Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙරළ තීරයන් තුන්සියයකට වඩා පිහිටා ඇති ඇන්ටිගුවා හා බාබියුඩා රාජ්‍ය

ලෝකයේ පවතින රටවල් අතරින් දූපත් රාජ්‍ය සඳහා සුවිශේෂී තැනක් හිමි වේ. මීට හේතුව එම රටවල් වටා මුහුද පිහිටා තිබීමයි. ඇන්ටිගුවා හා බාබියුඩා රාජ්‍ය යනු එවැනි සුන්දර වෙරළ තීරයක් හිමි රාජ්‍යයකි. මෙම දූපත් වල උණුසුම් සූර්ය රශ්මිය, සුරක්ෂිත වරායන් සහිත වෙරළ තීරයන්, එක දිගට පිහිටා ඇති කොරල් පර ආදිය නිසා මෙම වෙරළ තීරයන් කෙරෙහි නිරන්තරයෙන් සංචාරකයින් ඇදී ඒම සිදු වේ. මෙම වෙරළ තීරයන් වල පිහිටීම නිසා මුහුදු යාත්‍රා යොදාගෙන පහසුවෙන් මෙම දූපත් වලට ලඟා විය නොහැක. එවැනි සුන්දර දූපත් රාජ්‍යයක් වූ ඇන්ටිගුවා හා බාබියුඩා දිවයින් පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම ලිපිය මඟින් අප බලාපොරොත්තු වේ.

පිහිටීම

cntraveler.com

ඇන්ටිගුවා හා බාබියුඩා රාජ්‍ය නැගෙනහිර කැරිබියන් වල පිහිටි Leeward දූපත් සමූහයේ කොටසකි. මෙහි සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 440ක් පමණ වන අතර මෙම රාජ්‍ය සඳහා ඇන්ටිගුවාව, බාබියුඩාව හා මිනිස් වාසයක් නොමැති redonda ද අයත් වේ. මෙහි සම්පූර්ණ වෙරළ තීරය කිලෝමීටර් 153ක් පමණ වේ. ඇන්ටිගුවා හා බාබියුඩාවේ අග නගරය ශාන්ත ජෝන්ස් වන අතර මෙය පිහිටා ඇත්තේ ඇන්ටිගුවාවේ වයඹ ප්‍රදේශය තුළයි.

මෙම දූපත් සමූහයේ උසම ස්ථානය වන්නේ Mt obama කඳු මුදුන යි. මෙහි උස මීටර් 402ක් පමණ වේ. මෙම කන්ද පිහිටා ඇත්තේ ඇන්ටිගුවාව තුළයි. මෙම දූපත් රාජ්‍ය තුළ මිනිසුන් 89,000 ක් පමණ ජීවත් වන අතර මෙම රාජ්‍යයට සමීප අසල්වාසී දූපත් රාජ්‍යයන් වන්නේ montserrat,saint kitts හා nevisය.

ඉතිහාසය

dxnews.com

1684 වසරේදී ක්‍රිස්ටෝපර් කොඩ්රින්ටන් (christopher codrington) නමැති ව්‍යවසායකයා ඇන්ටිගුවාවට පැමිණෙන ලද්දේ මෙහි සීනි නිපදවීම සඳහා අවශ්‍ය වගාවන් කිරීමට හැකිද යන්න සොයා බැලීමටයි. ඔහුගේ උත්සාහය සාර්ථක වූ අතර වසර 50ක් වැනි කාලයක් තුළ ඇන්ටිගුවාවේ සීනි නිපදවීමට අවශ්‍ය දඬු වගාව බොහෝ සේ ව්‍යාප්ත විය. 18 වන සියවසේ මැද භාගය වන විට මෙම දූපත තුළ සීනි නිපදවීමේ සුළන් මෝල් 150ක් පමණ දක්නට ලැබුණි.

ඇන්ටිගුවාව තුළ එකල ජීවත් වූ බොහෝ දෙනා උක් වගාව සඳහා ගෙන ආ වහලුන්ගෙන් පැවත එන්නන් විය. කෙසේ හෝ ඇන්ටිගුවාවේ ජනාවාස පිහිටුවීම ආරම්භ වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 2400 දී පමණ වේ. මෙකල ජනාවාස පිහිටුවා ගත් පුද්ගලයින් siboney ලෙස හඳුන්වන අතර ඔවුන්ගෙන් පසු මෙහි ජනාවාස පිහිටුවා ගන්නා ලද්දේ කෘෂි කර්මාන්තය ජීවනෝපාය කරගත් arawaks වරුන් විසිනි. ඇන්ටිගුවා රාජ්‍ය යුරෝපිකයන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගන්නේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ පැමිණීමෙන් පසුවයි. කෙසේ හෝ යුරෝපිකයන්ගේ ජනාවාස එතරම් කාලයක් පැවතුණේ නැත. 1632 වසරේදී ඉංග්‍රීසි ජාතිකයින් විසින් මෙහි සාර්ථක ජනාවාසයක් පිහිටුවන ලදි.

yav.io

18 වන සියවස අවසානය වන විට මෙම ඇන්ටිගුවා දූපත් වැදගත් වරායන් පිහිටි වෙළඳ නගරයක් බවට පත් විය. එකල මෙය හඳුන්වන ලද්දේ “gateway to the caribbean” ලෙසයි.  1834 දී බ්‍රිතාන්‍යයන් විසින් මෙම දූපත් තුළ පැවති වහල් ක්‍රමය අහෝසි කරන ලද අතර 1981 වසරේදී සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය.

භාෂා, ජනවර්ග හා ආගම්

ඇන්ටිගුවා හා බාබියුඩා රාජ්‍යයේ ජීවත් වන වැඩි පිරිසකට ඇත්තේ අප්‍රිකානු සම්භවයකි. මීට හේතුව අතීතයේ උක් වගාව සඳහා වහලුන් ලෙස අප්‍රිකාවෙන් මිනිසුන් ගෙන ඒමයි. මොවුන්ගේ භාෂාව ඉංග්‍රීසි භාෂාවයි. ජනගහනයෙන් හතරෙන් තුනක පමණ ප්‍රමාණයක් ප්‍රොතෙස්තන්ත්‍ර ආගම අදහන අතර සුළු වශයෙන් ඇන්ග්ලිකානුවන්, රෝමානු කතෝලික, moravian හා methodists ආගම් අදහන පුද්ගලයින්ද සිටී.

ආර්ථිකය

yav.io

ඇන්ටිගුවා හා බාබියුඩාවල අර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ සංචාරක කර්මාන්තයයි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%ක පමණ ප්‍රතිශතයක් වේ. මෙරට කෘෂිකර්මාන්තය දේශීය පරිභෝජනය ඉලක්ක කර ගනිමින් සිදු කෙරේ. කෘෂිකර්මාන්තය සඳහා වැඩි පිරිසක් යොමු නොවෙන්නේ අඩු ජල සැපයුමක් පැවතීමත්, සංචාරක කර්මාන්තයේ ඊට වඩා ආකර්ෂනීය වැටුප් ලැබීමත් නිසයි. මෙරට සිදු කරන නිෂ්පාදන කර්මාන්ත වන්නේ විදුලි උපාංග හා හස්ත කර්මාන්තය ආශ්‍රිත නිර්මාණයි.

ලෝකයේ අනෙකුත් රටවල් මෙන් ඇන්ටිගුවාවද 2009 වසරේ ඇති වූ ආර්ථික අවපාතයෙන් පීඩා විඳින ලදි. මේ හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය බොහෝ සේ අඩු වූ අතර රටේ ණය බර ඉහළ ගියේය. මෙරට ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන ලෙස කපු, පළතුරු, එළවළු, කෙසෙල්, පොල්, අඹ, උක් හා කැකිරි වගාව දැක්විය හැක.

කාලගුණය, ශාක හා සතුන්

tripsavvy.com

ඇන්ටිගුවා හා බාබියුඩාහි දැකිය හැක්කේ නිවර්තන කලාපීය කාලගුණයකි. මෙම දූපත් සඳහා වැඩියෙන්ම වර්ෂාව ලැබෙන්නේ මැයි සිට නොවැම්බර් දක්වා කාලය තුළයි. මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 සිට 29 දක්වා වෙනස් වේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය සෙන්ටිමීටර් 117 පමණ වේ. ඇන්ටිගුවා හා බාබියුඩා රාජ්‍යයේ ප්‍රධාන පාරිසරික ගැටලුව වී ඇත්තේ ස්වභාවික ජල සම්පත් හිඟ වීමයි. වගා කටයුතු සඳහා වනාන්තර එළි කිරීම නිසා වර්ෂාපතනය අඩුවීම මෙලෙස ජලය හිඟ වීමට හේතු වී ඇත.

අතීතයේ සිට උක් වගාව සඳහා මෙම දූපත් එළි පෙහෙළි කිරීම නිසා එතරම් වනාන්තර ප්‍රමාණයක් මෙහි දැකිය නොහැක. ඇන්ටිගුවාවේ නිරිත දිග ප්‍රදේශයට වන්නට අඹ, පොල්, පේර, කෙසෙල් ආදිය දැකිය හැක. බාබියුඩාවේ ඊසාන කොටසේ හොඳින් වැවුණු වනාන්තර දැකිය හැකි නිසා කැලෑ සතුන් බොහොමයක් එහි ජීවත් වේ. ඇන්ටිගුවා හා බාබියුඩාවේ භූමි ප්‍රමාණයෙන් වනාන්තර වලට හිමි වන්නේ 22% පමණි. මෙම දූපත් වල කුරුළු වර්ග 150ක් පමණ සිටින අතර මුවන්, වල් ඌරන්, තාරාවුන්, බකමූණන් වැනි සතුන් මෙහි දක්නට ලැබේ.

කවරයේ පින්තූරය – vacancesderniereminute.be

Related Articles