Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිර්මාණාත්මක හැකියාවන් පිරුණු අප්‍රිකාවේ ඩසනාච් ගෝත්‍රිකයින්

ලෝකය පුරා තවමත් පැරණි ගෝත්‍රික කණ්ඩායම් දක්නට ලැබේ. විශේෂයෙන් අප්‍රිකානු රටවල් වන ඉතියෝපියාව, සුඩානය, කෙන්යාව වැනි රටවල් වල තවමත් ගෝත්‍ර ජන කණ්ඩායම් රාශියක් ජීවත් වේ. ඔවුන් එලෙස ගෝත්‍ර ලෙසම පවතින්නේ ගෝලීයකරණය​ වන සෙසු ජන කණ්ඩායම් සමග ඉදිරියට නොයන නිසාවෙනි. අප්‍රිකාවේ ඩසනාච් ගෝත්‍රිකයින් යනු එවැනි එක් ජන කොට්ටශයකි. මේ ලිපිය තුලින් අප බලාපොරොත්තු වන්නේ ඩසනාච් ගෝත්‍රිකයින් පිලිබඳ තොරතුරු ඔබට ගෙන ඒමටයි.

ඩසනාච් ගෝත්‍රිකයින් යනු කවුරුන්ද?

wikimedia.org

ඩසනාච් යනු අර්ධ සංචාරක ගෝත්‍රිකයින් පිරිසකි. දළ වශයෙන් මොවුන්ගේ සාමාජිකයින් ගණන 50,000ක් පමණ වේ. මොවුන් දේශපාලනික වශයෙන් කිසිඳු පක්ෂයකට හෝ කිසියම් වූ රටකට අයත් පිරිසක් ලෙස සැලකීමට අකමැත්තක් දක්වයි. ඔවුන් සුඩානය, කෙන්යාව හා ඉතියෝපියාව යන රටවල සංචාරය කරමින් ජීවත් වේ. මොවුන් වඩා කැමැත්තක් දක්වන්නේ ඔවුන්ගේ සංස්කෘතිය මඟින් පාලනය වීමටයි. මුලදී සංචාරක ජීවිතයක් ගතකල ඩසනාච් ගෝත්‍රිකයින් වර්තමානය වන විට තරමක් දුරට කෘෂිකර්මාන්තය පදනම් කරගත් ජීවන රටාවක් ගෙන යයි.

ඉතිහාසය

මෑතක් වන තුරුම ඩසනාච් ගෝත්‍රිකයින් පිලිබඳ දන සිටියේ ඉතා සුළු පිරිසකි. මොවුන් ඇතැම් අවස්ථා වලදී Merille යන නාමයෙන්ද හඳුන්වයි. අප්‍රිකානු රාජ්‍යන් වලට නිසි ලෙස දේශ සිමා බෙදීම් කරන විට ඩසනාච් ගෝත්‍රිකයින් ජීවත් වූ පැරණි බිම් සුඩානය, ඉතියෝපියාව හා කෙන්යාව අතර බෙදී යන ලදී. ඒ නිසා මොවුන් නිදහසේ ඒ දේශ සිමා අතර මාරු වීමට පුරුදුව සිටි නමුත් මෙම නිදහස අද වන විට දේශ සිමා පාලකයින් හා විවිධ කොන්දේසි මඟින් අවම කර ඇත.

භාෂාව

express.co.uk

ඩසනාච් ගෝත්‍රිකයින් භාවිත කරන්නේ කුෂාටික් නමින් හඳුන්වන භාෂාවක්. එය Afro-Asiatic නමැති භාෂා සමුහයට අයත් භාෂාවක් ලෙස සැලකේ. කෙන්යාව, ඉතියෝපියාව, හා සෝමාලියාවේ සිටින ඩසනාච් ගෝත්‍රිකයින් මේ භාෂාව වැඩි වශයෙන් භාවිත කරයි.

ජීවන රටාව

ඩසනාච් ගෝත්‍රිකයින් ඔවුන්ගේ කලහකාරී හැසිරීම සඳහා ප්‍රසිද්දියක් උසුලයි. මේ හේතුවෙන්ම අවට සිටින Gabbara හා Turkna වැනි අනෙක් ගෝත්‍ර ඔවුන්ට බියක් දක්වයි. මෙම ගෝත්‍රයේ යුධ භටයන් ඔවුන් විනාශ කල සතුරන් ප්‍රමාණය ගැන බොහෝ ආඩම්බරයක් දක්වයි. නව තාක්ෂනය වැළඳ ගැනීමට අකමැත්තක් දක්වන මොවුන් තමාගේ සංස්කෘතිය ඉහලින් සලකයි. මොවුන්ට වගාවන් වලට අවශ්‍ය ජලය සපයා ගැනීම සඳහා අවශ්‍ය වාරිමාර්ග ක්‍රමය හඳුන්වා දී ඇත්තේ මිෂනාරි වරුන් විසිනි. ඒ 1960දි පමණය. නමුත් යටත්විජිත සමය​ අවසන් වීමත් සමඟ මේවා නොසලකා හැරීමට ලක්වී ඇත.

123inspiration.com

ඩසනාච් ගෝත්‍රිකයින් ගෙවන ජීවිතය බොහෝ දුෂ්කර එකකි. ටුර්කානා විල අසල ජීවිතය බොහෝ දුරට අපහසු වන්නේ නියඟය නිසා එය ප්‍රමානයෙන් කුඩා වීම නිසයි. ඔවුන් රැස් කර ඇති ආහාර ප්‍රමාණයද නියඟය හා ලෙඩරෝග පැතිරීම නිසා අවසන් වේ. මේ නිසා ඇතැම් අවස්ථා වලදී විලේ සිටින කිඹුලන් පවා දඩයම් කරගෙන අහාර වලට ගැනීමට ඔවුන්ට සිදු විය. ගවයා යනු ඔවුන්ගේ සමාජයේ වැදගත් සතෙකි. ඒ නිසා කෙතරම් අහාර හිඟයක් පැමිණියත් ඔවුන් ගවයින් ආහාරයට ගැනීමට අකමැත්තක් දක්වයි. ගවයා ඔවුන්ගේ සමාජ තත්වය පෙන්න්වන සංකේතයක් නිසා ගවයින් නැති පුද්ගලයින් සමාජ තත්වයෙන් පහත් කොට සැලකේ. දීර්ඝ කාලයක් පැවති නියඟයෙන් පසු 2006 වසරේදී ගංවතුර තත්වයකට මුහුණ දීමට ඩසනාච් ගෝත්‍රිකයින්ට සිදු විය. වාර්තා වලට අනුව මොවුන් 100කට අධික ප්‍රමාණයක් ගංවතුර නිසා මරණයට පත් වී ඇත.

මේ ගෝත්‍රයේ තවත් අනු ගෝත්‍ර 8ක් පවතී. මේ සියලු ගෝත්‍ර වලට අනෙකුත් ගෝත්‍ර කෙරේ ඉටු කිරීමට වගකීම් පවතී. එම ගෝත්‍ර වල ජනයාට ජීවත් වීමට වෙන් වූ ගම්මානද මේ ප්‍රදේශය තුළ පවතී. මේ කණ්ඩායම් අතරින් විශාලම කණ්ඩායම වන්නේ ගල්බර් කොට්ඨාශයයි. ගල්බර් ජනයාගේ මතය වන්නේ කිඹුලන් සම්භන්ද විශේෂ බලයක් ඔවුන්ට ඇති බවයි. මිට අමතරව ඔවුන් සඳහා ගෝත්‍රයේ අයට සැදෙන ග්‍රන්ථි රෝග වල වගකීම පැවරේ. ටුරාත් යනු තවත් අනු ගෝත්‍රයකි. ඔවුන්ගේ මතය වන්නේ ගින්දර සම්බන්ධ​ බලතල ඔවුන්ට ඇති බවයි. මේ නිසා කෙනෙකු පිළිස්සුනු විට එහී වගකීම මොවුන් වෙත පැමිණේ.

ඩසනාච් ගෝත්‍රික කාන්තාවන්

freeyork.org

මේ ගෝත්‍රයේ සියලුම කාන්තාවන්ගේ ලිංගික අවයව වල සංවේදී කොටස් ඉවත් කිරීම කරයි. ඒ වයස අවුරුදු 11-12 දී පමණය. මෙය සිදු නොකළහොත් ඒ ගැහැණු ළමයාට විවාහ වීමේ අවස්ථාව මග හැරෙන අතර ඇයගේ පියාට ඇය වෙනුවෙන් ලැබෙන තෑගි ලැබෙන්නේද නැත.  මේ නිසා නිසි වයස පැමිණි විට මෙම ක්‍රියාවලිය සිදු කරවීමට පියවරුන් වගබලාගනී.

ලිංගික අවයව වල සංවේදී කොටස් ඉවත් නොකරන කාන්තාවන් “කැලෑ සතුන්” ලෙස ගෝත්‍රය තුල හඳුන්වයි. ගෝත්‍රය තුල කාන්තාවක් වශයෙන් ජීවත් විය යුතු නම් මේ ක්‍රියාවලිය අනිවාර්යෙන් කල යුතුය. මෙය සිදු කරන්නේ වැඩිහිටි කාන්තාවක් විසිනි. ඒ එම ක්‍රියාවලියට ලක්වන දැරියගේ මවගේ නිවස තුළයි. මෙම ක්‍රියාවලිය කරන තුරු හා ඒවාගේ තුවාල සුව වන තුරු දැරියගේ කකුල් බැඳ තබයි. තමාගේ මව ලබා දෙන මාලය පැළඳිය හැක්කේ මෙම ක්‍රියාවලියට ලක්වූ දැරියන්ට පමණි.

ඇඳුම් භාවිතය

picssr.com

මෙම ගෝත්‍රයේ කාන්තාවන් හරක් සමෙන් සෑදු දිග ඇඳුම් අඳි. මිට අමතරව ඔවුන් විවධ වර්ණයෙන් එකට අමුණා ඇති ඇට වලින් යුතු ඇට මාල පළඳි.

නිර්මාණශීලි හිස් පළඳනා

ඩසනාච් ගෝත්‍රයට ආවේණික​ ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ හිස් පළඳනාවයි. ඔවුන්ගේ අතින් නිම වූ හිස් පළඳනා වලට සමකිරීමට වෙනත් හිස් පළඳනා නොමැත. මේවා ගැහැණු පිරිමි දෙපාර්ශවයම භාවිත කරයි. මොවුන් මේවා සකස් කිරීමට විවිධ ද්‍රව්‍ය උපයෝගී කර ගනී. ඇතැම් හිස් පළඳනා නිර්මාණය කර ඇත්තේ වේලුණු මල් හා අතු වලිනි. ඇතැම් ඒවා සැරසීමට සිප්පිකටු, කොකා කොලා හා බීම බෝතල් වලින් ගත් ටොනික් මූඩි, පිහාටු භාවිත කරයි.

කවරයේ පින්තුරය – Hesham Al-Humaid

Related Articles