්ත්වයට පත්වීමෙන් පසු වුවද, මෙම සමාජ ගැටලු පහසුවෙන් පහව යන්නේ නැත.
ශ්‍රී ලංකාවේ ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනය (NIMH), ආසියා පදනමේ සහාය ඇතිව, කාන්තා මූලික පවුල් 20 කට ජීවනෝපාය ආධාර 2022 දී ලබා දුන්නේ ය.
ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍යය පිළිබඳ රාජ්‍ය සේවකයන් සවිබල ගැන්වීම, සේවා සැපයීම වැඩිදියුණු කිරීම, දැනුම්වත් කිරීම සහ ඇති දුර්මත අවම කිරීම අරමුණු කර ගනිමින් ආසියා පදනම දශක දෙකකට අධික කාලයක් පුරා සිදු කළ කාර්යයන් මතින් මෙම ව්‍යාපෘතිය බිහිවී ඇත.
තම ව්‍යවසායකත්ව ප්‍රයත්න පුළුල් කිරීමට සහාය ලබා ගත් ජීවන ආධාර වැඩසටහනේ ප්‍රතිලාභීන් 20 දෙනාගෙන් තිදෙනෙක් වන්නේ රසින්දි, දීපිකා සහ මහේස්වරි ය. ඔවුන්ගේ කථා ගැන වැඩිදුර දැන ගැනීමට, මේ සබැඳිය මත ක්ලික් කර සම්පූර්ණ වාර්තා චිත්‍රපටය නරඹන්න.
#lka #srilanka #mentalhealth
 
                                    
															 
															 
															 
															 
															 
															.jpg?w=600) 
															 
															 
                       
                       
                      