සතියකටම මිනිත්තු 250, SMS 250, Data 1GB දෙන Dialog Data Blaster

ඉස්සරම Combo pack ඇමතුම්, සහ SMSවලට සීමාවී තිබුණා. ඒත් දැන් ඩේටා නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා තිබෙනවා. එවන් අවස්ථාවක Call, SMSවලට අමතරව Dataත් සමග දවස් 7ක්ම තියාගත හැකි පැකේජයක් ඩයලොග් සමාගම හඳුන්වා දී තිබෙනවා. ඔබ දැනට පාවිච්චි කරන ඩේටා පැකේජ්වලට Add-on එකක් ලෙස මේක දාගත්තාම ඇමතුම් ගන්න එක, කෙටි පණිවිඩ යවන එකත් බොහොම අඩු ගාණකට කරගන්න අවස්ථාව ලැබෙනවා.

අලුතෙන්ම හඳුන්වා දෙන මේ පැ‍කේජය ගොඩක් වෙලාවට ට්‍රිප් එකක් යන වෙලාවක, එහෙමත් නැත්නම් නිතර Travel කරන කෙනෙක්ට වැදගත් වේවි. ඒ වගේම කාර්යබහුල ව්‍යාපාරිකයෙක්ට හෝ ස්වයං ව්‍යවසායකයෙක්ටත් Call සහ SMS සමග Data Add-on එකකුත් ලැබීම වාසියක් වෙනවා.

පැකේජයේ විස්තර මෙසේ යි:

  • ඇමතුම් විනාඩි 250
  • SMS 250
  • Data 1GB
  • වලංගු කාලය දින 07
  • මිල රු. 129

සියලුම් ඩයලොග් පසුගෙවුම් සහ පෙරගෙවුම් පාරිභෝගිකයන්ට මේ ඇඩෝනය ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඒ සඳහා #006# අමතන්න. ඉදිරියේ දී Reload, SMS හරහා මෙන්ම MyDialog App එක හරහා ද Activate කරගන්න අවස්ථාව ලබා දෙන බව යි ඩයලොග් සමාගම දක්වන්නේ.

මේ පැකේජය Recurring හෙවත් සතිය අවසානයේ ස්වයංක්‍රීයව නැවත Activate වෙන්නේ නැහැ. එනිසා පසුගෙවුම් මෙන්ම පෙරගෙවුම් පාරිභෝගිකයන්ට අවශ්‍යතාව අනුව මෙය Activate කරගන්න පුළුවන්. ඒ වගේම, එක් වරකට වඩා මෙය සක්‍රීය කරගනිමින් Quota එක වැඩි කරගන්නටත් අවස්ථාව ලබා දී තිබෙනවා.

ඉතිරිව ඇති ප්‍රමාණයන් MyDialog App එක හරහා දැකගන්නට පුළුවන්. ඊට අමතරව, පෙරගෙවුම් පාරිභෝගිකයන්ට MYUSE ලෙස සඳහන් කොට 678ට SMS කිරීමෙන් ද එය බලාගන්නට හැකියි. දින 7 ඉක්මවීමට ප්‍රථම ඩේටා අවසන් වුවහොත් 1MB සඳහා සත 30ක් සහ බදු මුදලක් අයවීම සිදු වෙනවා.

මෙය Add-on පැකේජයක් නිසා ඔබ දැනට භාවිතා කරන පෙරගෙවුම් හෝ පසුගෙවුම් පැකේජ තිබිය දීම මෙය සක්‍රීය කරගෙන පාවිච්චි කරන්නට අවස්ථාව තිබෙනවා.

 

Related Articles

Exit mobile version