Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැරළි සහිත කොණ්ඩයක් ලස්සනට තියාගන්නේ මෙහෙමයි

කැරළි කොණ්ඩයක් ඔබ සතු ද? අද වන විට ඉහළ අාකර්ෂණයක් දිනාගෙන තිබෙන කොණ්ඩා වර්ගයක් වුවත් මෙවැන්නක් නඩත්තු කිරීම තරමක් අපහසු විය හැකියි. මේ නිසාම අැතැම් කාන්තාවන් පහසුව තකා තම කොණ්ඩය වෙනස් කර ගැනීමට උත්සාහ කරනු දක්නට ලැබේ.

කෙසේ නමුත් නිසි ලෙස සාත්තු කරන්නේ නම් මෙම අාකර්ෂණීය කැරළි කේශ කලාපයන් පවත්වා ගැනීම එතරම් අපහසු නැත. සාමාන්‍ය කේශ කලාපයන්ට වඩා කැරළි කේශ කලාපයන් වෙනස්වීම නිසා සාමාන්‍ය හිස කෙස්වලට සාත්තු කරන ආකාරය කැරළි සහිත කොණ්ඩයකට නුසුදුසු වේ. පහත දක්වා ඇති දේවල් පිළිබඳව සැළකිලිමත් වීමෙන් ඔබට මෙවැනි කේශ කලාපයක් නිරෝගීව තබා ගැනීමට හැකි වනු අැත.

පනාව තෝරාගැනීමේදී සැළකිලිමත් වන්න

මෙවැනි දැති පිහිටා ඇති පනාවක් කැරළි සහිත කොණ්ඩය භාවිත කරන්න. (amazon.com)

කැරළි කේශ කලාපයක් තිබේ නම් සාමාන්‍ය පනාවක් හෝ බ්‍රෂ් එකක් එදිනෙදා කොණ්ඩයක් පීරන්න භාවිත කිරීම නුසුදුසු වන අතර දැනට එවැන්නක් භාවිත කරනවා නම් එය නවතා දැමිය යුතුය. එයට හේතුව වන්නේ සාමාන්‍ය කේශ කලාපයන්ට වඩා කැරළි කේශ කලාපයන්හි අවුල් සෑදෙන ප්‍රමාණය වැඩි නිසා දැති එක ළග පිහිටා ඇති පනාවක් හෝ බ්‍රෂ් එකක් මගින් හිස කෙස් විශාල ප්‍රමාණයක් කැඩීයාම සිදු වීමයි. කැරළි සහිත හිසකෙස් සඳහා භාවිත කළ යුතු වන්නේ දැති ඈතින් පිහිටා ඇති පනාවකි (Wide Toothed Comb). එමෙන්ම කොණ්ඩය පිරීමේදී ඉහළ සිට එකවරම පීරා දැමීමට උත්සාහ නොකර පහළ සිට ඉහළට කුඩා කොටස් වශයෙන් පිරීම සිදු කළ යුතුය.

ෂැම්පු සහ කන්ඩිෂනර් කිරීම

කැරළි කොණ්ඩයක් ස්වාභාවිකවම වියළි වීම නිසා දිනපතා ෂැම්පු කිරීම මගින් හිසකෙස් දුර්වල වේ. හිසකෙස් අපිරිසිදු බව දැනුණ විට පමණක් හිසකෙස් ෂැම්පු කිරීම කළ යුතුය. එමෙන්ම කැරළි කොණ්ඩයට ගැලපෙන ආකාරයේ ෂැම්පු විශේෂයක් හෝ පළුදු සහ වියළි හිසකෙස් සඳහා භාවිත කරන ෂැම්පු වර්ගයක් භාවිත කිරීමට සැළකිලිමත් විය යුතුය.

කන්ඩිෂනර් කිරීම කැරළි කොණ්ඩයක් සඳහා වැදගත්ම අංගයක් ලෙස සැලකිය හැකිය. කැරළි කොණ්ඩයකට සාමාන්‍ය හිසකෙස්වලට වඩා තෙතමනය අවශ්‍ය වීම හේතුවෙන් කන්ඩිෂනර් එකක් පාවිච්චි කිරීම ඉතාම වැදගත් වේ. එමෙන්ම භාවිත කරන කන්ඩිෂනර් වර්ගය කැරළි හිස කෙස් සඳහාම හෝ වියළි හෝ පළුදු හිසකෙස් සඳහා භාවිත කරනු ලබන වර්ගයක් විය යුතුය.කන්ඩිෂනර්, ෂැම්පු කිරීම දිනපතා නොකළත් සතියට දින හතරක් ස්නානය කිරීම වැදගත් අතර, ෂැම්පු භාවිත නොකර හිස කෙස් මතට කන්ඩිෂනර් පමණක් ආලේප කළ යූතුය(Co-Washing).

කැරළි කොණ්ඩය කොටස් කිහිපයකට වෙන්කරගෙන කොටසින් කොටසට කන්ඩිෂනර් ආලේප කර අැඟිලි මගින් පිරීම සතියට හතර වතාවක් පමණ සිදු කිරීම අවශ්‍ය වේ. සාමාන්‍ය තුවායක් හිසකෙස් පිස දැමීම සඳහා භාවිත නොකළ යුතු අතර, ඒ සඳහා ටී ෂර්ට් එකක් වැනි දෙයක් යෝදා ගැනීම වඩා සුදුසු වේ. සාමාන්‍ය තුවායක් මගින් ඔබේ හිස කෙස් කැඩී යාමට වැඩි ඉඩක් අැති නිසා ඔබේ හිස කෙස් මනාව පවත්වාගෙන යාම එවැනි තත්ත්ව මඟහැර ගැනීම වැදගත් වේ. හිසකෙස් පිස දැමීමේදී අනවශ්‍ය ආයාසයක් නොදිය යුතු අතර, තෙත ඉවත් කිරීම පමණක් සිදු කිරීම ප්‍රමාණවත් ය.

එමගින් ඔබේ කොණ්ඩය වියළිමෙන් පසුව පිම්බෙන ස්වභාවය අවම වන අතර, කොණ්ඩයේ තෙතමනය ආරක්ෂා වේ. එමෙන්ම ස්නානයෙන් පසුව තෙත කොණ්ඩය පිරීමෙන් වළකින්න, එසේ කිරීමෙන් ඔබේ හිසකෙස් අනවශ්‍ය ලෙස කැඩීයාමක් සිදු විය හැකියි.

තෙල් සාත්තුව

වියළි බව අවම කර ගනිමින් තෙතමනය රැක ගැනීමට පොල් තෙල් සුදුසුයි. (thegeekwave.com)

හිස කෙස් සඳහා තෙල් සාත්තුවක් කිරීම ඉතාම වැදගත් වේ. සතියට හතර වතාවක් පමණ හිස මතට ඔලිව්, පොල් තෙල් වැනි තෙතමනය ආරක්ෂා වන තෙල් වර්ගයක් යොදා හිස් කබල හොදින් සම්බාහනය කරන්න. ස්නානයට පෙර මෙවැනි තෙල් වර්ගයක් හිස මත මෙන්ම හිස කෙස් මත ද හොඳින් ගල්වන්න. මෙහිදී ඔබගේ හිස කෙස් අගත් තෙල් ආලේප කිරීමට පරික්ෂාකාරී වන්න. හිසකෙස් අගිස්ස කේශ කලාපයේ මුල සහ මැදට වඩා වියළි ස්වභාවයක් ගන්නා නිසා හිස කෙස් අගිස්ස පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. හිසකෙස් අග ඔලිව් තෙල් හෝ සේරම් ස්වල්පයක් ආලේප කිරීම මගින් හිස කෙස් අගිස්ස දුර්වල වී පැලී යාම වළක්වා ගත හැකිය.

හිස කෙස් අග පැළි ඇත්නම් එය නිවැරදි ලෙස කැපීම වැදගත් ය. නමුත් නිරන්තරයෙන් කොණ්ඩය කැපීමෙන් කේශ කලාපය කොට වී යාමට ඉඩ තිබෙන බැවින් නිසි සාත්තුවක් මගින් එය රැක ගැනීමට උත්සාහ කිරීම වඩා සුදුසු වේ.

ජලය පානය කිරීම.

වැඩිපුර ජලය පානය කිරීම හිසකෙස් සඳහා මෙන්ම මුළු ශරීරයටම ද වැදගත් වේ. අභ්‍යන්තර පෝෂණය සඳහා ජලය අවශ්‍ය ප්‍රමාණයට පානය කිරීමට වග බලාගන්න.එමගින් කේශ කලාපයේ තෙතමනය ආරක්ෂා වේ.

කොට්ට උරය මාරු කරන්න

ellesilk.com

නිදා ගැනීමට භාවිත කරනු ලබන කොට්ටය සඳහා සිල්ක් හෝ සැටින් වැනි රෙදි වර්ගයකින් මසනු ලැබූ කොට්ට උරයක් භාවිත කරන්න. එයට හේතුව රාත්‍රියේ තෙල් සම්භාහනයක් සිදු කර නින්දට යන විට කපු වැනි රෙදි වර්ගයකින් මසන ලද කොට්ට උරයක් හරහා කොට්ටයට එම තෙල් උරා ගැනීමට ඉඩ තිබීමයි. සැටින් හෝ සිල්ක් කොට්ට උරයක් පාවිච්චි කිරීමෙන් ආලේප කරනු ලැබූ හෝ හිසකෙස් තම ස්වභාවිකව පවතින තෙල් කොට්ටයට උරා ගැනීම වළක්වා ගත හැකිය.

ස්වාභාවිකත්වයට හුරුවීම

Blow dryer භාවිත නොකරන්න (ellesilk.com)

ස්නානයෙන් පසු කොණ්ඩයේ තෙතමනය ඉවත් කරගැනීම සදහා වියලනයක් භාවිත කිරීමට හුරු නොවිය යුතුය, ඒ හරහා අනවශ්‍ය ලෙස හිසකෙස් වියළි වේ. ස්වභාවිකව හිසකෙස් වියළීමට හරින්න. විදුලි උපකරණ හිසකෙස් මතට භාවිත කිරීමත් හිසකෙස්වලට අහිතකර වේ. කැරළි සහිත හිසකෙස් ස්වභාවිකවම දුර්වල සහ පහසුවෙන් කැඩීයාම සිදුවන නිසා මෙවැනි උපකරණ යොදාගැනීමෙන් හිස්කෙස් පළුදු වේ.

මෙවැනි කොණ්ඩයක් කරදරයක් හෝ පවත්වා ගෙන යාමට අපහසුවන්නේ නිවැරදි ලෙස සාත්තු නොකිරීම හේතුවෙනි. මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබේ කැරළි කොණ්ඩය නිරෝගීව තබාගැනීමට සහ අවශ්‍ය නම් දිගට වවාගැනීමට හැකියාව ඇත.

කවරයේ රූපය (3k-girls.com)

මුලාශ්‍ර :

1. www.hercampus.com

2. www.haircaremanual.com

3. 40plusstyle.com

Related Articles