කොමඩු ලොවේ ගණන්කාරයා – යුබාරි කිං

1960 දශකයේ දී ජපානයේ හොක්කයිඩෝ දූපත ආශ්‍රිතව බිහි කළ එක්තරා කොමඩු ප්‍රභේදයක් වර්තමානය වන විට ලෝකයේ මිලෙන් අධික ම කොමඩු වර්ගය බවට පත් ව තිබෙනවා.

ලෝකයේ වැඩිපුර පරිභෝජනය කරන පලතුරු වර්ග අතුරින් කොමඩුවලට ප්‍රමුඛස්ථානයක් හිමි වනවා. රටවල් රැසක් ආශ්‍රිත ව වගා කරන විවිධ කොමඩු ප්‍රභේද අතුරින් ජපානයේ යුබාරි කිං ප්‍රභේදය තරමක් විශේෂ යි.

ඒ යුබාරි කිං දැනට ලෝකයේ ඉහළ ම මිලකට අලෙවි වන කොමඩු ප්‍රභේදය නිසා යි. 1961 දී ස්පයිස් කැන්ටලූප් සහ අර්ල් මෙලන් යන කොමඩු ප්‍රභේද දෙමුහුන් කිරීමෙන් යුබාරි කිං කොමඩු ප්‍රභේදය බිහි කළා.

කවරයේ ඡායාරූපය- යුබාරි කිං කොමඩු - The Independent 

Related Articles

Exit mobile version