Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

75වන වෙනිස් අන්තර්ජාතික චිත්‍රපට උළෙල

ලොව පැරණිතම ජාත්‍යන්තර සිනමා උළෙල වන වෙනිස් අන්තර්ජාතික සිනමා උළෙල මේ වසරේත් අගෝස්තු 29 වන දා සිට සැප්තැම්බර් 8 වන දා දක්වා ඉතාලියේ වෙනිස් නුවර උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ලොව පුරා සිනමා නිර්මාණ සමගින් සිනමාකරුවන්, රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිවරා පැවැත්වුණු මෙය චිත්‍රපට ප්‍රදර්ශන, සිනමා විචාර, සම්මුඛ සාකච්ඡා ආදියෙන් සමන්විත වූ අතර අවසන් දිනයේ සම්මාන ප්‍රදානය සිදුවිය. විනිශ්චය මණ්ඩල 5ක් විසින් අංශ 5ක් යටතේ ජයග්‍රාහකයන් තෝරාපත් කරන ලදී.

Emma Stone (vox)

ලොව පැරණිතම සිනමා උළෙල පමණක් නොව ගුණාත්මක බවින් ද ඉතා උසස් සිනමා උළෙලක් ලෙස මෙය හැඳින්විය හැකිය. 75වන වරට පැවැත්වූ වෙනිස් අන්තර්ජාතික සිනමා උළෙල, මේ වසරේ තිරගත වීමට නියමිත උසස් සිනමා නිර්මාණ රැසකින් සමන්විත වී තිබුණි.

Lady Gaga සහ Bradley Cooper (vox)

මෙහි විශේෂ අවස්ථා කිහිපයක් සහ සම්මානයෙන් පිදුම් ලැබූ නිර්මාණ සිනමාවට ප්‍රිය කරන රසිකයන්ට හඳුන්වාදීමත් මෙහි අරමුණ විය.

Dakota Johnson (getty image)

වෙනිස් සම්මාන උළෙලේ ප්‍රධානතම සම්මානය වන හොඳම චිත්‍රපටයට හිමි සිංහ රන් සම්මානය සඳහා මෙවර නිර්මාණ 21ක් යෝජනා වී තිබුණි. ඒ අතරින් අවසානයේ ජයග්‍රහණය හිමිකර ගනිමින් සිංහ රන් සම්මානයේ හිමිකරු බවට පත්වීමට ඔස්කාර් සම්මාන ද්විත්වයකින් ද පුද ලැබූ මෙක්සිකානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන අල්ෆොන්සෝ කුරෝන් සමත් විය. ඒ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ Roma චිත්‍රපටය වෙනුවෙනි.

Roma (Imdb)

ඔහු විසින් 2013 දී නිර්මාණය කළ සුප්‍රකට Gravity චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂකවරයා සහ හොඳම සංස්කරණයට හිමි ඔස්කාර් සම්මානයන් ද දිනා ගන්නා ලදී. හොඳම අධ්‍යක්ෂණය සඳහා ඔස්කාර් සම්මානය හිමිකරගත් පළමු ලතින් ඇමෙරිකානු ජාතිකයා ද (Hispanic) ඔහු ය. එසේම සියලුදෙනා අතර ජනප්‍රිය හැරී පොටර් චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය වන ‘හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු’ අධ්‍යක්ෂණය කරන ලද්දේ ද අල්ෆොන්සෝ විසිනි. Roma චිත්‍රපටය තුළින් සංවාදයට ලක්කරන්නේ 70 දශකයේ මෙක්සිකෝ නගරයේ වාසය කළ මධ්‍යම පාන්තික පවුලක ජීවිත කතාවකි. මෙය පළමුවරට පසුගිය අගෝස්තු 30 වන දා ප්‍රදර්ශනය කරන ලද්දේ ද වෙනිස් චිත්‍රපට උළෙලේ දී ම ය. මෙය සිනමාහල් තුළ ප්‍රදර්ශනය කිරීම ඇරඹීමට නියමිත ව ඇත්තේ මේ වසරේ දෙසැම්බර් මස 14 වැනි දා සිට යි.

අල්ෆොන්සෝ (independent.co.uk)

හොඳම චිත්‍රපටය සඳහා තරඟ වැදුණු අනෙකුත් චිත්‍රපට ද මෙහි දී සිහිපත් කිරීම අගනේ ය.

22 July – Paul Greengrass

At Eternity’s Gate – Julian Schnabel

Capri-Revolution – Mario Martone

Capri-Revolution (Imdb)

Close Enemies – David Oelhoffen

Double Lives – Oliver Assayas

Double Lives (Imdb)

First Man – Damien Chazelle

First Man (Imbd)

Killing – Shin’ya Tsukamoto

Never Look Away – Florian Henckel von Donnersmarck

Our Time – Carios Reygadas

Our Time (Imdb)

Peterloo – Mike Leigh

Sunset – Laszlo Nemes

Suspiria – Luca Guadagnino

Suspiria (Imdb)

The Accused – Gonzalo Tobal

The Ballad of Buster Scruggs – Ethan Coen, Joel Coen

The Favourite –  Yorgos Lanthimos

The Mountain – Rick Alverson

The Nightingale – Jennifer Kent

The Sisters Brothers – Jacques Audiard

Vox Lux – Brady Corbet

Vox Lux (Imdb)

What You Gonna Do When the World’s on Fire? – Roberto Minervini

අතිවිශේෂ ජූරි සම්මානය යෝගොස් ලන්තිමොස් විසින් අධ්‍යක්ෂණය කළ The Favourite චිත්‍රපටය දිනාගන්නා ලදී. එසේම එහි රංගනයෙන් දායක වූ ඔලිවියා කොල්මන් විසින් හොඳම රංගන ශිල්පිනයට හිමි වොල්පි කුසලානය ද දිනාගන්නා ලදී. තව ද, ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනියන් දෙදෙනෙක් වන රේචල් වෛස් සහ එමා ස්ටෝන් ද මෙහි රංගනයෙන් දායක වේ.

The Favourite (Imdb)

හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සිංහ රිදී සම්මානය ජැක්ස් ඕඩියඩ් දිනාගත්තේ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ The Sisters Brothers චිත්‍රපටය සඳහා යි.

The Sisters Brothers (Imdb)

විශේෂ ජූරි සම්මානයෙන් පිදුම් ලැබුවේ The Nightingale චිත්‍රපටය උදෙසා එය අධ්‍යක්ෂණය කළ ජෙනිෆර් කෙන්ට් විසිනි.

Jennifer Kent (Imdb)

තව ද, හොඳම රංගන ශිල්පියා සඳහා වොල්පි කුසලානය හිමිකරගත්තේ විලෙම් ඩෆෝ විසිනි. ඒ ඔහු රංගනයෙන් දායක වූ At Eternity’s Gate සඳහා යි. හොඳම තිර රචනය සඳහා The Ballad of Struggs Buster වෙනුවෙන් ජොඑල් කොඑන් සහ ඊසන් කොඑන් සම්මානයට ප්‍රාප්ත විය.

Willem Dafoe (Imdb)

ඊට අමතර ව තවත් සම්මාන ගණනාවක් ද මෙහි දී ප්‍රදානය කරන ලදී.

Chloë Grace Moretz (Vox)

Orizzonti ජූරිය යටතේ පිරිනැමූ සම්මාන

හොඳම චිත්‍රපටයට හිමි සම්මානය මන්තා රේ (ක්‍රාබන් රාහු)ට හිමිවිය.

විශේෂ ජූරි සම්මානය මහ්මුත් ෆසීල් කොස්කුන්ගේ  The Announcement (Anons) හිමිකර ගත්තේ ය.

හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ The River (Ozen) අධ්‍යක්ෂණය කළ එමිර් බයිගසන් විසිනි.

හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය නතාලියා කුද්‍රීශෝවා විසින් දිනාගත්තේ, ඇය රංගනයෙන් දායක වූ  The Man Who Surprised Everyone චිත්‍රපටය වෙනුවෙනි.

එසේම, හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය කයිස් නෂීෆ් විසින් දිනාගන්නා ලදී. ඒ ඔහු රංගනයෙන් දායක වූ සමෙහ් ෂෝ(අ)බිගේ Tel Aviv on Fire චිත්‍රපටයට යි.

හොඳම තිර රචනය පේමා සේඩ්න්ගේ Jinpa චිත්‍රපටයට හිමිවූ අතර, හොඳම කෙටි චිත්‍රපටය ලෙස ආදිත්‍ය අහ්මඩ්ගේ Kado සම්මානයෙන් පිදුම් ලැබී ය.

හොඳම මංගල සිනමා නිර්මාණය වෙනුවෙන් සිරියාවේ සෝඩාඩි කාඩන් සම්මානයට පාත්‍ර වූයේ ඔහුගේ Lion of the Future (Luigi De Laurentiis) චිත්‍රපටය වෙනුවෙනි.

වෙනිස් සම්භාව්‍යය ජූරිය යටතේ පිරිනැමූ සම්මාන

හොඳම වාර්තා චිත්‍රපටය ලෙස පීටර් බොග්ඩැනොවිච්ගේ The Great Buster: A Celebration සහ හොඳම සංරක්ෂිත චිත්‍රපටය ලෙස The Night of the Shooting Stars තේරීපත් විය.

Ryan Gosling (Vox)

Virtual Reality ජූරිය යටතේ පිරිනැමූ සම්මාන

Best Virtual Reality: Spheres

Best Virtual Reality Experience: Buddy VR

Best Virtual Reality Story: Isle of the Dead

Voa News

කවරයේ පින්තූරය: bostonherald

මූලාශ්‍රයයන්:
imdb.com

vox.com

labiennale.org/en/cinema/2018

Related Articles