Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බිලියන දෙකක් පාවිච්චි කරන බයිදු හැදු – රොබින් ලී

ලෝකය මේ වනවිට තාක්ෂණය කියන ක්ෂේත්‍රය ඇතුලේ විශාල වෙනස්කම්, යාවත්කාලින කිරීම් රාශියක් කරමින් ඉන්නවා. ඔබත් Android දුරකථන පරිශීලකයෙකු නම් DU Battery Saver, DU Speed Booster, MoboMarket, DU Browser, Facemoji Keyboard, DU Flashlight, DU Security, DU Cleaner වගේ යෙදවුම් ගෙන අසා නොතිබෙන්න විදියක් නෑ. ලොව වැඩිම ජනගහනයක් වෙසෙන චීනයේ ගූගල්වලට වඩා භාවිතා වන්නේ බයිදු නම් අන්තර්ජාල සෙවුම් එන්ජිම වන අතර ඉහත සදහන් කළ ජංගම දුරකථන යෙදවුම් නිමවන්නේ ද ඔවුන් විසිනුයි. මේ බයිදු හැදු රොබින් ලී පිළිබඳ කතාවයි.

DU Battery Saver (androidandme.com)Caption

ජිවිතය කෙටියෙන්

රොබින් උපත ලබන්නේ චීනයේ යාන්ක්වාන් හීදියි. ඒ 1968 නොවැම්බර් 17 වෙනිදායි. 5 දෙනෙකුගෙන් යුතු පවුලක ඔහු 4 වෙනියා වුණා. ඔහුගේ මව හා පියා කර්මාන්ත ශාලාවක සේවය කරනු ලැබුවා. ඔහුට සහෝදරියන් 4 දෙනෙකු සිටි අතර ඔවුන් මධ්‍යම පාන්තිකයන්. ඔහුගේ පවුලට කොමියුනිස්ට්වාදී පවුල් පසුබිමක් තිබුණා.

ඔහුගේ මව නිතරම ඔහුව අධ්‍යාපනයට පෙළඹවීමත්, ඒ වෙනුවෙන් දිරිමත් කිරීමත් සිදු කර තිබෙනවා. එක්තරා සම්මුඛ සාකාච්ඡාවකදී ඔහුගේ මව ඔහුට පැවසු වදනක් ඔහු මෙසේ පවසා තිබුණා. “අපිට වෙන ක්‍රමයක් නෑ, ඔබට හොඳ ජීවිතයක්, හොඳ රැකියාවක්, හොඳ අනාගතයක් අවැසි නම් මහන්සි වී ඉගෙන ගෙන හොඳ පාසලකට ඇතුළු විය යුතුයි.”

රොබින් ලී සිය මවගේ එම ඉල්ලීම සැබෑ කරමින් තම පාසල් කාලය තුල ඉතා හොදින් අධ්‍යාපනය හදාරා තිබුණා.

රොබින් ලී (www.uwazamrze.pl)

1991 වසරේදී ඔහු තොරතුරු තාක්ෂණ විද්‍යාව පිළිබඳ උපාධියක් චීනයේ බිජිං නුවර පීකිං සරසවියෙන් ලබා ගන්නවා. ඔහු තමන්ගේ උසස් උපාධිය නිමාකරන්නේ ඇමරිකාවේ නිව් යෝක් නුවර බෆ්ලෝ නගරයේ සරසවියෙන්. ඒ 1994 වසරේදීයි. 2000 වසරේ චීනයට ගොස් බයිදු සමාගම ආරම්භ කිරීමට පෙර ඔහු ඇමරිකාවේ මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවය කරනු ලැබුවා.

ඇමරිකාවේ IDD තොරතුරු සේවයේ ඔහු සේවය කරමින් සිටින අතරතුර ලෝ ප්‍රසිද්ධ Wall Street Journal හී වෙබ් මෘදුකාංගය (online Software) නිර්මාණය කරනු ලැබුවා. එමෙන්ම ඔහු විසින් “RankDex” නමින් සෙවුම් යන්ත්‍රයක් නිර්මාණය කරනු ලැබුවා. එයට ලැබුණු පේටන්ට් බලපත්‍රය ඔහු බයිදු නිර්මාණය වෙනුවෙනුත් යොදා ගනු ලැබුවා.

ලී ව අන්තර්ජාල ව්‍යවසායකයෙකු කිරීම වෙනුවෙන් විශාලතම වෙහෙස දරන්නේ ඔහුගේ බිරිඳයි. ඔහුට ඇයව හමු වී ඇත්තේ එක්සත් ජනපදයේ දීයි. 1995 වසරේදී රොබින් නිව් යෝක් නුවර ඉගෙනුම ලබන චීන සිසුන්ගේ සමුළුවකට සභාගී වුණා. ඔහුගේ බිරිඳ වූ ඩොන්ග්මින් මා ඔහුට මුණ ගැසෙන්නේ එහිදීයි. ඔවුන් මුණ ගැසී මාස හයකට පසුව එනම් 1995 ඔක්තෝම්බර් 10 වෙනිදා නිව් ජර්සි හිදී විවාහ වුණා.

බයිදු ප්‍රධාන කාර්යාලය (www.chinaskinny.com)

ඔහුව සැළකෙන්නේ චීනයේ දරුවන් බිහි කිරීමේ ප්‍රතිපත්තිය නොසලකා හරින ලද පුද්ගලයෙකු ලෙසයි. චීනය විසින් 1979 වසරේදී එක් දරු ප්‍රතිපත්තිය හදුන්වා දෙනු ලැබුවා. එය හරහා චීන වැසියන්ට එක දරුවෙකු පමණක් බිහි කිරීමට අවසර ලැබුණු අතර 2016 දී එය දරුවන් දෙදෙනෙකු දක්වා ඉහළ දමන්නට චීන රජය කටයුතු කළා. නමුත් රොබින් දරුවන් හතර දෙනෙකුට පියෙක් වෙනවා.

ගූගල් හැදුණෙත් RankDex වලින්

අප ඔබට කලින් කියූ ලෙස RankDex සෙවුම් යන්ත්‍රය රොබින් ලී විසින් නිර්මාණය කරනු ලැබුවා. ගූගල් සෙවුම් යන්ත්‍රය නිර්මාණය වී ඇත්තේද මෙය පදනම් කර ගෙනයි. 1996 වසරේදී ඔහු විසින් RankDex සෙවුම් යන්ත්‍රය නිර්මාණය කරනු ලබන්නේ වෙබ් පිටු පෙළට ශ්‍රේණිගත කිරීම් මගින් සංවර්ධනය කිරීමෙනුයි. එයට එකල එක්සත් ජනපදයේ පේටන්ට් අයිතියද හිමි වුණා. රොබින් මේ සියල්ල නිර්මාණය කල IDD සමාගමෙන් 1997 වසරේදී ඉවත් වුණා.

රොබින් ලී, බිල් ගේට්ස් සමඟ (www.makemefeed.com)

බයිදු ආරම්භය

1997 වසරේ එම සමාගමෙන් ඉවත් වීමත් සමඟම රොබින් ලී Infoseek හා සම්බන්ධ වුණා. එම ස්ථානයේ ඔහු 1999 වසර වෙනතුරු සේවය කරනු ලැබුවා. ඉන්පසුව 2000 වසරේදී වෛද්‍යවරයෙකු වූ එරික් ශු සමඟ එකතුව ඔහු බයිදු ආරම්භ කළා. නමුත් 2004 වසරේ ඔහු එයින් ඉවත් වූ අතර පසුව ඔහු එම සමාගමේ ප්‍රධානියා වුණා. ඉන් වසරකට පසුව රොබින් විසින් 2005 වසරේදී NASDAQ නම් සමාගම හඳුන්වා දෙනු ලැබුවා. ඒම සමාගම හඳුන්වා දී පැයක් යන්නටත් මත්තෙන් බයිදු හී කොටස් මිල 350%කින් පමණ ඉහළ ගියා. ඒ ඇමරිකානු ඩොලර් 27 සිට 122 දක්වායි.

බයිදු සෙවුම් යන්ත්‍රය – ( cdn.techinasia.com)

බයිදු සෙවුම් යන්ත්‍රය සතුව පින්තූර සෙවුම් හා හඬ සෙවුම් යන විධි දෙකද ඇතුලත් වෙනවා. එය චීනය තුල බයිදු මෙතරම් ජනප්‍රිය වීමටද හේතුවක් වුණා.

2010 වසර වනවිට චීනයේ අංක එකේ සෙවුම් යන්ත්‍රය වීමට බයිදුට හැකි වුණා. එමෙන්ම එහි ආදායමත් දෙගුණයක් වුණා. අද වනවිට බයිදු හී සේවය කරන සේවකයන් ගණන 45,000කට ආසන්නයි. තවද ලොව අටවෙනි ඉහළම අන්තර්ජාල ආදායම් උපයන්නේ ද මෙම සමාගමයි.

ෆෝබ්ස් සඟරාවට අනුව රොබින් ගේ මේ වනවිට මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 12ක්. බයිදු සමාගම සතු වත්කම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 59.9ක්.

එමෙන්ම බයිදු සැළකෙන්නේ දක්ෂතාව තිබේ නම් කිසිදු ගැටලුවකින් තොරව ඉල්ලුම් කර අන්තර්ජාතික ප්‍රජාවට සේවය කළ හැකි චීන සමාගමක් ලෙසයි. බයිදු හා මෙතනින් සම්බන්ධ වෙන්න පුළුවන්.

චීනයේ අනාගතයට පාර කියන බයිදු

බයිදු ස්වයංපාලක රථ (amazonaws.com)

අන්තර්ජාල සේවාවලට අමතරව ඔවුන් විසින් ජංගම දුරකථන යෙදවුම් ද නිපදවනු ලබනවා. එමෙන්ම ඔවුන් මේ වන විට චීනයට Netflix හා එක්ව iQiyi නමින් සේවාවක් හඳුන්වා දීමට සුදානමින් සිටිනවා. එය බොහෝ විට 2018 අවසාන වීමට පෙර සිදුවනු ඇති. චීනය තුල ස්වයංපාලක රථ වාහන එසේ නැත්නම් autonomous cars හඳුන්වා දීමටද ඔවුන් මේ දිනවල පර්යේෂණ කරමින් සිටිනවා. එහි කටයුතු පසුගිය දිනක චීනයේ ප්‍රධාන මාර්ගවල ආරම්භ වුණා.

කවරයේ රූපය : wordpress.com

මුලාශ්‍ර

successstory.com

www.forbes.com

moneyinc.com

www.baidu.com

wikipedia.org

www.cnbc.com

www.ft.com

Related Articles