Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආසියා හා යුරෝපා මහද්වීප යා කරන පාලමක් ලෙස සැලකෙන තුර්කිය

තුර්කිය සුවිශේෂී භූ ගෝලීය පිහිටීමක් සහිත රටක් ලෙස දැක්විය හැකියි. සරලව මෙය ආසියා හා යුරෝපා මහද්වීප යා කරන පාලමක් ලෙස හැඳින්වෙන අතරම මෙලෙස ප්‍රකාශ කිරීමට හේතුව වන්නේ කොටසක් ආසියාවේත්, කොටසක් යුරෝපයේත් පිහිටා තිබීමයි. මෙම ලිපිය මඟින් මෙකී සුවිශේෂී භූ පිහිටීමක් සහිත තුර්කිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරනු ලබනවා.

භූ ගෝලීය පිහිටීම

operationworld.org

තුර්කියට උතුරින් කලු මුහුද ද​. ඊසාන දෙසින් ජෝර්ජියා හා ආර්මේනියාවත්, නැගෙනහිර දිසාවෙන් අසර්බයිජාන් හා ඉරානයත්, ගිනිකොණ දිසාවෙන් ඉරාකය හා සිරියාවත්, නිරිත හා බටහිර දෙසින් මධ්‍යධරණී මුහුද හා ඒජියන් මුහුදත්, වයඹ දෙසින් ග්‍රීසිය හා බල්ගේරියාවත් පිහිටා තිබෙනවා.

මුදල් ඒකකය හා  ජාතික සංකේත

amnautical.com (ජාතික ධජය)

තුර්කියේ භාවිතා වන මුදල් ඒකකය වන්නේ ලීරා (TRY) යි. තුර්කියේ ජාතික ධජය නිළ වශයෙන් භාවිතයට ගෙන තිබෙන්නේ 1936 ජූනි මස 05 වන දිනයි. සුදු පැහැති අඩ සඳ හා තරු මඟින් ඉස්ලාමිකයන් නිරූපණය වන අතර රතු පැහැයෙන් ඔටෝමාන් අධිරාජ්‍යයේ ධජය​ සංකේතවත් වනවා. අළු පැහැති වුල්ෆ් ජාතික සත්ත්වයා වන අතර, ජාතික පක්ෂියා වන්නේ, Redwing ය. ටියුලිප් මල ජාතික පුෂ්පය වන අතර මල්ලවපොර​ ජාතික ක්‍රීඩාව ලෙස සැලකෙනවා.

අග නගරය හා විශාලත්වයෙන් යුත් නගර

en.theoutlook.com.ua(අග නගරය)

මෙරට අග නගරය අන්කරා වන අතර ජනගහනය අතින් විශාලත්වයෙන් යුත් නගර වන්නේ, ඉස්තාන්බුල්, ඉෂ්මීර්, බුර්සා, අඩානා, ගසියන්ටෙප්, කොන්යා, අන්ටාල්යා හා Bagcilar ය.

භාෂා, ආගම් හා ජාතීන්

තුර්කියේ ජනගහනය 80,845,215 වන අතර මෙරට නිළ භාෂාව තුර්කි වේ.  මෙරට ජාතීන් වන්නේ, තුර්කි 70-75% , කුර්දි 19%, අනෙකුත් සුළු ජාතීන්  7-12% කි.

තුර්කියේ අදහනු ලබන ආගම් අතර මුස්ලිම් 99.8% කුත් ක්‍රිස්තියානු හා යුදෙව් ආදී අනෙකුත් ආගම් 0.2% අදහනු ලබනවා.

ස්වභාවික සම්පත් හා ආර්ථික තතු

robertschuddeboom.com

තුර්කිය සතු ස්වාභාවික සම්පත් අතර ගල් අඟුරු. යකඩ, තඹ, රත්තරන්, රසදිය, හුණුගල්, මැග්නසයිට්, කිරිගරුඬ​ ආදිය දැක්විය හැකි වනවා.

තුර්කියේ භූමිය භාවිතා කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී, කෘෂිකාර්මික කටයුතු සඳහා 49.7% කුත්, වනාන්තර සඳහා 14.9% කුත් අනෙකුත් දෑ සඳහා 35.4% කුත් වනවා.

මෙරට දළ දේශීය නිෂ්පාදිතය සඳහා කෘෂිකාර්මික කටයුතු වලින් 6.7% දායකත්වයකුත්, කර්මාන්ත අංශයෙන් 31.8% දායකත්වයකුත්, සේවා අංශයෙන් 61.4% දායකත්වයකුත් දක්වනු ලබනවා.

ඒ අනුව කෘෂිකාර්මික නිෂ්පාදන අතර කපු, ධාන්‍ය, ඔලිව්, දුම්කොළ ආදිය වනවා. නිමි ඇඳුම්, ආහාර සැකසුම්, මෝටර් රථ, වානේ, දැව, කඩදාසි මෙන්ම ගල් අඟුරු, තඹ, බෝරෝන් ආදී පතල් කර්මාන්තයද සිදු කරනු ලබනවා.

පරිපාලනය, දේශපාලනය හා නීතිය

තුර්කි ජනරජයේ ආණ්ඩුවේ ස්වභාවය පාර්ලිමේන්තුවාදී ජනරජයකි. පරිපාලනය සඳහා පළාත් 81ක් පමණ ස්ථාපිත කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කිහිපයක් මීට ඉහතදී පැවති අතර වර්තමානයේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත කර තිබෙන්නේ වර්ෂ 1982 නොවැම්බර් මස 09 වන දිනයි.

මෙරට සිවිල් නීති පද්ධතිය නොයෙකුත් යුරෝපීය නීති පද්ධති මත රඳා පවතිනවා. මෙරට ක්‍රියාත්මක දේශපාලන පක්ෂ වලින් කිහිපයක් වන්නේ, Democrat Party, Democratic Left Party, Felicity Party, Good Party, Grand Unity Party, Justice and Development Party, Nationalist Movement Party ආදියයි.

සුන්දරත්වයෙන් යුත් ස්ථාන

azernews.az(Antalya)

තුර්කියේ දී දැක ගත හැකි ස්ථාන අතර ලොව පැරණිතම නගරයක් වන ඉස්තාන්බුල් දැක්විය හැකි වනවා. මෙහි දී රෝමානු බයිසැන්ටියන් හා ඔටෝමාන් මාලිගය, පල්ලි, මුස්ලිම් දේවස්ථාන, ස්මාරක හා නටඹුන් ආදිය දැක ගත හැකි වනවා.

මීට අමතරව Antalya ත්, Xanthos නමැති ගංගා මෝයේ පිහිටා තිබෙන Lycia හි ප්‍රධාන නාවික හා වෙළෙඳ මධ්‍යස්ථානයක් වන Patara ද, Hadrian නමැති පන්සලත්, මුහුද හා ඉර මෙන්ම වැලි වලින් යුත් පාරාදීසයක් බඳු Alanya නමැති ස්ථානයත්, තුර්කියේ සම්ප්‍රදායික වෙළෙඳසලක් වන Fethiye ත්, කඳු පන්ති නිර්මාණයකින් හා පල්ලි හා පොලොව යට පිහිටි නගර වලින් යුත් Cappadocia ප්‍රදේශයත්, Ephesus නමැති ඉපැරණි ග්‍රීක නගරයද තුර්කියේ සුන්දරත්වයෙන් හා ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථාන වනවා.තුර්කියේ ආහාර රටා

pinterest.com (mantu ආහාරය)

තුර්කියේ ඉවීම් කටයුතු ලොව සුවිශේෂීම ගණයේ එකක් ලෙස සැලකෙනවා. තුර්කියේ ආහාර මෙතරම් පොහොසත් වීමට හේතු කිහිපයක්ම බලපා තිබෙනවා, එනම් නොයෙක් ආකාරයේ නිෂ්පාදන වගා කිරීමත්, සෙල්ජුක් හා ඔටෝමාන් අධිරාජ්‍යවල  රාජ මාලිගාවන්හි මුළුතැන් ගෙයත්, භූ ගෝලීය පිහිටීමත් ඒ අතර වනවා.

කළු මුහුද ආශ්‍රිත ප්‍රදේශ වල මාළු පුළුල් ලෙස භාවිතා කරනු ලබනවා. Central Anatolia ප්‍රදේශය සතුව ඔවුනටම විශේෂ වූ ආහාර වර්ග තිබෙනවා. ඒ අතර kesek, mantu හා gozleme යන ආහාර තිබෙනවා.

කෙසේ නමුත් බහු සංස්කෘතික වීම මත ඉස්තාන්බූල් නගරයේ සෑම වර්ගයේම ආහාර රස බැලීම සිදු කරනවා.

තුර්කියේ උදෑසන ආහාරය ලෙස ලබා ගන්නා දෑ වඩාත් සෞඛ්‍ය සම්පන්න, පෝෂ්‍යදායි මෙන්ම රසවත් බැවින් යුක්ත වනවා. තුන් සියයකට​ කට අධික සුප් වර්ග තුර්කියේ තිබෙනවා. තේ පානය උදෑසන මෙන්ම දිනයේ අනෙකුත් අවස්ථාවලදීත් පානය කරනු ලබනවා. එමෙන්ම ආහාර ගැනීමෙන් පසු තුර්කි කෝපි පානයද මෙරට දෛනික පුරුද්දකි. ඔවුන් බොහෝ විට භාවිතා කරනු ලබන්නේ සීතල පානයන්ය. මේවා යෝගට්, වතුර හා ලුණු මිශ්‍ර කොට සාදනු ලබනවා. මෙම පානය ග්‍රීෂ්ම දින සඳහා වඩාත් සුදුසු වනවා. මීට අමතරව තුර්කි වැසියන්ගේ ආහාර රටා අතර අතුරුපස ආහාරයට ගැනීමද සිදු කරනු ලබනවා.

කවරයේ පින්තූරය: kids.nationalgeographic.com

Related Articles