සුඩානය පිහිටා තිබෙන්නේ ඊසාන දිග අප්‍රිකාවේය. සුඩානය යන නම මෙරටට ලැබී තිබෙන්නේ අරාබි කියමනකින්ය. එනම් ‘bilād al-sūdān’ යන්නෙන් අර්ථවත් වන්නේ, ‘කළු ජාතීන්ගේ භූමිය’ යන්නයි. 2011 වසරේ දී දකුණු සුඩානය ලෙස නිළ වශයෙන් බෙදීමකට ලක් වීම හේතුවෙන් මෑත කාලීනව වඩාත් කතාබහට ලක් වූ රටක් ලෙස සුඩානය හැඳින්විය හැකි වනවා. මෙම ලිපියේ අරමුණ වන්නේ, සුවිශේෂී රටක් වන සුඩානය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමයි.
2011 වසරේදී දකුණු සුඩානය වෙන් වීමට මත්තෙන් සුඩානය විශාලතම අප්‍රිකානු රට වුණා. එනම් අප්‍රිකානු මහද්වීපයෙන් 8% වඩා බිම් ප්‍රදේශයක් ආවරණය කරනු ලැබුවේ මෙරටය. ලෝකයේ මුළු භූමි ප්‍රමාණයෙන් 2% පමණ භූමි ප්‍රමාණයක් මෙරටට හිමි වුණා. කෙසේ නමුත් 2011 වසරේ සිදු වූ වෙන් වීමත් සමඟම මෙම තත්ත්වය වෙනස් වීමක් ඇති වුණා.
2011 වසරේදී සිදු වූ දකුණු සුඩාන වෙන් වීම
2011 වසරේදී රජය දකුණු සුඩානය ලෙස වෙන් වීමේ නිදහස ලබා දෙනු ලැබුවා. මෙලෙස වෙන් වීමේ අවශ්‍යතාවයක් ඇති වීමට හේතු කිහිපයක්ම බලපා තිබෙනවා. ප්‍රධාන වශයෙන් ක්‍රිස්තියානි හා ඇනිමිස්ට් ජනතාව උතුරේ අරාබි මුස්ලිම් පාලනයට එරෙහිව සටන් කරනු ලැබීමත්, තෙල් ආදායමත්, මායිම් ලකුණු කිරීමත් හේතු සාධක වුණා.
උතුරු හා දකුණු සිවිල් යුධ තත්ත්වයන් හේතුවෙන් මිලියන 1.5 ක් පමණ ජීවිතවලින් වන්දි ගෙවනු ලැබුවා. මෙලෙස වෙන් වෙනු ලැබූවේ 2005 දී ඇති කර ගනු ලැබූ සාම ගිවිසුමට අනුවයි. මෙම ජනමත විචාරණය සඳහා දකුණු සුඩානයේ ජනතාව මිලියන 4 ක් පමණ සුදුසුකම් කියනු ලැබුවා. මේ සඳහා උතුරු සුඩානයේ වෙසෙන දකුණු සුඩාන ජනතාව 116,000ක් ද ඇමරිකාව ආදී රටවල් අටක පමණ සිටින වාසය කරන දකුණු සුඩාන වැසියන් හැටදහසක් ද සුදුසුකම් කියනු ලැබුවා. එමෙන්ම සුඩානයේ දකුණු දිග ප්‍රදේශයේ ගෝත්‍රවලට දෙමාපියන් හෝ තමන්ගේ මුතුන් මිත්තන් ආදීන් අයත් වනු ලබන්නේ නම් හෝ වර්ෂ 1956 ජනවාරි 01 දිනට පෙරාතුව නෑදෑයින් දකුණු ප්‍රදේශයේ ජීවත් වෙනු ලැබුවේ නම් ඔවුන් දකුණු සුඩාන වැසියන් ලෙස නම් කරනු ලැබුවා. මොවුන් ජනමත විචාරණයේදී ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් කියනු ලැබුවා. දකුණු සුඩාන වැසියන්ගේ සාක්ෂරතාවය පවතින්නේ ඉතාමත් අඩු මට්ටමකය. මේ හේතුවෙන් ජන්ද පත්‍රිකාවේ තනි අතකින් වෙන් වීමට කැමති අය නියෝජනය කළ අතර, ඔවුනට ඒ සඳහා මනාප ඉදිරිපත් කළ හැකි වුණා. අනෙක් ලාංඡනය වූයේ අත් දෙකක් එකට අල්ලා සිටින රූපයකි. වෙන් වීමට අකමැති අයට එය භාවිතා කළ හැකි වුණා.
මෙහි ප්‍රථිපල අනුව 2011 වසරේ ජූලි මස 09 වන දින දකුණු සුඩානය වෙන් වීම සනිටුහන් කරනු ලැබුවා.
වෙන් වූ දකුණු සුඩානය
දකුණු සුඩානය අප්‍රිකා මහද්වීපයට අලුතින් එක් වූ රටකි. මෙරට මධ්‍යම අප්‍රිකානු ජනරජය, ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජය හා ඉතියෝපියා, කෙන්යාව, සුඩානය හා උගන්ඩා යන රට වලින් වට වී තිබෙනවා.
ඩින්කා යනුවෙන් හඳුන්වන්නේ 200 පමණ වූ ජාතීන් අතර විශාලම කණ්ඩායමයි. මිට අමතරව Shilluk, Nuer, Acholi, හා Lotuhu ආදී ගෝත්‍රික කණ්ඩායම්ද වාසය කරනු ලබනවා. වර්ග කිලෝමීටර් 619,745 ක පමණ භූමි ප්‍රදේශයකට හිමිකම් කියනු ලබනවා. ජනගහනය මිලියන 7.5 – 10 ත් අතර ප්‍රමාණයකි. ස්වදේශීය භාෂාවන් 60 කට අධික ප්‍රමාණයක් කතා කරනු ලබන මෙරට භාවිතා කරන නිළ භාෂාවන් වන්නේ ඉංග්‍රීසි හා අරාබි භාෂාවන් ය. Juba යනුවෙන් හැඳින්වෙන්නේ මෙරට අග නගරයයි.
දකුණු සුඩාන ආණ්ඩුව නොයෙකුත් නම් වලින් හඳුන්වනු ලබනවා. ඒ අතර නයිල් ජනරජය, කුෂ් ජනරජය, ඇසානියා හා Ross ජනරජය යන ආදී නම් වලින් හඳුන්වනු ලබනවා. දකුණු සුඩානය ලොව නොදියුණුම ප්‍රදේශයක් වන අතර ගව පාලනය හා ගොවිතැන් කටයුතු මූලික වශයෙන් සිදු කරනු ලබනවා.
සුඩානය
දකුණු සුඩානය වෙන් වූ පසු සුඩානයේ උතුරු ප්‍රදේශයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1,861,484 ක් පමණ වනවා. අගනගරය වන්නේ කාර්ටූම් ය.
සුඩානයේ පිහිටීම දක්වන්නේ නම් උතුරින් ඊජිප්තුවද, නැගෙනහිරින් රතු මුහුදත්, ඉතියෝපියාවත්, එරිට්‍රියාවත්, දකුණින් දකුණු සුඩානයත්, බටහිරින් මධ්‍යම අප්‍රිකානු ජනරජය හා චැඩ් ද වයඹ දෙසින් ලිබියාවද පිහිටා තිබෙනවා.
මෙරට ජාතීන් අතර සුඩාන අරාබි (70%), Fur, Beja, Nuba, Fallata වන අතරම අරාබි හා ඉංග්‍රීසි නිළ භාෂාවන් වනවා. මීට අමතරව Nubian, Ta Bedawie, Fur ආදී භාෂාවන්ද භාවිතා කරනවා. සුන්නි මුස්ලිම් ආගම මෙරට බහුතරයකගේ ආගමයි.
ජනාධිපතිවාදී ජනරජයක් තිබෙන මෙරට පරිපාලන කොට්ඨාශ 18කි. නීති පද්ධතිය ගැන මිශ්‍ර නීති පද්ධතියකි. ඉස්ලාම් නීතිය මෙන්ම ඉංග්‍රීසි පොදු නීතිය ඒ අනුව ක්‍රියාත්මක වනවා. පැරණි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1998 දී ස්ථාපිත කරන ලද අතර, වර්තමානයේ ක්‍රියාත්මක තත්ත්වයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2005 ජූලි මස 09 වන දින සිට ක්‍රියාත්මක වුණා. දේශපාලන පක්ෂ අතර Democratic Unionist Party, Federal Umma Party, Muslim Brotherhood, National Congress Party, National Umma Party, Popular Congress Party, Reform Movement Now, Sudan National Front, Sudanese Communist Party ආදිය කිහිපයකි.
සුඩානයේ ප්‍රධාන ජල සැපයුම වන්නේ නයිල් නදියයි. කෙසේ නමුත් සුඩානය උණුසුම් රටකි. වර්ෂාපතනය ලැබීම සිදු වන්නේ කලාතුරකිනි දූවිලි කුණාටු උතුරු හා මධ්‍යය ප්‍රදේශයන් හි පොදුවේ දක්නට ලැබෙන කරුණකි. උතුරු සුඩානය වැලි සහිත කාන්තාර වලින් වට වූ භූමියකට හිමි කම් කියනු ලබනවා.
ආහාර රටා වලදී තේ කෝප්පයකින් දවස ආරම්භ කරන අතර තරමක් ප්‍රමාද වී ලබා ගන්නා උදෑසන ආහාරය බෝංචි, සලාද, පාන් ආදියෙන් සමන්විත වනවා. එළවළු සලාද සෑදීම් ආදිය සඳහා භාවිතා කරනු ලබනවා. බැටළුවන් මරණයට පත් කරනු ලබන්නේ උත්සව අවස්ථා හා විශේෂ අමුත්තෙක්ට ගරු බුහුමන් කිරීමක් ලෙසිනි. සතුන්ගේ විවිධ අවයව භාවිතා කරමින් විශේෂ කෑම වර්ග සාදනු ලබනවා. කෙසේ නමුත් තේ හා කෝපි මෙහි ප්‍රසිද්ධ පාන වර්ග වනවා.
මෙරට ආර්ථිකය ගැන අවධානය යොමු කිරීමේදී කෘෂිකර්මාන්තයෙන් 39.6% ක දළ දේශීය නිෂ්පදිතයකුත්, කර්මාන්ත අංශයෙන් 2.6% අගකුත්, සේවා අංශයෙන් 57.8% දළ දේශීය නිෂ්පදිතයකුත් හිමි කර ගෙන තිබෙනවා.
කෘෂිකාර්මික නිෂ්පාදන අතර කපු, උක්, බතල, කෙසෙල්, අඹ, ගස්ලබු ආදියත්, කර්මාන්ත අංශයෙන් තෙල්, රෙදි පිළි, සිමෙන්ති, සීනි, සබන්, සපත්තු, ආදිය නිෂ්පාදනය කරනු ලබනවා.
කවරයේ පින්තූරය: italtoursudan.com