Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මාරක ගුවන් අනතුරකින් බේරුණු ආචාර්ය නෙවිල් කනකරත්න

එක්සත් ජාතීන්ගේ දෙවන මහලේකම් ඩැග් හැමර්ස්කොයිඩ්, 1961 වසරේ සැප්තැම්බර් මාසයේ 18 වන දා ස්වීඩනයට අයත් ඩීසී 6 ගුවන් යානයකින් ගමන් කරමින් සිටිය දී ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ දී මාරාන්තික ගුවන් අනතුරකට මුහුණ දීමෙන් මරණයට පත් වූ බව ඔබ අසා ඇති. 

අතිශය රහසිගත ඒ ගමන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් ලාංකිකයෙක් සහභාගී වීමට සිටියත්, අවසානයේ දී එම ගමන සඳහා ඒ ලාංකිකයා තෝරා ගැනෙන්නේ නෑ. ඒ හේතුවෙන් ඔහුට තවදුරටත් ජිවත් වීමට අවස්ථාව ලැබෙනවා. ඔහු එවකට එක්සත් ජාතීන්ගේ භාරකාරත්ව මණ්ඩලයේ උප සභාපති හා එක්සත් ජාතීන්ගේ ලේකම් කාර්යාලයේ නීති උපදේශක ලෙස කටයුතු කළ ආචාර්ය නෙවිල් කනකරත්න යි. 

ආචාර්ය නෙවිල් කනකරත්න 

දකුණේ සිට පළමුවැන්නා- ආචාර්ය නෙවිල් කනකරත්න, දකුණේ සිට තුන්වැන්නා- එක්සත් ජාතීන්ගේ තුන්වන මහලේකම් ඌ තාන්ට් (flickr)

නෙවිල් තීසියස් ධර්මපාල කනකරත්න ගාල්ලේ උපත ලබන අතර, කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හමාර කරනවා. රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස ද වරක් ඔහු කටයුතු කරනවා. පසුව ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඉතිහාසය පිළිබඳව මූලික උපාධිය ලබාගන්නවා. අනතුරුව, නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය පිළිබඳව හදාරන ඔහු පසුව රජයේ විවිධ නීති උපදේශන අංශයන් හි සේවය කරනවා. රාජ්‍ය තාන්ත්‍රික සේවාවේ නීති උපදේශන සඳහා ඇතුළත් වෙන ඔහු, බ්‍රිතාන්‍යයේ ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නීති නිලධාරියෙකු ලෙස ද කටයුතු කරනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභ්‍යන්තර ආයතන හයෙන් එකක් ලෙස භාරකාර මණ්ඩලය හඳුන්වා දෙන්නේ පුළුවන්. එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානය භාරයේ ලෝකය පුරා භූමි ප්‍රමාණයක් පැවති අතර, ඒවා භාරව කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ භාරකාර මණ්ඩලය යි (United Nations Trusteeship Council). භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනා යි (එක්සත් ජාතීන්ට අයත් භූමි මේ වන විට ලෝකයේ නොමැති බැවින් භාරකාර මණ්ඩලය දැන් ක්‍රියාත්මක වන්නේ නැත). එම භාරකාර මණ්ඩලයේ සභාපති ධූරයට පත් වීමට නෙවිල් කනකරත්නට හැකියාව ලැබෙනවා. තවත් වරෙක ඔහු, එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ (Secretary-General of the United Nations) නීති උපදේශකයෙකු ලෙස ද කටයුතු කරනවා.

කොංගෝ අර්බුදය සඳහා වූ එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම 

කොංගෝ අර්බුද සමයේ වධ බන්ධයනයන්ට ලක් කර මරා දැමූ එරට අගමැති පැට්‍රිස් ලුමුම්බා (wp.c)

1960 වසරේ බෙල්ජියම කොංගෝවට නිදහස ලබා දීමත් සමග කොංගෝවේ යුද ගිනි ඇවිලී යන අතර, එය සමථයකට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ට මැදිහත් වන්නට සිදුවෙනවා. කෙසේ නමුත්, මෙම ගැටළුව වඩා බරපතල එකක් බවට පත් වන්නේ ලෝක බලවතුන් අතර එකල ප්‍රබලවම පැවති ශීතල යුද්ධයත් මෙයට ඈඳීම නිසා යි. එක්සත් ජාතීන්ගේ සංවිධානය එවකට කොංගෝ අගමැති පැට්‍රිස් ලුමුම්බා ධූරයෙන් පහ කිරීමට නිල නොවන ලෙස සහාය දුන්නායැ යි පවසමින් සෝවියට් රුසියාව එවකට මහලේකම් ඩැග් හැමර්ස්කොයිඩ්ට ධූරයෙන් ඉවත් වන ලෙස බල කරනවා. කෙසේ නමුත්, ධූරයේ නිරුපද්‍රිතව රැඳීමට හැමර්ස්කොයිඩ්ට හැකියාව ලැබෙන අතර කොංගෝ ප්‍රශ්නය ද කෙමෙන් කෙමෙන් සමථයකට පත් වන සෙයක් දිස්වනවා. වැඩි කල් යන්නට මත්තෙන් නැවතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට කොංගෝව වෙත නෙත් යොමන්නට සිදුවෙන්නේ නැවතත් එහි උණුසුම් තත්ත්වයක් ඇති වීම නිසා යි. 

ගුවන් අනතුරෙන් මියගිය මහලේකම් ඩැග් හැමර්ස්කොයිඩ්

නොබෙදුණු එක්සත් කොන්ගෝවක් සඳහා කැරලි නායකයන්ව කැමති කරගත හැකි බව වටහාගත් එක්සත් ජාතීන්ගේ මහලේකම් හැමර්ස්කොයිඩ්, 1961 වසරේ සැප්තැම්බර් මස 18 වන දා කොංගෝ–උතුරු රොඩේෂියා මායිමේ පිහිටි න්ඩෝලා වෙත යාමට ඉතා රහසිගත සැලසුම් කරනවා. මහලේකම්වරයා සමග මෙම ගමන යෑම සඳහා දූත කණ්ඩායමක් රහසේ තෝරා ගන්නා අතර, මෙම කණ්ඩායමට ආචාර්ය කනකරත්න ද ඇතුළත් වෙනවා. නමුත්, එකී සාම සාකච්ඡාව සඳහා ප‍්‍රංශ භාෂාව පිළිබඳ මනා පරිචයක් අවශ්‍ය වූ බැවින් ආචාර්ය කනකරත්න වෙනුවට ප‍්‍රංශ නීති උපදේශකවරයෙකු ඒ සඳහා සහභාගී වීමට අවසානයේ දී තීරණය වෙනවා.

සැප්තැම්බර් 18 වන දා රාත්‍රියේ ගුවනින් සිදුවන මේ ගමන ඉතා රහසිගත එකක් වූ අතර, හැමර්ස්කොයිඩ් මෙන්ම තවත් කිහිපදෙනෙකු ද ස්වීඩනයට අයත් ඩීසී 6 ගුවන් යානයකින් කොංගෝවේ අගනුවරින් පිටත් වන්නේ ඉතා අතළොස්සකගේ අනුදැනුම මත යි. භූමියෙන් එල්ල විය හැකි ප්‍රහාරයන්ගෙන් බේරීම සඳහා වටරවුම් මාර්ගයකින් න්ඩෝලා වෙත සාර්ථකව ළඟා වෙනවා. නමුත්, ගුවන යානය ගොඩබැස්ස වීමට මොහොතකට පෙර එය කඩා වැටෙන අතර, මේ හේතුවෙන් ගමන් කළ කණ්ඩායමේ එක් පුද්ගලයෙක් හැර හැමර්ස්කොයිඩ් ඇතුළු අනෙක් සියල්ල මරණයට පත් වෙනවා. ගුවන් අනතුර සඳහා ඇමෙරිකාවේ CIA සංවිධානය වගකිව යුතු බවට මතයක් පැතිරී ගිය නමුත්, ගුවන් අනතුර සිදුවූයේ වෙහෙස වූ ගුවන් නියමුවන් හා වැරදි සිතියමක් හේතුවෙන් බව පසුව තහවුරු වෙනවා.

යානයේ සුන්බුන් (afripost.net)

ලංකාවෙන් බිහි වූ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් 

ආචාර්ය නෙවිල් කනකරත්න ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත්, පසුව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙසත් සේවය කරනවා. ඉන් අනතුරුව නෙවිල් කනකරත්න දකුණු පළාත් ආණ්ඩුකාරවයා ලෙස ද කටයුතු කරනවා.

මූලාශ්‍රයයන්- 

Lk.one.un.org

Un.int

Related Articles