Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රස්සාවක් කරන්න උපාධියක් ඕනම ද?

ශ්‍රී ලංකාවේ විරැකියාවෙන් පෙලෙන තරුණයන් 1,47,535ක් සහ තරුණියන් 1,98,197ක් සිටින අතර මෙම තත්ත්වය දුර බැහැර ප්‍රදේශවල වඩාත් වැඩියි. නාගරිකව 61,040ක් සහ ගම්බදව 284,691ක් තරම් ඉහළ අගයක් ජාතික සංගණන වාර්තාවල දැක්වෙනවා. රැකියාවක් අවශ්‍ය නම් ඊට උපාධියක් තිබිය යුතුම බව බොහෝ දෙනාගේ මතයක් බවට පත්ව තිබෙන නමුත් උපාධිධරයන් කී දෙනෙක් නම් විරැකියාවෙන් පෙළෙනවා ද? ජීවිතයෙන් 3/4ක් පමණ කාලයක් පාසල් අධ්‍යාපනය ගත කරන දරුවන් අතරින් පිරිසක් සාමාන්‍ය පෙළ අසමත් නිසා තම අධ්‍යාපනය අතහැර ගන්නවා. තවත් පිරිසක් උසස් පෙළින් තම ගමන නිමා කරන්නේ ඇතැම්විට විශ්ව විද්‍යාල පිවිසුමට ඉතාම සුළු ලකුණු ප්‍රමාණයක් මදි වීමෙන්. විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා සමාජයට පිවිසෙන 26,000ක් පමණ සිසුන් අතරින් නූතනයේ වෛද්‍ය වෘත්තියත් අභිබවා යන්නට සැරසෙන තොරතුරු තාක්ෂණය සඳහා හැකියාවන් ලබන්නේ 1900ක් තරම් සුළුතරයක්.

රැකියා වෙළඳපොළට අපි හැඩ ගැසෙන තුරු විරැකියාව රජයනවා (netdna-ssl.com)

“ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” යන්න අපේ පැරණි කියමනක්. මෙලොව එළිය දකින සෑම කෙනෙක්ටම වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවරයෙක් වීමට හැකියාව නැහැ. එළිය පසුපස ගොස් තම ජීවිතය නසා ගන්නා මෙරු (ආවෝගියෝ) මෙන්, එවන් ඉලක්ක වෙනුවෙන් තමන්ගේ උත්පත්ති හැකියාවන් පසෙක ලන තමාට නොගැලපෙන විෂය ධාරාවන් හදාරන්නට ‍ගොස් අවසානයේ කිසිවක් කර කියා ගත නොහැකිව තම අධ්‍යාපනයත්, ජීවිතයත් නවතා ගන්නවා. එහෙත් උපාධියක් නැතිව වුණත්, උසස් රැකියාවකට අවශ්‍ය පරිදි තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්නට ඕනෑ තරම් මංමාවත් තිබෙනවා.

අන්තර්ජාල ඉගෙනුම් පාඨමාලා හෙවත් MOOCs

MOOC යනු විශාල සහ විවෘත මාර්ගගත පාඨමාලා යන්නයි (netapp.com)

MOOC හෙවත් Massive Open Online Courses කියන්නේ අන්තර්ජාලය හරහා තමන්ගේ දැනුම, අත්දැකීම් වර්ධනය කරගත හැකි පාඨමාලාවන්වලට යි. මේවා පරිගණක ක්‍රමලේඛනයට පමණක් සීමා වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය ඕනෑම විෂයයක් එනම්; කලාව, ව්‍යාපාර අධ්‍යයනය, ගණිතය හා තර්කමය පාඨමාලා, සෞඛ්‍යය, සමාජ විද්‍යා, භාෂා ඇතුළු පුළුල් පරාසයකින් තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්නට අවස්ථාව ති‍බෙනවා.

ඉතා අවම මුදලකට නිවසේ සිටම කළ හැකි නිසා විශ්ව විද්‍යාලයකට පිවිසුණාටත් වඩා පහසුවෙන් මේවා කරන්නට පුළුවන්. විශ්වවිද්‍යාලයයකට පිවිසීමේ දී බෝඩිමට, කෑමවලට වැනි අතිරේක වියදම් රැසක් දරන්නට සිදු වෙනවා. ඒත් ගෙදර සිටම මෙවන් පාඨමාලාවකට යොමු වීමෙන් වඩාත් සුවදායීව අඩු මානසික ආතතියකින් තමන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළට ගෙන යන්නට හැකි වෙනවා.

Udemy, Corsera, edX වැනි වෙබ් අඩවි ගණනාවක් මෙම අවස්ථාව ලබා දෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දී ඉහළ මිල පොත් මිල දී ගන්නට සිදු වුණත් මේවායේ සාම්ප්‍රදායික, කියවන්නට කම්මැලි පොත් වෙනුවට පරිගණක තිරය මත සිත්ගන්නා සුළු ආකාරයට, ඉගෙනීමට ආසා හිතෙන ආකාරයට සැකසූ පාඩම් මාලා ඇති අන්තර්ක්‍රියාකාරී (Interactive) පොත් තිබෙනවා. වීඩියෝ හරහා ඉගෙනීම්, පාඩම අවසානයේ ප්‍රශ්නමාලා, ව්‍යාපෘති සම්පූර්ණ කිරීම්, වෙනත් සිසුන් සමග සම්බන්ධ වෙමින් ගැටළු සාකච්ඡා කිරීම් පමණක් නොව අවසානයේ පිළිගත් සරසවියකින් සහතිකයක් ලබා ගන්නට ද හැකියාව තිබෙන නිසා රැකියාවකට සාර්ථකව මුහුණ දෙන්නට‍ අවශ්‍ය සවිබලය ඔබට ලැබෙනවා.

Coding ඉගෙන ගන්න කැමති අයට Bootcamp

කෙටි නමුත් ඵලදායී පාඨමාලා ක්‍රමයක් (thenewtopic.com)

සෑම ක්ෂේත්‍රයක්ම අභිබවමින් ඉදිරියට පැමිණ තිබෙන ක්‍ෂේත්‍රයක් වන තොරතුරු තාක්ෂණයට අපේ රටේ ලැබෙන අවධානය බොහොම අඩු යි. කුඩා කල සිටම පරිගණකය සමග ඔට්ටු වෙන කෙනෙක්ට වුවත් පාසල් විෂයය ධාරාවෙහි ගණිතය සමග ඔට්ටු වීමට ඇති නොහැකියාව නිසා තමන්ගේ හැකියාවන් යටපත් කරගන්නට සිදු වෙනවා.

විද්‍යා හෝ ගණිත විෂයයකින් උපාධිය හැදෑරූ කෙනෙක්ට පවා තොරතුරු තාක්ෂණයට කැමැත්තක් තිබුණත් එය සඵල කරගන්නට මෙතෙක් කල් ලංකාව තුළ වැඩි අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් දැන් ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයය සහ TRACE සංවිධානය එක්ව ගෙන එන re:START වැඩසටහන නිසා මාස 6ක් තරම් කෙටි කාලයකින් වෘත්තීය සුදුසුකම් ලබා ගන්නට ඔබට අවස්ථාව තිබෙනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්නට www.sltc.ac.lk/bootcamp වෙබ් අඩවියට පිවිසෙන්න.

මෙහි ඇති ප්‍රධානම වාසිය කෙටි කාලයකින් පූර්ණ පුහුණුවක් ලැබීමයි (netdna-ssl.com)

2011දී Code Academy වෙතින් (දැන් Full stack Academy ලෙස නම වෙනස් කර තිබෙනවා) හඳුන්වාදුන් මෙම Bootcamps නූතනයේ ලොව ශීඝ්‍රයෙන් ප්‍රචලිත වුණු ඉගෙනුම් ක්‍රමවේදයක්. මෙහි සිදුවන්නේ කෙටි කාලයක් තුළ කර්මාන්ත සම්මතයන්ට උචිත හැකියාවන්ගෙන් පරිපූර්ණ කර ඔබව රැකියාවකට සූදානම් කරවීම යි. උනන්දුවෙන් යුතු, අලුත් දෙයක් ඉක්මණින් ඉගෙන ගන්නට හැකියාව තිබෙන කෙනෙක්ට මේ ක්‍රමය මහත් පහසුවක් වෙනවා. විශ්වවිද්‍යාලවල අවුරුදු ගණන් ගෙවෙන වයස ගැන වද නොවී රැකියාවකට තමා තුළ තිබිය යුතු සුදුසුකම වේගයෙන් සකසා ගන්නට මේ හරහා අවස්ථාව ලැබෙනවා.

Flatiron School, General Assembly, Lambda school වැනි වෙබ් අඩවිවලින් Coding bootcamps පවත්වනවා. දත්ත විද්‍යාව, දත්ත වි‍ශ්ලේෂණය, JavaScript හා React ඇතුළු වෙබ් සංවර්ධකයෙක් වීමට අවශ්‍ය කේතකරණ දැනුම, මොබයිල් Apps සැකසීම, Python වැනි භාෂාවන්, ඩිජිටල් අලෙවිකරණය ආදී පුළුල් මාතෘකා ‍රැසක් ය‍ටතේ ඔබේ කැමැත්ත අනුව ඉගෙනීමට අවස්ථාව තිබෙනවා. Full stack web developer හෙවත් වෙබ් අඩවියක/ මෘදුකාංගයක පෙනුම සහ ක්‍රියාකාරීත්වය යන දෙකම තනිව සැකසිමේ හැකියාව මේවායෙන් ලබා ගැනීමට හැකි නිසා රැකියාවකට පිවිසීමේදී ඔබට ලැබෙන වටිනාකම බොහොම වැඩියි. සාමාන්‍ය ක්‍රමලේඛකයන් දෙදෙනෙක් (Front-end developer කෙනෙක් සහ Back-end developer කෙනෙක්) කරන වැඩ සියල්ලම තනිව කිරීමට ඔබට දැනුම තිබෙන නිසා ඔබේ සිහින රැකියාවට පියමං කිරීම එවිට තවදුරටත් අපහසු කටයුත්තක් බවට පත් වන්නේ නැහැ.

ඉතින් ඉතින් තොරතුරු තාක්ෂණය ගැන කුතුහලයක් තියෙනවනම්, coding කරන්න කැමති නම්, IT ෆීල්ඩ් එකේ ඉදිරියට යන්න අධිෂ්ටානයක් ඇත්නම්, අදම www.sltc.ac.lk/bootcamp වෙබ් අඩවියට පිවිස, එහි ඇති registration form එක පුරවන්න!

කවරය: rozee.pk

Related Articles